Nov 07, 2017

Huawei nova 2i මෙරටට (ඡායා)

ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සිය නවතම මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝනය වන Huawei nova 2i ඊයේ (06) ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය.

එම අවස්ථාව සඳහා Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග්, සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී වෙළඳ අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ සහ සිංගර් ශ්‍රී ලංකා සහ Huawei ශ්‍රී ලංකා හි කළමණාකාරීත්වය සහ අලෙවි නියෝජිතයින් මෙන්ම සහකරුවන් ද එක්ව සිටියහ.

Huawei හි සුපිරි කැමරා තාක්ෂණය මතකයන් සිහිවටන බවට පත්කරගැනීමේදී අතිශය වැදගත් වන අතර මෙම නවතම ස්මාර්ට්ෆෝනය කැමරා 4කින් සමන්විත වෙයි. ඉදිරිපස කැමරා ද්විත්වය flash පහසුකම සහිත 13MP වන අතර පසුපස කැමරා ද්විත්වය ද flash පහසුකම සහිත 16MP plus 2MP වෙයි. Huawei nova 2iහි ඉදිරිපස කැමරා ද්විත්වය ඡායාරූප ලබාගැනීමෙන් පසු ෆෝකස් කළ හැකි ජනප්‍රිය ඡායාරූප අලංකරණ මාදිලියක් වන bokeh තාක්ෂණයට අනුව නිපදවා තිබේ. මේ නිසා ඉතා සුපැහැදිලි මෙන්ම විචිත්‍රවත් ඡායාරූප ලබාගැනීම සඳහා මෙමඟින් හැකියාව ලැබේ.

පෙනුම සහ හැඩය අතින් සලකා බැලූ කළ Huawei nova 2i මනරම් පෙනුමකින් සහ නිමාවකින් ද යුක්ත වෙයි. කෙළවර හතර මදක් රවුම් හැඩයට නිමවා තිබීම නිසා භාවිතයේ පහසුව මෙන්ම මනා පෙනුමක් ද ලබා දෙයි. අඟල් 5.9 ක් වන වඩා පුළුල් වූ ස්පර්ශක තිරයකින් යුතු මෙම ස්මාර්ට්ෆෝනය අතින් අල්ලා ගැනීමේ පහසුව සැලසෙන ප්‍රමාණයෙන් යුක්ත වෙයි. ඉතා පුළුල් ස්පර්ශක තිරයකින් යුතු මෙම ස්මාර්ට්ෆෝනය උසස් තත්වයේ HD දර්ශන ලබාගැනිමේ හැකියාවෙන් යුක්ත වන අතර එමඟින් සමාජ මාධ්‍ය , වීඩියෝ නැරඹීම, කියවීම, ක්‍රීඩා කිරීම සහ අන්තර් ජාල පරිහරණය ආදිය සඳහා වැඩි පහසුකම් සපයයි.

Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් මහතා සදහන් කළේ මෙම නවතම හඳුන්වා දීම මෙරට පාරිභෝගිකයින්ට වටිනා අවස්ථාවක් මෙන්ම ඔවුන්ගේ ජීවිතයේ නව පරිච්ඡේදයක ආරම්භයක් ලෙසින් සැලකිය හැකි බවයි. සියලු සම්මතයන් බිඳ හෙළමින් පාරිභෝගික අවශ්‍යතාව මැනවින් හඳුනා ගනිමින් මෙරට පාරිභෝගිකයින්ට උසස්තම දේ තිළිණ කිරීමට Huawei නිරන්තරයෙන් කටයුතු කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

Huawei nova 2i ස්මාර්ට්ෆෝනය සියලු පහසුකම් එක්තැන් කළ කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. flash, dual cameras, fingerprint sensor සහ USB port ආදී සියල්ල සමමිතක ලෙස කේන්ද්‍රගත කර ඇති බැවින් අවශ්‍ය උපාංග සියල්ල පහසුවෙන් භාවිත කිරීමට හැකියාව ලැබේ. දකුණු පසින් පිහිටා ඇති ඉදිරි කැමරාව සහ දකුණු පස පිහිටා ඇති සෙන්සර් පද්ධතිය නිසා Huawei nova 2i මනරම් සමබර පෙනුමකින් යුක්ත වෙයි.

Octa-core Kirin 659 ප්‍රොසෙසරයකින් සහ 2.36GHz දක්වා වන් චිප්සෙට් එකකින් මෙන්ම , 4GB RAM සහ 64GB ROM ආදී පහසුකම් නිසා Huawei nova 2i කාර්යක්ෂමතාවයෙන් ඉහළ ස්මාර්ට්ෆෝනයක් ලෙස හැඳින්විය හැකිය. දිගු කාලයක් පවතින 3340 mAh බැටරියකින් සහ Android 7- පදනම් වූ EMUI 5.1 ආදී විශේෂතා මෙන්ම ඩයලොග් ආසියාටා පීඑල්සී හි VoLTE තාක්ෂණයෙන්ද මෙම ස්මාර්ට්ෆෝනය සමන්විත වෙයි.

මෙම Huawei nova 2i ස්මාර්ට්ෆෝනය රුපියල් 44900 ක මුදලකට මිලදී ගත හැකි අතර එහි ගැපයිට් කළු සහ ප්‍රෙස්ටීජ් රන්වන් යනාදී පැහැයෙන් යුතු ස්මාර්ට්ෆෝන් මෙරටට නිකුත් කර තිබේ. Huawei මධ්‍යස්ථාන, Huawei හි එකම ජාතික බෙදාහරින්නා සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි පුළුල්තම අලෙවි ජාලය වන සිංගර් මෙගා, සිංගර් ප්ල්ස්, සිසිල් වර්ල්ඩ් ස්ටෝර්ස්, ආදී ස්ථානවලින් මෙන්ම 420 කට අධික ඩිජිටල් මීඩියා අලෙවි ජාලය සහ 1500 කට අධික අලෙවි නියෝජිත ජාලය මෙන්ම ඩයලොග් ආසියාටා මධ්‍යස්ථාන, දිවයින පුරා පිහිටි මොබිටෙල් මධ්‍යස්ථාන ඔස්සේ මෙම ස්මාර්ට්ෆෝනය මිළදී ගත හැකිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top