Oct 30, 2017

'ශ්‍රී ලංකන්' විසින් මෙල්බර්න් වෙත සෘජු ගුවන් ගමන් අරඹයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත කිරීමේ සුවිශේෂි පියවරක්‌ ලෙස ප්‍රථම වරට ඔස්‌ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත ඊයේ (29 වැනිදා) සිට දිනපතා සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

 මෙමගින් ගෝලීය සංචාරකයන්ට සුවපහසු ලෙස ඔස්‌ට්‍රේලියාව වෙත සංචාරය කිරීමටත් ඔස්‌ට්‍රේලියාව ආශ්‍රිත රටවල් වල සංචාරකයන්ට කොළඹ සිට පහසු ගුවන් සබඳතා පවත්වමින් ලෝකය පුරා සංචාරය කිරීමටත් අවස්‌ථාව උදාවෙයි.
 
 ජාතික ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස්‌ මහතා පවසන්නේ මෙම නව සේවාව ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව ගුවන් සමාගම ඉතා සතුටට පවත්වන බවයි.

මෙම නව ගුවන් ගමන් සියලු අංශයන්හි සංචාරකයන්ට එනම් ඔස්‌ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් සහ විදේශ රටවල් වෙත සංචාරය කිරීමට ප්‍රියකරන ඔස්‌ට්‍රේලියානු සංචාරකයන් ඇතුළු ඔස්‌ට්‍රේලියාව ආශ්‍රිත රටවල් නැරඹීමට කැමති ආසියානු ප්‍රජාවට ඉතා පහසුවක්‌ වනු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top