15976 BM WEB BANNER 01
Dec 04, 2017

සහල් වලින් මත්පැන් හදන්න අනුමැතිය දුන්නේ රාජපක්ෂලා ! Featured

ස්ප්‍රීතු නිශ්පාදනය සදහා අමුද්‍රව්‍යයක් ලෙස සහල් භාවිත කිරීමට රජය අනුමැතියක් ලබා දී නොමැති බව මුදල් අමාත්‍යංශය පවසයි.

මුදල් අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයක ඒබව සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

මෙරට මධ්‍යසාර නිෂ්පාදනය සදහා අවශ්‍ය ස්ප්‍රීතු නිෂ්පාදනය කරන කිසිදු ස්කාගාරයකට සහල් යොදවා ස්ප්‍රීතු නිශ්පාදනය කිරීමට රජය විසින් කිසිදු අනුමැතියක් ලබා දී නොමැත. 

ශ්‍රී ලංකාවේ දැනට ස්කාගාර 14 ක් පවතින අතර ඒවායෙහි ස්ප්‍රීතු නිෂ්පාදනය කිරීම සදහා රා, තල් රා, මොලාෂස්, ඉරිගු හා පළතුරු ආදිය උපයෝගී කරගනු ලබයි. 

ස්ප්‍රීතු නිෂ්පාදනය සදහා සහල් භාවිත කිරීමට එක් ආයතනයකට පමණක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එවකට තිබූ  රජයේ නිර්දේශ මත 2006 වර්ෂයේදී අනුමැතිය ලබා දී ඇත. 

එහෙත් මෑතදී සහල් අමුද්‍රව්‍ය ලෙස යොදාගැනීම වෙනුවට බඩ ඉරිගු යොදා ගැනීම සදහා එම ආයතනයට අනුමැතිය ලබා දෙන ලදී.

බන්ධුලගේ කතාව බොරුවක් :

2018 අයවැය මගින් එතනෝල් නිෂ්පාදනය සදහා භාවිත කරන අමුද්‍රව්‍ය මත එහි සුරා බදු අනුපාත අනුව බදු අය කිරීමට යෝජනා කරන ලදී. 

ඒ අනුව 2017 නොවැම්බර් මස 09 වන දින සුරා බදු ආඥා පනත යටතේ නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනය මගින් ස්ප්‍රීතු නිෂ්පාදනය සදහා දැනට අනුමත කර ඇත. අමුද්‍රවය සදහා ලීටරයකට රුපියල් 5 සිට  රුපියල් 10 දක්වා බද්දකුත් නියම කර ඇත. 

මේ හැරුණු විට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ ආකාරයට මාධ්‍යසාර වල යෙදවුමක් ලෙස සහල් භාවිත කිරීමට මෙම රජය විසින් කිසිදු  අනුමැතියක් ලබා දී නොමැති  අතර ස්ප්‍රීතු නිෂ්පාදනය සදහා සහල් යෙදවීමට 2006 වසරේ එවකට බලයේ සිටි රජය විසින් අනුමැතිය ලබා දී ඇත. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top