15976 BM WEB BANNER 01
Oct 05, 2017

කුරුළෑ වලට රීබොන් වෙතින් විසඳුමක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර රූපාලංකරණ නිෂ්පාදන සමාගමකවන රීබොන් කොස්මැටික්ස් සමාගම කුරුළෑ ආසදනය මර්දනය කරන තවත් අනගි නිෂ්පාදන 2ක් වන ReeBonn Herbal Anti Acne Gel හා ReeBonn Herbal Facial Cleanser පසුගියදා මෙරට වෙළෙඳපොලට හඳුන්වාදෙයි.

දින තුනක් භාවිතා කරන විට පැහැදිලි වෙනසක් පෙන්නුම් කරන මෙම ReeBonn Herbal Anti Acne Gel හා ReeBonn Herbal Facial Cleanser හි විශේෂත්වය වන්නේ එහි අමුද්‍රව්‍ය ලෙසින් කුරුළෑ මර්දනය හා අඳුරු ලප ඉවත්කිරීමට පාරම්පරික ආයුර්වේදයේ නිර්දේශිත ස්වභාවික කොහොඹ, ලෙමන් සාරය, ටී ට්‍රී තෙල් ඇතුළත්වීම හා 100%ක්ම සබන් රහිතවීමය.

එයට අමතරව, සමට ගැලපෙන Ph අගයකින් යුතුවීම මෙහි තවත් විශේෂත්වයකි.

ReeBonn Herbal Anti Acne Gel හා ReeBonn Herbal Facial Cleanser මෙරට වෙළෙඳපොලට හඳුන්වාදීමේ අවස්ථාවට එක්වූ රීබොන් කොස්මැටික්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක - එස්. ශිවරාජා මහතා පැවසුවේ “මෙරට කතුන් හා යුවතියන් අතරේ බහුල රූපාලංකරණ ගැටළුවලට කදිම හා නිවැරදි විසඳුම් සැපයෙන ආයූර්වේදීය පදනමකින් යුත් ස්වභාවික ශාකසාර නිෂ්පාදන මෙරට වෙළෙඳපොලට එක්කිරීමට අප සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශය නිරන්තරයෙන්ම වෙහෙසෙනවා. අප වෙළෙඳපොලට අළුතෙන් එක් කළ ReeBonn Herbal Anti Acne Gel හා ReeBonn Herbal Facial Cleanser එසේ සමාගම දිගු කාලයක් පුරා කුරුළෑ මර්දනයට නිවැරදි විසඳුමක් සැපයෙන නිෂ්පාදනයක් සම්බන්ධයෙන් සිදු කළ විවිධ පර්යේෂණ වල ප්‍රතිපලයක්. ReeBonn Herbal Anti Acne Gel හා ReeBonn Herbal Facial Cleanser කුරුළෑ මර්දනය හා අඳුරු ළප ඉවත්කිරීමට වඩාත් කදිම ආලේපණයක් වන්නේ දවස් 3ක් ඇතුළතදී එමගින් පැහදිලි වෙනසක් දැකිය හැකි වීමෙනුයි.”
 
ReeBonn Herbal Anti Acne Gel ග්‍රෑම් 30 ඇසුරුමෙන් හා ReeBonn Herbal Facial Cleanser මිලිලීටර් 120 ඇසුරුමෙන් ලබාගත හැක.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top