Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 14, 2017

මල්ලිකා හේමචන්ද්‍ර විසින් විශේෂ වාසි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වර්ණාභරණ සමාගමක් වන මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් සමාගම විසින් නව ප්‍රවර්ධන වැඩසටහනක්  දිවයින පුරා දියත් කර තිබේ.
 
මංගල ආභරණ සහ දියමන්ති මුදු පිළිබඳ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් නොවැම්බර් 16දා දක්වා මල්ලිකා හේමචන්ද්‍ර හෝර්ටන් පෙදෙස ශාඛාවේදී පැවැත්වෙන අතර, නොවැම්බර් 17 — 27 දක්වා එහි කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ශාඛාවේද විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
 
එම සමාගමේ ඩයමන්ඩ් රෂ් සහ කලර්ඩ් ස්ටෝන් කලෙක්ෂන් යන ප්‍රවර්ධන වැඩසටහන් බම්බලපිටියේ මැජෙස්ටික් සිටි හා කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා හිදී පසුගියදා සාර්ථක ලෙස අවසන් විය.
 
මේ අතර, ඉදිරියේදී කොළඹ ක්‍රෙස්කැට් පරිශ්‍රයේ මෙන්ම ගම්පහ වෝඩ් සිටි හි නව ශාඛා ආරම්භ කරමින් සිය ශාඛා ජාලය පුළුල් කිරීමට ද එම සමාගම පියවර ගනිමින් සිටියි.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top