'රටම බියර් පුරයක්‌ ජාතිය මත් කරන්න සියල්ල සූදානම්' - රටපුරා පෝස්ටර් 'රටම බියර් පුරයක්‌ ජාතිය මත් කරන්න සියල්ල සූදානම්' - රටපුරා පෝස්ටර්
Nov 05, 2017

බියර් විරෝධය පිටුපස කසිප්පු ජාවාරමේ කළු සල්ලි ! Featured

යෝජිත අයවැයෙන් ශ්‍රී ලංකාව තුළ සැර මත්පැන් සඳහා සුරාබදු ආදායම ඉහළ දැමීමට එරෙහිව අරක්කු ජාවාරම්කරුවෝ රහසිගත මෙහෙයුමක් අරඹා ඇතැයි වාර්තා වේ.

අදාළ මෙහෙයුම සඳහා පුවත්පත් ආයතනයකට ද දැවැන්ත මුදලක් ලබා දී ඇතැයි දැනගන්නට ඇත.

ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිතය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලය කරන ලද විශේෂ සමීක්ෂණ වාර්තාවකි.

එකී සමීපක්ෂණ වාර්තාව පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සැර මත්පැන් හෙවත් ස්ප්‍රිතු භාවිතය 85%ක් වන බවයි.

එයින් 49%ක් නීති විරෝධී මත්පැන් හෙවත් කසිප්පු වේ.

එම වාර්තාවට අනුව බීර භාවිතය 13%කි. වයින් 2%කි.

ප්‍රතිපත්තිමය තීරණය :

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ 2015 සහ 2016 යන වසර තුළ මධ්‍යසාර කර්මාන්තයේ ඇති කළ ප්‍රතිපත්තිමය වෙනස් කමයි.

ඒ අනුව අරක්කු හෙවත් සැර මත්පැන් සඳහා සුරාබදු ඉහළ දැමීම 25%කි. බීර සහ වයින් මත පැන වූ බදු ඉහළ දැමීම 70%කි.

බොහෝ රටවල විශාල පිරිසක් සැර මත්පැන්වලට වඩා බියර්වලට වැඩි කැමැත්තක් දක්වන අතර ශ්‍රී ලංකාවේ පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි.

බදු ආදායම ඉහළ යාම මඟින් බියර්වල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගිය අතර ඒ සමඟ බොහෝ අය සැර මධ්‍යසාර සහ නීතිවිරෝධී මත්පැන් වර්ග වෙතට යොමුව සිටිති.

මෙරට භාවිතා වන මත්පැන් වර්ග අතරින් 60%ක් නීති විරෝධී ලෙස නිෂ්පාදනය කෙරෙන ඒවා බව ඇස්තමේන්තු කර ඇත.

අරක්කු ජාවාරම්කරුවන් විසින් කාතිම රසායනික යොදා ඒවායේ සැර වැඩිකරන අතර මෙම තත්ත්වය මත මෙරට සැර මත්පැන් භාවිතා කරන්නන් ඉතා ඉක්මනින් රෝගීන් බවට පත් වන බව ද සෞඛ්‍ය අංශ අනාවරණය කර ගෙන ඇත.

තෙවැනි ජනප්‍රියතම පානය:

බියර් යනු ලොව පැරණිතම සහ වඩාත්ම බහුල වශයෙන් පරිභෝජනය කෙරෙන සෞම්‍ය මධ්‍යසාර අඩංගු පානයකි.

ජලය සහ තේ වැනි පාන වර්ගවලට පසු තෙවැනි ජනප්‍රියතම පානය වන්නේ ද එයයි.

බීර යුරෝපයේ ආහාර, සමාජ ඇසුර සහ සැමරුම් අවස්ථා යනාදිය සමඟ කේන්ද්‍රීය ලෙස බැඳ පවතින්නකි. බීර යනු ජලය බීර මල් බාර්ලි සහ යිස්ට් ඇතුළු ස්වභාවික සංඝටකවලින් සකසා පැසවාගනු ලබන පානයකි.

මඳ වශයෙන් රසවිඳින විට එය යහපත් ආහාර පුරුදු සහ නීතිපතා සිදුකරන ව්‍යායාම ඇතුළත් සමතුළිත ජීවන රටාවක කොටසක් විය හැකිය.

