15976 BM WEB BANNER 01
Nov 27, 2017

සංගා, Renault සන්නාම තානාපති ලෙස එක්වෙයි

AMW සමාගම සමග එක්ව Renault සන්නාමය ශ්‍රී ලංකාව තුළ සාර්ථකව දියත් කිරීමෙන් පසු නව්‍ය, ආකර්ෂණීය මෙන්ම ලාභදායී Renault KWID මෝටර් රථයට ඉඩ හසර සමරමින් තවත් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කිරිමට පසුගිය (24) දා සමත් විය.

ඒ ලෝක පූජිත ක්‍රිකට් තරුවක් වන කුමාර් සංගක්කාර Renault KWID හි ශ්‍රී ලාංකේය සන්නාම තානාපති ලෙස එක් කර ගනිමිනි.

ලොව පිළිගත් සන්නාම දෙකක එකතුවක් වන මෙය අභිමානවත් මෙන්ම කීර්තිමත් ගමනක් සඳහා වන සාර්ථක එකමුතුවක් ලෙසට කැපී පෙනුනි.

මේ පිළිබඳව අදහස් දැක්වූ Renault සමූහයේ ඉන්දියානු උප මහාද්වීපයේ මෙහෙයුම් භාර ප්‍රධාන විධායක නිළධාරී සහ කළමණාකාර අධ්‍යක්‍ෂ සුමිත් සානි මහතා, “ඉතා කෙටි කාලයක් තුළ Renault සමාගම ශ්‍රී ලංකාවේදී සීඝ්‍ර ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ. Renault KWID සඳහා වූ අපගේ ගනුදෙනුකරුවන්ගේ අග්‍රගන්‍ය ප්‍රතිචාර වෙනුවෙන් අපගේ ස්තුතිය පුද කිරීමට කැමතියි. කුමාර් සංගක්කාර අපගේ සන්නාම තානාපති ලෙස ප්‍රකාශයට පත්කිරීම පිළිබඳ මා ඉතාමත් සතුටට පත් වන අතර ක්‍රිකට් ශූරයකු ලෙස මෙන්ම නායකයකු ලෙස ඔහුගේ හැකියාව සාර්ථක ඉනිමක් සඳහා වන අපගේ සැළසුම් සවිමත් කිරීමට හොඳම සංකලනය ලෙස සඳහන් කළ හැකියි,” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් කුමාර් සංගක්කාර සඳහන් කර සිටියේ, “Renault ලොව පුරා ඉමහත් පිළිගැනීමට ලක් වූ සන්නාමයක්. මේ තාරුණ්‍යයේ සන්නාමය සමග එක්වන්නට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටු වන අතර ඉදිරියේදී Renault නියෝජනය කරමින් සහ ඔවුන් සමඟ එක් වෙමින් ශ්‍රී ලංකාවේ වර්ධනීය ගමනක් යන්නට මම බලාපොරොත්තු වෙනවා,” යනුවෙනි.

 MG 2674

 MG 2725

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top