Oct 13, 2017

‘කොට්න් කලෙක්ෂන්’ ප්ලාස්ටික් භාවිතය අඩු කරන්න යයි

ප්ලාස්ටික් භාවිතය අඩු කරමින් පරිසරය සුරැකීමේ වගකීමට දායකත්වය ලබාදෙමින් මෙරට ජනප්‍රිය ඇඟලුම් සමාගමක් වන ‘කොට්න් කලෙක්ෂන්’ සමාගම නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

‘Bring Your Own Bag’ ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ යළි යළිත් භාවිතා කළ හැකි රෙදි බෑගයක් භාවිතා කිරීමේ විකල්පය ‘කොට්න් කලෙක්ෂන්’ පාරිභෝගියන් හට හිමිවෙයි.

පරිසරය සුරැකීම පිළිබඳ විවිධ පාඨයන් ප්‍රදර්ශනය කරන මෙම බෑගයට, කිලෝග්‍රෑම් 8ක් දක්වා බර දැරිය හැකි වේ.

මේ වන විට මෙම බෑගය, එහි නිෂ්පාදන මිලට අඩුවෙන් පාරිභෝගිකයන් හට ලබාදුන්න ද සිය අවසන් අරමුණ වන්නේ එය කෙදිනකදී හෝ නොමිලේ පාරිභෝගියන් වෙත ලබාදීම බව ‘කොට්න් කලෙක්ෂන්’ නිර්මාතෘ / කළමනාකාරී අධ්‍යක්ෂිකා නිලූෆර් අන්වර්අලී පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top