15976 BM WEB BANNER 01
Sep 27, 2017

ෆ්ලෙමින්ගෝ වෙතින් නවතම ඩියුටි ෆ්‍රී සාප්පුවක්

 'ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී' සිය සේවාව පුළුල් කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේ  නවතම තීරු බදු රහිත සාප්පුව  විවෘත කළ බව එහි ප්‍රධාන විධායක නිලධාරී පී.කේ තිමයියා මහතා ඊයේ( 27 දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ  Core වර්ගීකරණය යටතේ වසර 5 ක කාලයකට තීරු බදු රහිත ස‍ාප්පුවක් පවත්වාගෙන යාමේ ගිවිසුමක් පසුගියදා ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී සඳහා පිරිනමනු ලැබීය.

මෙම සාප්පුවේ ඇති විශේෂත්වය වන්නේ එහි නිදහසේ ගමන් කිරීමට ඇති පහසුව සහ සුවිශේෂී වර්ගීකරණ කලාපයයි. විශේෂයෙන් සුවඳ විලවුන්, ආලේපන වර්ග සහ චොක්ලට් වර්ග වැනි භාණ්ඩ සඳහා ඇති ඉඩ පුළුල් කර තිබේ. ජාත්‍යන්තර වෙළදනාම වලින් යුතු තවත් භාණ්ඩ රැසක් ගෙන්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව තිමයියා මහතා සඳහන් කරයි.

ෆ්ලෙමින්ගෝ 2015 වර්ෂයේ ජූනි මස සිට මෙරට තීරු බදු රහිත සාප්පු ක්ෂේත්‍රයේ පළමුවරට ආරම්භකළ Loyalty වැඩසටහන යටතේ 25000 කට අධික සාමාජිකයන් පිරිසක් එක්රොක් කර ගැනීමට සමත්ව සිටියි.

මීට අමතරව ගුවන් මගීන්ගේ පියාසර සැතපුම් ප්‍රමාණයට අනුව විශේෂ දීමනා පිරිනැමීමටද ෆ්ලෙමින්ගෝ විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය හා අත්වැල් බැඳසිටියි. වේගයෙන් වර්ධනය වන Peoples Republic of China (PRC) කාණ්ඩයේ ගුවන් මගීන් ඉලක්කකර ගනිමින් UnionPay ජාත්‍යන්තර වෙළද සමාගමේ හවුල්කරුවන් ලෙසත් ෆ්ලෙමින්ගෝ කටයුතු කරයි. මාස්ටර් කාඩ්පත් සහ වීසා කාඩ්පත් හිමි පාරිභෝගිකයින් සඳහා විශේෂ වරප්‍රසාද ලබා දී තිබේ.

පාරිභෝගිකයන්ට සිය සාප්පු සවාරිය වඩාත් උද්දීපනය කර ගැනීමට ෆ්ලෙමින්ගෝ සිය වෙළෙඳනාම සහකරුවන් හා එක්ව ප්‍රවර්ධන වැඩසටහන් ද ආරම්භ කර තිබේ. ඒ අනුව ඇපල් වෙළෙඳනාම යටතේ ඇති නිෂ්පාදන වර්ග රත්රන් සහ මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. මෑතකදී Pernod Ricard ආයතනය සමග එක්ව සංවිධාන සංවිධාන කළ ‘It's Your Lucky Day‘ ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී වූ මලිත් ඩිසාලා මහතා අමෙරිකානු ඩොලර් දහසක (US$1000) මුදල් ත්‍යාගයක් දිනාගත් අතර Diageo - The Gift to Give Since 2011 ප්‍රවර්ධන වැඩසටහනට එක්වූ එම්.එම්.කේ. රණවන මහත්මිය ‘මහා තෑගි මල්ලේ‘ ජයග්‍රාහකයා බවට පත්වෙමින් ග්‍රෑම් සියයක (100g) බරකින් යුතු රන් කාසියක් දිනාගත්තේය.

ෆ්ලෙමින්ගෝ හී ක්‍රියාකාරී සමාජ සත්කාරක ආයතනය වන ෆ්ලෙමින්ගෝ පදනම (Flemingo Foundation) ඔවුන්ගේ සමාජ සත්කාරක වැඩසටහනේ කොටසක් ලෙස දෙවැනි වසරටත් එම වැඩසටහනේ සංගීත ව්‍යාපෘතියට සහාය දැක්වීමට සාඩම්බරව ඉදිරිපත්වී සිටි. ‘කුරුණෑගල ලක්දාස් ද මැල් විදුහලේ දරුවන්ගේ සංගීතමය හැකියාවන් දියුණු කිරිමට සහයෝගය දැක්විමට අවස්ථාවක් ලැබීම ඉමහත් ගෞරවයක්‘ තිමයියා මහතා පැවැසීය.

විවිධ නිෂ්පාදන  හා වෙළෙඳ නාම යටතේ ගුවන් මගීන්ට ප්‍රතිලාභ රැසක් ලබාදීම තුළින් ඔවුන්ට වාසි ගෙන දෙන විශිෂ්ට තීරුබදු රහිත සාප්පු සවාරියක අත්දැකීමක් අත්කර දීමට තමා සහ තම කාර්ය මණ්ඩලය නිරතුරුවම කැපවී සිටින බව තිමයියා මහතා නැවතත් අවධාරණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top