Sep 19, 2017

බොඩි ෂොප් ටී ට්‍රී නයිට් මාස්ක් මෙරටටත්

ලොව ජනප්‍රියතම රූපලාවන්‍ය සන්නාම නාමයක් වන ‘ද බොඩි ෂොප්’ විසින් සිය ජනප්‍රියතම ටී ට්‍රී රූපලාවන්‍ය එකතුවට නව නිෂ්පාදනයක් එක් කර තිබේ.  

ටී ට්‍රී ඇන්ටි-ඉම්පර්ෆෙක්ෂන් නයිට් මාස්ක් ආලේපනය (Tea Tree Anti-Imperfection Night Mask) පසුගියදා මෙරට වෙළඳපොලට හඳුන්වාදී තිබේ.

ලප කැළැල් සහිත කාන්තා හා පිරිමි සම යළි පැහැපත් කරන මෙම නයිට් මාස්ක් ආලේපනයේ ඇතුළත් මූලික ද්‍රව්‍යය වන්නේ කෙන්යාවේ ටී ට්‍රී තෙල් ය. සමට සිසිලසක් ලබාදෙන මෙම ආලේපනය සමෙහි අතිරේක තෙල් පාලනය කරමින් සමෙහි ලප කැළැල් දුර්වර්ණතා මකා දමයි.

මෙම නිෂ්පාදනය බගතලේ පාර කොළඹ 03 පිහිටි ‘ද බොඩි ෂොප්’ අලෙවිසැලෙන් හා කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ පිහිටි ඔඩෙල් ශාඛාවෙන් ද ලබාගත හැක.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top