Oct 23, 2017

සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ක්ෂණික කෝටිපතියන් මවයි

සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ දශක ගණනාවක සමීපතම විශ්වාසවන්තයා වූ සංවර්ධන ලොතරැයිය පසුගිය සති දෙක ඇතුළත වැඩිම ජයග්‍රාහකයින් බිහි කිරීමේ සතුටෙහි හිමිකරුවා වී ඇත.

එදා මෙදා තුර වැඩිම මුදල් ත්‍යාග  ප්‍රමාණයක් ජනතාවට ලබාදීමේ ගරුත්වය එලෙසටම රදවා ගනිමින් පසුගිය සති දෙක තුළ පිට පිට සුපිරි ජයග්‍රා‍හකයින් විසි දෙනෙකු බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමත්ව ඇත.

අදාළ වාසනාවන්තයින් සදහා හිමි මුදල් ත්‍යාගයන් ප්‍රදානය කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරී අධ්‍යක්ෂක එච්.ආර්. විමලසිරි මහතාගේ හා සාමාන්‍යධිකාරී ජේ.එම්. සමන් ජයසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ දින (19) සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

එහිදී කෝටිපති ශනිදා 200 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රුපියල් 10,45,65,936 ක මුදල මහනුවර කපුගල සිට පැමිණි එස්.ඩබ්.එම්.චන්ද්‍රපාල මහතා වෙත ප්‍රදානය කළ අතර එය අළෙවි කර ඇත්තේ ගාලතැන්නේ ඩබ්.ජී.අයි.එන්.කුමාරසිංහ මහත්මිය විසින්ය.

කෝටිපති ශනිදා 201 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රුපියල් 7,50,00,000 ක මුදල කැළණිය කේ.ඩී.ඩි.එම්. කුමාර මහතා වෙත ප්‍රදානය කළ අතර එය අළෙවි කර ඇත්තේ වනාතමුල්ල ප්‍රදේශයේ කේ.බී. ප්‍රේමලාල් අජිත් කුමාර මහතා විසිනි.

ජයෝදා 1404 වන වාරයේ සුපිරි ජයමල්ල වු රුපියල් 1,11,35,368 ක මුදල වාද්දුව සිට පැමිණි ඩබ්. ඩබ්. ඩී.එස්.ආර්.පෙරේරා මහතා වෙත ප්‍රදානය කළ අතර එය අළෙවි කර ඇත්තේ වාද්දූව ප්‍රදේශයේම ඩබ්.එස්.බී. කුරුස් මහතා විසින්ය.

තවද ලග්න වාසනා 2194 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රුපියල් 41,33,536 ක මුදල ඕපාත ප්‍රදේශවාසී ප්‍රේමචන්ද්‍ර මහතා වෙත ප්‍රදානය කළ අතර එය අළෙවි කර ඇත්තේ  මොරවක පදිංචි එස්. විදානපතිරණ මහත්මිය විසිනි.

මෙකී සුපිරි ජයමලු ලබා දිමෙන් නොනැවතී තවත් රුපියල් 10,00,000 යේ වාසනාවන්තයින් 21 දෙනෙකු බිහි කිරීමට ලග්න වාසනා, නියත ජය, අද කෝටිපති, ශනිදා වාසනා, ජයෝදා, සුපර් බෝල් යන සංවර්ධන ලොතරැයි පවුලේ සාමාජිකයින් සමත්ව ඇත.

මෙවැනි වූ විශාල මුදල් ප්‍රමාණයක් තිළිණ කළ සංවර්ධන ලොතරැයිය තවදුරටත් නොනැවතී ඔබ සොයා එන්නේ දිනුමක් වෙනුවෙන් පෙර මග බලා සිටින ඔබටත් වාසනාව ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ අවස්ථාවේදී සිහිපත් කර සිටියි.

IMG 8156 2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top