15976 BM WEB BANNER 01
Nov 16, 2017

ෂැන්ග්‍රිලා - කලම්බෝ විවෘත වේ

කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ගාලූ මුවදොර පිටිය ඉදිරිපිට ඉදිකෙරුණු ෂැන්ග්‍රිලා හෝටලය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (16) දහවල් විවෘත කෙරිණි.

ලොව පුරා ව්‍යාප්තව ඇති ෂැන්ග්‍රිලා හෝටල් සමූහයට අයත් 101 ක් වන හෝටලය ලෙස විවෘත කෙරුණු කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය අතිනවීන පහසුකම් සහිතව ඉදිකර තිඛෙන අතර, සේවා නවාතැන් 41 ක් සහ අධි සුඛෝපභෝගී කාමර 34ක් ඇතු`ථ කාමර 541 කින් සමන්විතය.

පීත්ත පටිය කපා හෝටලය විවෘත කළ ජනාධිපතිවරයා අනතුරුව සමරු ඵලකය ද නිරාවරණය කරනු ලැබීය.

එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ ජනාධිපතිවරයා 32වන මහලේ පිහිටි නැරඹුම් මැදිරියේ සිට අවට පරිසරය නිරීක්ෂණය කළේය.

ෂැන්ග්‍රිලා ආසියා සමාගමේ සභාපතිවරිය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූවාය.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් , නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, තානාපතිවරුන්, ෂැන්ග්‍රිලා හෝටලයේ ප්‍රධාන කළමණාකරණ නියෝජිතයින්, විශේෂ ආරාධිත අමුත්තන්, රාජ්‍ය නිලධාරින් සහ ව්‍යාපාරික ප්‍රජාව ද සහභාගි වී සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top