15976 BM WEB BANNER 01
Nov 23, 2017

මාතරට තවත් DFCC බැංකුවක්

රටපුරා සිට ශාඛා ජාලය වඩාත් පුළුල් කරමින් DFCC බැංකුව විසින් තවත් ශාඛාවක් මාතර නගරයේ ආරම්භ කර තිබේ.

මාතර නගර ශාඛාව (Matara City Branch) ලෙස හැඳින්වෙන මෙය, මාතර හි ස්ථාපිත කර ඇති දෙවැනි DFCC බැංකුවයි.

මෙම ශාඛාව, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී - ලක්ෂ්මන් සිල්වා අතින් පසුගියදා විවෘත වූ අතර, මෙම අවස්ථාවට බැංකුවේ ජේ‍යෂ්ට කළමනාකාරිත්වය, කාර්යමණ්ඩල සාමාජිකයන් හා ගණුදෙනුකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

දකුණේ ආර්ථිකය සීඝ්‍රව වර්ධනය වන බවට අප තුළ ඇති විශ්වාසය, මාතර නගරයේ දෙවැනි ශාඛාවක් ආරම්භ කිරීමට ගත් තීරණයෙන් පෙන්නුම්කරන බව ලක්ෂ්මන් සිල්වා මහතා පවසයි.

DFCCopen

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top