Nov 13, 2017

DFCC වෙතින් ප්‍රිමියර් ගෝ

මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන DFCC බැංකුව විසින් සිය ප්‍රමුඛ පාරිභෝගිකයන් වෙත නව සේවයක් හඳුන්වා දී තිබේ.

DFCC ප්‍රිමියර් ගෝ (DFCC Premier Go) ලෙස නම් කර ඇති මෙය, මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පාරිභෝගිකයන් ඉලක්ක කරගෙන එළිදැක්වූ පළමු ඇප් මෘදුකාංගයයි.
 
මෙම ඇප් මෘදුකාංගය පසුගියදා කොළඹ දී පැවති උත්සවයකදී හඳුන්වාදී  තිබේ.
 
මෙම ඇප් මෘදුකාංගයද DFCC හි අනුසමාගමක් වන සිනැප්සිස් විසින් නිපදවූවක් වන අතර, ඔවුන් විසින් මීට කළින් නිපදවූ ලංකා මනී ට්‍රාන්ස්ෆර් (Lanka Money Transfer) හා වර්ධන වර්චුවල් වොලට් (Vardhana Virtual Wallet) යන ඇප් මෘදුකාංග ද පාරිභෝගිකයන් අතර ජනප්‍රිය විය.
 
‘DFCC ප්‍රිමියර් ගෝ’ හි මූලික ලක්ෂණය වන්නේ ඉතා පහසුවෙන් වීඩියෝ කොන්ෆරනස් ඔස්සේ සිය Relationship Manager හා සම්බන්ධවීමේ හැකියාව සිය ප්‍රමුඛ පාරිභෝගිකයන්ට ලබා දීමයි.
 
බැංකු විවෘත නොවන අවස්ථා වලදී පවා ලොව ඕනෑම ස්ථානයක සිට චැට් පහසුකම් ඔස්සේ සිය කළමනාකරු හා සම්බන්ධ වීමට මෙමගින් හැකිවේ.
 
ඊට අමතරව, ඉතා ආරක්ෂාකාරී පිළිවෙතක් යටතේ සිය මූල්‍ය කටයුතු පිළිබඳ තොරතුරු ද මෙම ඇප් මෘදුකාංගය ඔස්සේ ලබාගැනීමට ද DFCC ප්‍රමුඛ පාරිභෝගිකයන්ට හැකිවේ.
 
ගණුදෙනු වල කර්යක්ෂමතාවය හා වේගය වැඩිකරමින් වඩාත් පරිසර හිතකාමී ක්‍රමවේදයක් වන මෙම ඇප් මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් හා අයිෆෝන් උපාංග සඳහා ගූගල් ප්ලේ හා ඇපල් ඇප් ස්ටෝර් ඔස්සේ ලබාගත හැක.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top