Oct 31, 2017

‘කොහොඹ බේබි’ අළුත් වෙයි

ශ්‍රී ලංකාවේ අංක එකේ ශාකසාර ළඳරු සබන් නිෂ්පාදනය වන ‘කොහොඹ බේබි’ තම නිෂ්පාදන පෙළ පුළුල් කරමින්, වැඩි දියුණු කළ යහගුණයක් සහිත නිෂ්පාදන පෙළක් ලෙස නව ඇසුරුමකින් පසුගියදා මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබිණි.

පාරම්පරික විශ්වාසනීය ශාකසාරයක් වන කොහොඹ ශාකසාරයෙන්  අනූන ‘කොහොඹ බේබි’ සබන් නිෂ්පාදන පෙළෙහි  ගුණාත්මකභාවය තවදුරටත් වර්ධනය කල කඳානේ සීමාසහිත ස්වදේශී සමාගම පවසන්නේ ශාකසාර යහගුණය සපිරි ‘කොහොඹ බේබි’ සබන් එම නිෂ්පාදන පෙළට අදාල වෙළෙඳපොලෙහි නිසැකයෙන්ම විශිෂ්ටත්වයට පත්වන බවය.

කාලානුරූපව පර්යේෂණයන්ට ලක් කළ ශාකසාර අමුද්‍රව්‍යවල එකමුතුවෙන් නිපදවන ‘කොහොඹ බේබි’ නිෂ්පාදන පෙළට සබන්" කොලෝන්" පුයර" ෂැම්පු" ඔයිල්" බේබි වොෂ් හා ගිෆ්ට් පැක් ඇතුළත්වේ. සැමවිටම සමෙහි යහපත් සෞඛ්‍යය, නිරෝගීබව, සුරක්ෂාව හා සුමුදුබව රැකෙන සොබාදහමට සමීප නිෂ්පාදන සොයන අළුතෙන් වර්ධනයවන මෙරට වෙළෙඳපොල වෙනුවෙන් ස්වදේශී තම නිෂ්පාදන නිපදවීම  විශේෂත්වයකි. එහෙයින් 1941 සිට සමට සුමුදු ශාකසාර සබන් නිපදවන ස්වදේශි සමාගම, අලුතෙන් වෙනිවැල් හා රත්මල් වැනි ශාකසාර මුසු කරමින් ‘කොහොඹ බේබි’ සබන් හඳුන්වාදෙන්නේ මෙරට පාරිභෝගිකයන්ට වැඩි අගයක් එක්කිරීමේ අරමුණෙනි.

අළුතෙන් හඳුන්වාදුන් ‘කොහොඹ බේබි’ සබන් පෙළ වෙළෙඳපොලට එක්වන්නේ ලොකු සබන්කැටයක් ලෙසිනි. සම සුමුදු හා සුරැකීමේ ස්වභාවධර්මයෙහි කදිම දායද සේ සැළකෙන කොහොඹ, කෝමාරිකා, රත්මල්, රෝස වතුර හා වෙනිවැල් එක් කෙරුණේ ළදරුවන්ගේ සම පිරිසිදුකරන" තෙතමනය සුරකින" සුමුදු සමක් සහතික කෙරෙන ශාකසාර අමුද්‍රව්‍ය ලෙසිනි. මෙරට පරම්පරා ගණනක් විශ්වාසය දිනාගත් කොහොඹ ශාකසාරය බිළිඳු දරුවන්ගේ සමට වැඩි ආරක්ෂාවක් සලසන බව අතීතයේ සිටම පිළිගැනුණි.

‘කොහොඹ බේබි ශාකසාර සබන්’ වල කොහොඹ, කෝමාරිකා, ඔලිව් තෙල් අඩංගු අතර ‘කොහොඹ බේබි ෆ්ලෝරල් සබන්’ වල කොහොඹ, රත්මල්, රෝස වතුර හා ඔලිව් තෙල් අඩංගුවේ. අලුතින් හදුන්වාදුන් ‘කොහොඹ බේබි වෙනිවැල් සබන්’ වල කොහොඹ, වෙනිවැල් හා ඔලිව් තෙල් අඩංගුවේ. නව ආකර්ෂණීය ඇසුරුමකින් වෙළෙඳපොලට එක්වූ ‘කොහොඹ බේබි’ ලොකු සබන් පෙළ සුදු, රෝස හා ලා කහ යන පාට තුනකින් යුතුය.

කොහොඹ, දරුවාගේ සම විෂබීජවලින් ස්වභාවිකවම ආරක්ෂා කෙරෙන අතර, කෝමාරිකා මගින් සමෙහි තෙතමනය සුරකී. රත්මල් දරුවාගේ සම ස්වභාවිකවම සනසවන්නක් වන අතර, රෝස වතුර සම සුමුදු කරවයි. එමෙන්ම ස්වභාවික විටමින් E අඩංගු ඔලිව් තෙල් බිළිඳාගේ සම පෝෂණය කරන්නකි. කොහොඹ බේබි වෙනිවැල් සබන් වල අඩංගු වෙනිවැල් විවිධ ආසාදනවලින් දරුවාගේ සම සුරකිමින් බිළිඳු සමට අත්‍යාවශ්‍ය පෝෂණය සපයයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top