Oct 17, 2017

ගිනි ගණන් නිසා කොළඹ හෝටල් අමාරුවේ!

සාපේක්ෂ ලෙස කාමර ගාස්තු ඉහල යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ නාගරික හෝටල් වල ආකර්ෂණය අහිමි වනු ඇතැයි ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසයි.

විශේෂයෙන්ම තරු පන්තියේ කොළඹ හෝටල් වල මෙම ගාස්තු ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ අවම කාමර අනුපාත නියාමනය, ඉදිකිරීම් වියදම් හා බලශක්ති ගාස්තු වැඩිවීම බව ඔවුන් සඳහන් කරයි.

කොළඹ නගරයේ තරු පහේ පිහිටි තරු පහේ හෝටල් කාමරයක් එක් රාත්‍රියක් සඳහා සාමාන්‍යයෙන් බදු සහිතව ඩොලර් 180 ක් පමණ වන අතර, ඊට සාපේක්ෂව බැංකොක් (USD175), ක්වාලාලම්පූර් (USD165), චෙන්නායි (USD130) සහ මුම්බායි (USD168) වැනි නගර වල එවැනි පහසුකම් වඩාත් මිල අඩු වේ.

මෙහෙයුම් පිරිවැය හා බදු ඉහළ යාම හේතුවෙන් ද ගෘහස්ත හෝටල් ක්‍රියාකරුවන් පීඩනයට පත්ව තිබේ. මෙහෙයුම් පිරිවැයෙන් 10% -15% ක් අතර ප්‍රතිශතයක් වන්නේ බලශක්ති පිරිවැයයි.

සංචාරකයන් විසින් දෛනිකව මෙරට වියදම් කරන ප්‍රමාණය 2020 වන විට ඩොලර් 210 ක දක්වා ගෙන ඒම සඳහා රජයේ ඉලක්කය කරා යාමට නොහැකි වනු ඇති බවද ෆිච් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top