15976 BM WEB BANNER 01
Nov 30, 2017

මිල්කෝ ප්‍රතිව්‍යුහගත කරන්න යයි

දේශීයව කිරිපිටි නිෂ්පාදනයේ නිරත රජයේ සමාගමක් වන මිල්කෝ ආයතනය වඩාත් ලාභදායි කරගැනීමේ අරමුණෙන් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය සරත් අමුණුගම මහතා ප්‍රමුඛ අමාත්‍ය කමිටුවක් පත් කර තිබේ.

පසුගිය තෙවසරට අදාලව මිල්කෝ සමාගමේ මූල්‍ය ලේඛන ලබාගැනීමට මෙම කමිටුව තීරණය කර තිබේ.

විශාල වශයෙන් වියදම් වන කිරි කර්මාන්තයේ නිරතවන තමන්ගෙන් මිල්කෝ සමාගම කිරි මිලට ගන්නේ ඉතා අඩු මිලකට බවත්, එම සමාගම විසින් ගෙවීම් ප්‍රමාද කරන බවත් කිරි ගොවීහු මැසිවිලි නගති.

වසර 2015දී රු. මිලියන 04කටත් අඩුවෙන් ලාභ ලැබූ මිල්කෝ ආයතනය 2016දී මිලියන 274ක ලාභ ලැබීමට සමත් විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top