Sep 26, 2017

Huawei හි Super Charge තාක්ෂණය TÜV Rheinland හි ඇගයීමට

Huawei හි Super Charge තාක්ෂණය සඳහා  TÜV Rheinland සහතිකය හිමිවූ බව Huawei ව්‍යපාර සමූහය නිවේදනය කරයි. Huawei හි  Super Charge තාක්ෂණය පිළිබඳව  සුවිශේෂි වූ පරීක්ෂණ රැසකින් පසු ලොව ප්‍රමුඛතම ආරක්ෂක උපාංග ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛයින් වන TÜV Rheinland විසින්  මෙම සහතිකය පිරිනමා තිබේ.  Adapters, IC circuits සහ  charging cable යනාදී බැටරි ආරෝපන ක්‍රියාවලියට සම්බන්ධ සියලු අංග මෙහිදී පරීක්ෂාවට ලක් කර  තිබේ. low temperature සහ thermal shock ආදී පරීක්ෂා රැසකින් පසු TÜV Rheinland සඳහන් කර ඇත්තේ  එම සියලු අංග නිසි ප්‍රමිතියට පවත්වාගෙන යමින්  Huawei විසින් වේගවත් ආරෝපණයක් පමණක් නොව වඩාත් ආරක්ෂාකාරී ආරෝපණයක් සිය පාරිභෝගිකයා වෙත සපයන බවයි.

ලොව පුරා  පාරිභෝගික භාණ්ඩ වල ආරක්ෂාකාරීත්වය පිලිබඳව වසර 145 කට අධික කාලයක් කටයුතු කරමින් සිටින බවTÜV Rheinland හි විදුලි  නිෂ්පාදන ක්ෂේත්‍රයේ උප සභාපති කල්යාන් වර්මා ප්‍රකාශ කලේය. වත්මන් යුගයේ අවශ්‍යතාවක් වන ස්මාර්ට්ෆෝනයේ  බැටරි ආරෝපණය වේගවත්ව සිදු කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමේදී Huawei සමාගම එම කාර්යය අකුරටම ඉටු කරන  බව තහවුරු වූයේ යැයි ද එ මහතා පෙන්වා දුන්නේය. තම ආයාතනය පාරිභෝගික ආරක්ෂාව ප්‍රධාන කොටම සලකන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වන Huawei පාරිභෝගික ව්‍යාපාර සමූහයේ ස්මාර්ට්ෆෝන් අංශයේ උප සභාපති බෘස් ලි  මහතා පෙන්වා දුන්නේ තම සෑම නිෂ්පාදනයක් තුලින්ම පාරිභෝගිකයා අපේක්ෂා කළ විශේෂාංග හඳුන්වා දීමට අපේක්ෂා කරනවා මෙන්ම සිය තරඟකරුවන්ට ද අත්දැකීමක් ලබාදීමට කටයුතු කරන බවයි. TÜV Rheinland හා සම්බන්ධ වීමෙන් පසු වේගවත් හා ආරක්ෂාකාරී  ආරෝපණයක් ලබාදීම පමණක් නොව ව්‍යාපාරික තරඟකරුවන්ට සම කළ නොහැකි ආරක්ෂාව පිළිබඳ සහතිකයක්  ලබාදී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

Huawei හි  Super Charge තාක්ෂණය යටතේ ස්මාර්ට්ෆෝනය හා චාර්ජරය අතර අඛණ්ඩ  සන්නිවේදනයක් පවතී, එම සන්නිවේදනයට අනුව  සවංක්‍රියවම නිසි වෝල්ටීයතාවට අනුව  බැටරිය  ආරෝපණය  කරයි. මෙහිදී සෑම ආරෝපණය කිරීමක්ම  නිරීක්ෂණය කෙරෙන අතර වැඩිපුර යෙදෙන බලය ප්‍රයෝජනවත් ආකාරයට යෙදවීම සඳහා ස්වයං ක්‍රියාවලියක්  ක්‍රියාත්මක වෙයි. 4.5V/5Alow ධාරිතාවයක  වේගයෙන් ආරෝපණය වන   Huawei හි  Super Charge තාක්ෂණය තුළින් ආරෝපනය වීමේ දී  ස්මාර්ට්ෆෝනයේ ආරක්ෂා කාරීත්වය වැඩි දියුණු කරවයි.

මීට අමතරව සෑම  Huawei නිෂ්පාදනයක්ම  විදුලි බලය බිඳ වැටීමකදී ,වැනි තත්වයන් වලදී  ආරෝපනය වීම  ස්වංක්‍රියවම ක්‍රියා විරහිත වන ආකාරයට නිපදවා තිබේ. මේ නිසා හදිසි ගිනි ගැනීම් වැනි අනතුරු වලින්ද ආරක්ෂාව තහවුරු කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top