එහි ඇති ස්වභාවය සහ සාන්ද්‍රණය අනුව බියර් යනු සාමාන්‍යයෙන් ස්ප්‍රිතු වලට වඩා අඩු මධ්‍යසාර ප්‍රමාණයක් සහිත දීර්ඝ වේලාවක් රසවිඳිය හැකි පානයකි.

මුදල් ඇමැතිගේ තීරණය ගැන සැකයක් !

ලෝක සෞඛ්‍ය සංවිධානය, සුරාබදු දෙපාර්තමේන්තුව කර්මාන්ත සංඛ්‍යා ලේඛන සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ වාර්තා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව තුළ සැර මත්පැන් භාවිතය අවම කිරීම සඳහා බීර සහ වයින් මත පනවා ඇති අධික බදු ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට මුදල් ඇමැතිවරයා තීරණය කර ඇතැයි සැකය මත අරක්කු ජාවාරම්කරුවන් දැඩි කැලබීමකට පත්ව ඇත.

ලෝකයේ සාමාන්‍ය මධ්‍යසාර පරිභෝජනය අනුව සැර මධ්‍යසාර පරිභෝජනයෙන් දියුණු රටවල් ඈත්වෙමින් තිබේ.

එම සංඛ්‍යා ලේඛන අනුව බීර භාවිතය 41%කි. වයින් භාවිතය 27.7%කි. අරක්කු වැනි ස්ප්‍රිතු භාවිතය 31%කි.

ආසියානු කලාපයේ ඉන්දුනීසියාව බීර භාවිතය 84.5%කි. වයින් භාවිතය 0.1%කි. ස්ප්‍රිතු භාවිතය 15.7%කි.

මියන්මාරයේ බීර පරිභෝජනය 82.6%කි. වයින් 5.7%කි. ස්ප්‍රිතු 11.8%කි.

මැලේසියාවේ බීර පරිභෝජනය 76.2%කි. වයින් භාවිතය 2%කි. ස්ප්‍රිතු පරිභෝජනය 21.8%කි.

ආසියාවේ වැඩියෙන්ම සැරබීම බොන්නේ ලංකාවේ

ආසියානු කලාපයේ විස සහිත සැර මත්පැන් වැඩි පුරම පරිභෝජනය කරන රට ශ්‍රී ලංකාව වන අතර ඒ අනුව බියර් පරිභෝජනය 13%කි. වයින් පරිභෝජනය 2%කි. අරක්කු හෙවත් ස්ප්‍රිතු භාවිතය 85%කි.

මේ අතරින් නුවරඑළිය ප්‍රදේශයේ 95%ක්, පුත්තලම ප්‍රදේශයේ 78%ක්, හම්බන්තොට 40%ක් පරිභෝජනය කරන්නේ නීතිවිරෝධී මත්පැන් හෙවත් කසිප්පු බව සමීක්ෂණ වාර්තාව අනාවරණය කර ඇත.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පොල් හා තල්ගස්වලින් රා මැදීම සඳහා මින්මතුවට බලපත්‍රයක් ලබා ගත යුතු බවත් ඒ සම්බන්ධයෙන් සුරාබඳු පනතේ 15 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් මුදල් අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කෙරිණි.

එනමුදු කිතුල් ගස්වලින් රා මැදීම සඳහා එවැනි බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය නොවන බව ද එහි සඳහන්ය.

අයවැය යෝජනා :

යෝජිත අයවැය යෝජනාවකට අනුව මල් රා කසිප්පු සහ නීති විරෝධී ස්ප්‍රිතු නිෂ්පාදනයට දැඩි නීතිරීති පැනවෙන අතර සැර මත්පැන් නිෂ්පාදනය කෙරෙහි බදු පනවා සැර මත්පැන් පරිභෝජනය අවම කිරීමට පියවරගෙන ඇති පැවසේ.

නීතිවිරෝධී ලෙස ස්ප්‍රිතු නිපදවන්නන් එතනෝල් ජාවාරම්කරුවන් මේ නිසා දැඩි කැලබීමකට පත්ව තිබෙන අතර බියර් සහ වයින් කෙරෙහි ඇති දැඩි බදු ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට ද ඔවුන් අකමැතිය.

මේ නිසා රටේ ජනතාව නොමඟ යවන සුළු ප්‍රචාරක ව්‍යාපෘති සඳහා මේ දිනවල රුපියල් කෝටි ගණනින් මුදල් වැය කිරීමට ආරම්භ කර ඇති බව දැනගන්නට ඇත.

(සත්හඬ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top