Oct 24, 2017

පිරමිඩ් විල්මා වෙතින් මෙඩෝලී හඳුන්වා දෙයි (ඡායා)

ශ්‍රී ලංකාවේ අංක එකේ පිසින තෙල් සන්නාමය වන ෆෝචූන් හඳුන්වා දුන් පිරමිඩ් විල්මා සමාගම, ඔස්ට්‍රේලියාවේ ගුඩ්මන් ෆිල්ඩර් හි අනගිතම සන්නාමයක්  මෙන්ම ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම මේද තැවරුමක් වන මෙඩෝලී මෙරටට නිල වශයෙන් හඳුන්වා දෙයි.  

පිරමිඩ් විල්මා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී උත්වසාකාරයෙන් මෙම නිෂ්පාදන හඳුන්වාදීම සිදුකෙරිණ.

සන්ෆ්ලවර් තෙල් වල යහගුණය සමඟින්  නිපදවන මෙඩෝලී, විටමින් A,D සහ E වලින් සපිරි මේද තැවරුමකි.  මෙම පෝෂ්‍ය පදාර්ත මනා ඇස් පෙනීමකට උපකාරී වන අතර, ආහාරවල අන්තර්ගත කැල්සියම්  හා පොස්පරස් අවශෝෂණයට දායක වෙමින්, ප්‍රතිශක්තීකරණය ඉහළ නැංවීමට උපකාරී වෙයි. තැවරුමක් වශයෙන් භාවිත කිරීම පමණක් නොව, ඉවුම් පිහුම් වලදී සහ බේක් කිරීම  සඳහාද ගැලපෙන මෙඩෝලී ශ්‍රී ලාංකිකයන් ප්‍රියකරන රසයට අනුව විශේෂයෙන් සකසා ඇත. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ දේශිය තත්ත්ව සහතිකවලට අනුකූලව දේශීය ව  නිපදවා වෙළඳ පොළට එන මෙඩෝලී මෙරට පාරිභෝගිකයා රසවත් කිරීමේ ප්‍රමුඛ කාර්යභාරය ඉටුකරයි.

සියවසකට අධික කාලයක් ආහාර නිෂ්පාදනයේ නිරත ඔස්ට්‍රේලියාවේ ගුඩ්මන් ෆිල්ඩර් හා පිරමිඩ් විල්මා සමාගම ඒකාබද්ධව මෙඩෝලී නිෂ්පාදනය කරනු ලබන්නේ මුතුරාජවෙල පිහිටි කර්මාන්ත ශාලාවේදී ය. දැන් නව මෙඩෝලී දිවයින පුරා  පිහිටි වෙළඳ සැල් වලින් 100g (රු.90), 250g (රු.220)   සහ 500g (රු.420) යන ඇසුරුම්වලින් පහසු මිලකට ලබාගත හැක.

මෙඩෝලී හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පිරමිඩ් විල්මා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ සජාඩ් මව්සූන් මහතා සඳහන් කළේ  ජාත්‍යන්තර තත්වයේ  නිෂ්පාදන මෙරට පාරිභෝගිකයා වෙත තිළිණ කරමින්  ඔවුන්ගේ ජීවන රටාව උසස් කිරීමේ අරමුණ ඇතිව සිය සමාගම කටයුතු කරන බවයි. එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ සමාගමක් වන ගුඩ්මන් ෆිල්ඩර් හා එක්ව ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන හඳුන්වාදීමට හැකිවීම පිරමිඩ් විල්මා ලත් භාග්‍යයක් කොට සලකන බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙවැනි අන්තර්ජාතික සහයෝගීතාවන් ඔස්සේ මෙරට පාරිභෝගිකයින්ගේ ජීවිත වඩා ඉහළ මට්ටමකට නඟා සිටුවීමේ  අරමුණ කරා පහසුවෙන් ළඟා විය හැකි බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ පිරමිඩ් විල්මා හි අලෙවි හා ‍වෙළඳ ප්‍රධානි හිරන්ත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ  මෙඩෝලී පරම්පරා ගණනාවක විශ්වාසය දිනූ, එමෙන්ම  ලොව පුරා අති විශාල පාරිභෝගික පිරිසකගේ ජනාදරයට පාත්‍ර වූ සන්නාමයක් බවයි. තම දරුවන්ට හොඳම දේ දෙන ශ්‍රී ලාංකේය මව්වරුන් දරුවන්ගේ හදවතේ සදාකල් රැඳෙන සෙනෙහෙබර මතකයන් ඇති කරලන්නට මෙඩෝලී තෝරාගනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

පිරමිඩ් විල්මා (පෞද්.) සමාගම, ආසියාවේ විශාලතම කෘෂි ව්‍යාපාර සමූහය වන විල්මා ජාත්‍යන්තර සමාගම සහ පිරමිඩ් ඔයිල් මිල්ස්(පෞද්.) සමාගම අතර පවත්නා හවුල් ව්‍යාපාරයකි. 1991 වර්ෂයේ ස්ථාපිත සිංගප්පූරුවේ ප්‍රධාන කාර්යාලය පිහිටි විල්මා ජාත්‍යන්තර සමාගම වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය සම්බන්ධයෙන් සිංගප්පූරු කොටස් හුවමාරුවේ විශාලතම ලයිස්තුගත සමාගම් අතර පවත්නා සමාගමකි.
 
පිරමිඩ් විල්මා හි ව්‍යාපාර කටයුතු අතර පාරිභෝගිකයන් ආහාරයට ගන්නා ඇසුරුම් තෙල් නිෂ්පාදන සැකසීම සහ ඛෙදාහැරීම, බේකරිනිෂ්පාදන සදහා අමුද්‍රව්‍ය සහ මාගරින් නිෂ්පාදනය සහ සීනි වෙළෙදාම ඇතුළත් වේ. ෆෝචූන් කුකිං ඔයිල්වලට අමතරව පිරමිඩ් විල්මා සමාගම ශ්‍රී ලංකාව තුළ මාස්ටර්ලයින් බේකරි නිෂ්පාදන අලෙවිය සහ ඛෙදාහැරීම ද සිදු කරයි. මොවුන් මෙරට ඉහළ වටිනාකමකින්යුත් ආයෝජනයක් සහිත සංවර්ධන ව්‍යාපෘති දෙකක් වන ෂැන්ග්‍රි-ලා හෝටල් ව්‍යාපෘතියේ කොටස්හිමියෙකු ද වේ. වටවලප්ලාන්ටේෂන්ස් සමාගම සහ වටවල ටී සිලෝන් සමාගමේ මව් සමාගම වන එස්ටේට් මැනේජ්මන්ට් සර්විසස් සමාගමේ සම අයිතියක් දැරීම සඳහා සන්ෂයින්හෝල්ඩිංස් සහ ටාටා ග්ලෝබල් ඛෙවරේජස් සමඟ ඇති කර ගත් උපායමාර්ගික හවුල්කාරිත්වය පිරමිඩ් විල්මා හී තවත් ව්‍යාපාර පියවරක් වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top