Sep 20, 2017

Sony SHAKE නිෂ්පාදන පෙළක් මෙරටට (ඡායා)

SHAKE මාදිලියේ නිෂ්පාදන පෙළක් සහ EXTRABASS™ ස්පීකර් පෙළක් Sony International (Singapore) වෙතින් හඳුන්වා දෙයි.  

Sony නිෂ්පාදන මෙරට බෙදාහැරීමේ බලයලත් නියෝජිතයා වන සිංගර් ශ්‍රී ලකා විසින්  මෙම උපාංග ශ්‍රී ලංකාවට  හඳුන්වා දීමේ අවස්ථාව ඊයේ (19) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පවත්වනු ලැබීය.

SHAKE මාදිලියේ    සහ EXTRABASS™ මාදිලියේ මෙම උපාංග ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා මෙන්ම නිවසේ පරිහරණය සඳහා ගැලපෙන නිෂ්පාදනයන්ය.  රිද්මයානුකූල ආලෝක ධාරා සමඟ අධිබලැති සුපැහැදිලි ශබ්ද සහිත මෙම උපාංග ඉතා පහසුවෙන් එහා මෙහා රැගෙන යා හැකි නිෂ්පාදනයකි.  නර්තන අවස්ථාවන්  වැනි අවස්ථාවන් සඳහා විශාල ප්‍රමාණයේ ශබ්ද පද්ධති ස්ථාපනය කිරීම වෙනුවට මෙම උපාංග මඟින් අධිබලැති සුපැහැදිලි ශබ්ද ලබාගැනීමට හැකියාව ලැබේ.

මෙම උපාංග හඳුන්වා දීමේ අවස්ථාවට එක්වූ  Sony international(Singapore) හි ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ  ශාඛා ප්‍රධානි ජස්ටින් වොන්ග්  මහතා සඳහන් කළේ  වර්තමානය වන විට Sony ලොව ප්‍රමුඛතම සන්නාමයක්  බවට පත්ව ඇති බවයි.  පාරිභෝගික විශ්වාසය දිනූ  Sony විසින් හඳුන්වා දෙන නවතම නිෂ්පාදන වන  SHAKE මාදිලියේ    සහ EXTRABASS™ මාදිලියේ  ශබ්ද උපාංග සිය නිෂ්පාදන පෙළ අතරට එක්වන තවත් අනගිතම නිෂ්පාදනයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙම නව නිෂ්පාදන කෙරෙහි ඉහළ පාරිභෝගික ආකර්ශණයක් හිමිවන බව ද , විශේෂයෙන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා විමසුම් ඇසක් සහිත පාරිභෝගිකයෙකු වන බැවින් ඔවුන් ඉතා ඉක්මනින් මෙම නිෂ්පාදන වෙත ආකර්ශනය වනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය.

EXTRABASS™ වයර් රහිත ස්පීකර් මාදිලිය SRS-XB10, SRS-XB20, SRS-XB30  සහ  SRS-XB40 ආදී නිපැයුම් පෙළකින් සමන්විත වෙයි. ඕනෑම ස්ථානයක සහ අවස්ථාවක  ක්‍රියාත්මක කරවිය හැකි වීම  මෙම ස්පීකර් මාදිලිය සතු විශේෂත්වයකි. එම අධිබලැති සුපැහැදිලි ශබ්ද  පද්ධතින් අනුවම ක්‍රියාකරන රිද්මයානුකූල ආලෝක ධාරා මඟින් උපරිම රසවින්දනයක් ලබාගැනීමට අවස්ථාව සැලසෙයි. ඉතා පහසුවෙන් පරිහරණය කළ හැකි  පහසුකම් සහිත මෙම උපාංග පෙළ Bluetooth ඔස්සේ ක්‍රියාත්මක කළ හැකි පහසුකම් වලින් ද යුක්ත වෙයි.

පහසුවෙන් ඕනෑම තැනක රැගෙන යාහැකි ප්‍රමාණයෙන් නිෂ්පාදිත මෙම උපාංගවල බැටරි ආයු කාලයද දිගුකල් පවතින නිසා ඕනෑම තැනක රැගෙන යාමට හැකියාව පවතී. එමෙන්ම ජලයට ඔරොත්තු දෙන ආකාරයට මෙම උපාංග නිපදවා ඇති නිසා පිහිනුම් තටාකයකදී වුව ක්‍රියාත්මක කරවීමේ පහසුකම් සහිත වෙයි. ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක හැසිරවිය හැකි නිසා මෙම උපාංග පරිහරණය කිරීම තවදුරටත් පහසු වෙයි.

EXTRABASS™ මාදිලිය යටතේ හඳුන්වා දෙන MHC-V90DW, GTK-XB60  සහ  GTK-XB90 ආදී මාදිලි ගෘහාශ්‍රිත පරිහරණය සඳහා සුදුසු ශබ්ද උපාංග වන අතර නිවාස ආශ්‍රිතව පැවැත්වෙන සාද සඳහා මෙම නිෂ්පාදන වාඩාත්සුදුසු වෙයි. මේ අතරින් GTK-XB60 මාදිලිය  කිලෝග්රූම් 8ක් බරැති නිෂ්පාදනයක් වන අතර සහන මිලකට මිලදී ගත හැකි වීම එහි ඇති විශේෂත්වයකි.  පැය 14ක් දක්වා වන බැටරි කාලයකින් සමන්විත මෙම උපාංග විවිධ වර්ණයන් ගෙන් මිලට ගත හැකි වීම ද විශේෂත්වයකි. GTK-XB90 මාදිලිය අධි ශබ්ද  සහිත මාදිලියක් වන අතර එය කිලෝග්රූම් 14ක් බරකින් යුක්ත වෙයි. උත්සව අවස්ථාවන්ට ගැලපෙන ආලෝක ධාරා පද්ධතියකින් ද මෙම උපාංගය සමන්විත වෙයි.
 
Sony වෙතින් හඳුන්වා දෙන SHAKE-X10D  සහ  SHAKE-X70D යන මාදිලි ද ගෘහ ආශ්‍රිත පරිහරණය සඳහා නිපදවා ඇති අතර එම උපාංග විසිත්ත කාමරයේ  තැබිය හැකි ශබ්ද උපාංගයකි. SHAKE-X70D රූපවාහිනිය සමඟ කෂ්ණිකව සම්බන්ධ කළ හැකි  HDMI පහසුකම් සහිත සහ DVD player ලෙස ක්‍රියාකිරීමේ පහසුකම්ද සහිතව නිපදවා ඇත. තරමක් උස් වූ මෙම උපාංගය රිද්මයානුකූල ආලෝක ධාරා වලින් සමන්විත වෙයි. මෙම සෑම මාදිලියක්ම වයර් රහිතව ක්‍රියාත්මක කළ හැකි වීම නිසා නිවසේ විසිත්ත කාමරය හෝ සාදයක් පැවැත්වෙන ඕනෑම ස්ථානයකට රැගෙන යාමට ඇති පහසුව විශේෂත්යවකි. මෙම උපාංග අතරට MHC-V77D, MHC-V50D සහ  MHC-V11 යනාදී මාදිලි ද අයත් වෙයි.

මෙම නිෂ්පාදන දිවයිනේ විශාලතම බෙදාහැරීම් ජාලය වන සිංගර් ශ්‍රී ලංකා හි  සිංගර්මෙගා, සිංගර් ප්ලස් සහ සිසිල් වර්ල්ඩ්  ඇතුළු දිවයින පුරා විහිදුන 420 කට අධික ශාඛා ජාලය ඔස්සේ මිලදී ගැනීමට හැකියාව ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top