Sep 21, 2017

ඊයේ දිනයේ ගත් ඇමතුම් සහ SMS සියල්ල නොමිලේ

ලංකාවේ මිලියන 11 කට ආසන්න පාරිභෝගිකයින් පිරිසක් භාවිත කරන ඩයලොග් ජංගම දුරකථන සේවා ජාලයේ ඊයේ (20) පස්වරුවේ ඇතිවූ තාක්ෂණික ගැටලු හේතුවෙන් විශාල පිරිසක් අපහසුතාවයට ලක්විය.

ඒ අනුව පැය කිහිපයක් පුරා සන්නිවේදන සබදතා බිඳ වැටිණ.

වරින්වර සංඥා ඇතිවීම හා නැතිවීම සිදුවූ බව ඩයලොග් භාවිතා කරන්නන් විසින් පැමිණිලි කර තිබිණ.

ජාලය තුළම වෙනත් අංකවලට ඇමතුම් ලබාගැනීම විශේෂයෙන් අපහසු වූ අතර පාරිභෝගික සේවා අංකයද ක්‍රියාත්මක නොවිය.

කෙසේවෙතත් ඊයේ දිනයේ ඇතිවූ මෙම බිඳ වැටීම නිසා ඩයලොග් ආයතනයෙන් පාරිභෝගිකයන්ට සහන සේවාවක් දී තිබේ.

එනම් ඩයලොග් පාරිභෝගිකයන් විසින් ඊයේ දිනයේ ලබා ගත් ඇමතුම් සහ කෙටි පණිවිඩ (SMS )සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවට ඔවුන් ප්‍රකාශ කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top