15976 BM WEB BANNER 01
Nov 22, 2017

‘බිස්නස් ටුඩේ ටොප් 30’ උත්කර්ෂවත් ලෙස මෙවරත් (ඡායා)

මෙරට ව්‍යාපාරික දැවැන්තයින් වාර්ෂිකව අගයන ‘බිස්නස් ටුඩේ ටොප් 30’ සම්මාන උළෙල මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී පසුගියදා පැවැත්වුණි.

මෙම අවස්ථාවේ දී මෙරට ලැයිස්තුගතව තිබෙන සමාගම් අතුරින් 2015 - 16 මූල්‍ය වසරේදී ඉහළම කාර්ය සාධනයක් පවත්වාගත් සමාගම් 30 ක් සම්මානට පාත්‍රවිය.

මීට අමතරව, විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු ද ‘ද පැෂනේට්’ නම් නව ඛාණ්ඩයක් යටතේ ඇගයීමට ලක්විය.

මේ වසරේ 'බිස්නස් ටුඩේ ටොප් 30’ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

එම අවස්ථාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, ආරාධිත අමුත්තන් සහ ව්‍යාපාරික ප්‍රජාව ද සහභාගි වී සිටියහ.

‘ටොප් 30’ සම්මානලාභීන් අතර ප්‍රමුඛස්ථානයට පැමිණීමට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම මේ වසරේද සමත් වූ අතර, දෙවැනි හා තෙවැනි ස්ථාන වලට පිළිවෙළින් පත්ව සිටියේ හැටන් නැෂනල් බැංකුව හා කොමර්ෂල් බැංකුවයි.

මෙවර 'බිස්නස් ටුඩේ ටොප් 30’ සම්මානලාභීන් මෙසේය.

01. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්
02. හැටන් නැෂනල් බැංකුව
03. කොමර්ෂල් බැංකුව
04. ලංකා ඔරික්ස් ලීසිං සමාගම
05. ඩයලොග් ආසියාටා
06. ලංකා දුම්කොළ සමාගම
07. සම්පත් බැංකුව
08. මෙල්ස්ටාකෝප්
09. හේලීස්
10. ශ්‍රී ලංකා ටෙලිකොම්
11. නෙස්ලේ ලංකා
12. සෙලින්කෝ රක්ෂණ සමාගම
13. සෙන්ට්‍රල් ෆයිනෑන්ස් සමාගම
14. හේමාස් හෝල්ඩින්ග්ස්
15. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස්
16. එයිට්කන් ස්පෙන්ස්
17. ෂෙව්රොන් ලුබ්‍රිකන්ට්ස් ලංකා
18. වැලිබල් වන්
19. රිචඩ් පීරිස්
20. සෙලාන් බැංකුව
21. DFCC බැංකුව
22.ටෝකියෝ සිමෙන්ති සමාගම
23. ලංකා අයි. ඕ. සී.
24. කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස්
25. බුකිට් දාරා
26. CT හෝල්ඩින්ග්ස්
27. ජාතික සංවර්ධන බැංකුව
28. සිංගර් ශ්‍රී ලංකා
29. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
30. ඇක්සෙස් ඉන්ජිනියරිං

BIZtodaypics

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top