15976 BM WEB BANNER 01
Dec 05, 2017

පීපල්ස් ලීසිං බංග්ලාදේශයේත් බලය පතුරවයි

බංග්ලාදේශයේ 1993 දරණ මූල්‍ය ආයතන පනත අනුව සංස්ථාගත කර ඇති සමාගමක් වන Alliance Leasing and Finance Company Limited හි 51% ක, බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමත්වී තිබේ.

මේ අනුව Alliance Leasing and Finance Company Limited හි කොටස් මිලියන 51 ක හිමිකාරීත්වය පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සතු වේ.

මීට අදාළ ගනුදෙනුව මේ වන විට සම්පූර්ණ කර අවසන් බව පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී, ඒ.එස්. ඉබ්‍රහිම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top