Oct 04, 2017

SOS ගම්මාන ළමුන්ට ප්‍රඥාව දෙන්න ‘ප්‍රඥා’ එයි

දරුවන් ගේ බුද්ධිමය හා සමාජීය වර්ධනය උදෙසා අඩිතාලම වනුයේ  අධ්‍යාපනය හා බුද්ධි වර්ධනය බව හඳුනාගනිමින් හැටන් නැෂනල් බැංකුව විසින් SOS ළමා ගම්මාන හා එක්ව ‘ප්‍රඥා’ ගිණුම විවෘත කර තිබේ.
 
ශ්‍රී ලංකාව පුරා පවතින SOS ළමා ගම්මාන වල ළමුන් 4,500ක පමණ පාසැල් අවශ්‍යතා සැපිරීමට හා අධ්‍යාපනය සඳහා සහය ලබාදීම මෙහි අරමුණයි.
 
මෙම අවස්ථාව සැමරීම කිරීම සඳහා පිළියන්දල SOS ළමා ගම්මානයේ දී කුඩා උත්සවයක් පසුගියදා පැවැත්වුණු අතර,  මෙම අවස්ථාවට SOS ගම්මාන ජාත්‍යන්තරයේ සභාපති සිද්ධාර්ථ කවුල් හා හැටන් නැෂනල් බැංකුවේ ජේ‍යෂ්ට කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් සහභාගී විය.
 
දිවයින පුරා හැටන් නැෂනල් බැංකු ශාඛා වලින් හා ATM යන්ත්‍ර මගින් ‘ප්‍රඥා’ ගිණුමට ප්‍රවේශ වීමට හැකිය.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top