Oct 19, 2017

පීපල්ස් ලීසිං හට සිංගප්පූරුවේදී හරසර

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම හා අප්රබද්ධ සමාගම්වල මානව සම්පත් ප්‍රධානී" යුරේෂ් ජයසේකර ආසියානු මානව සම්පත් ක්ෂේත්රයේ කීර්තිමත් සම්මානයකවන ‘HR Leadeship Award’ සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය.

යුරේෂ් ජයසේකරට එම සුවිශේෂී සම්මානයන් හිමිවූයේ සිංගප්පූරුවේ Le meridien Sentosa හෝටලයේ පැවැති 8වන ‘Asia Best Employer Brand Awards-2017’ සම්මාන උළෙලේදීය.

ජගත් මානව සම්පත් සංවර්ධන කොංග්‍රසය ‘World HRD Congress’  විසින් වාර්ෂිකව සංවිධානය එම සම්මාන උළෙලේදී ‘HR Leadeship Award’ සම්මානය පිදුම් ලබන්නේ ආසියානු කලාපයේ මානව සම්පත් ක්ෂේත්‍රයට විශිෂ්ට දායකත්වයක් ලබාදුන් වෘත්තිකයන්ට පමණි.

එමෙන්ම මෙම සම්මාන උළෙලේදී පීපල්ස් ලීසිං සමාගමටද දෙවනවරටත් ‘Asia Best Employer Brand Awards-2017’ සම්මානය හිමිවීම සුවිශේෂත්වයකි.

මෙරට මානව සම්පත් කළමනාකරණය පිළිබඳ විශේෂ වෘත්තිකයෙකුවන යුරේෂ් ජයසේකර ඇගළුම්, රෝහල්, රක්ෂණ හා මූල්‍ය යන ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛතම වෘත්තිකයෙකු ලෙසින් 18 වසරක අත්දැකීම් හා පළපුරුද්ද ලැබූවෙකි. කැලණිය විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාවේදී ගෞරව උපාධියකට හිමිකම් කියන ජයසේකර කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් ඩිප්ලෝමාධරයෙකි.

එමෙන්ම කොළඹ විශ්ව විද්යාලයේ මානව සම්පත් කළමනාකරණයෙහි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියට හිමිකම් කියන ඔහු විවෘත විශ්ව විද්යාලයේ කළමනාකරණ ඩිප්ලෝමාධාරියෙකු ද වේ. එමෙන්ම යුරේෂ් ජයසේකර මෙම 2017 වසරේදී ඉන්දියාවේ මුම්බායි හි HRD  ජුබිලි සංවත්සරය යෙදුණු සම්මාන උළෙලේදී ‘100 Most Influential Global HR Professionals’ නම් කීර්තිමත් සම්මානයෙන් ජාත්‍යන්තර පිළිගැනුමට ලක්ව තිබේ.

වසර 2007 දී පීපල්ස් ලීසිං සමාගමට එක්වූ යුරේෂ් ජයසේකර එම සමාගම හා එයට අනුබද්ධිත සමාගම්වල මානව සම්පත් අංශයට නායකත්වය හා මගපෙන්වීම දෙමින් SLITAD People Development සම්මාන උළෙලෙහි 2014 හා 2015 වසරවලදී පිළිවෙලින් රිදී හා රන් සම්මාන හිමි කරදීමට සමත් විය. එයට අමතරව ඔහුගේ නායකත්වය මත ‘ජාතික මානව සම්පත් විශිෂ්ටතා-2016’ රිදී සම්මානය හා වාර්ෂිකව සිංගප්පූරුවේ පැවැත්වෙන මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් ආසියාවේ පිරිනැමෙන විශිෂ්ටතම සම්මානයවන Asia Best Employer Brand Award සම්මානය 2016 හා 2017 යන වසරවලදී පීපල්ස් ලීසිං සමාගමට හිමිවිය. එමෙන්ම එම වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති Srilankan Best Employer Brand Award සම්මාන උළෙලේදී 2016 හා 2017 වසරවලදී හිමිකරදීමට සමත් විය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top