15976 BM WEB BANNER 01
Dec 06, 2017

ෆියුචර් ඔටෝ මොබයිල්ස් වෙතින් අළුත් වැඩක්

රථවාහන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛතම සමාගමක් වන ෆෝර්ඩ් හි ශ්‍රී ලංකා නියෝජිතත්වය දරන සොෆ්ට්ලොජික් ව්‍යාපාර සමූහයේ සාමාජිකයෙකු වන ෆියුචර් ඔටෝ මොබයිල්ස් පුද්ගලික සමාගම වාහන සේවා පහසුකම් කඩිනම් කරමින් Ford Quick-Lane Service නමින් නව සේවාවක් හඳුන්වා දෙයි. බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ෆෝර්ඩ් මධ්‍යස්ථානයේදී මෙම නව සේවාව ආරම්භ කෙරිණ.

මෙම නව සේවාව යටතේ ෆෝර්ඩ් පාරිභෝගිකයින්ට පෙර වෙන්කරගත් වේලාවක් අනුව සිය රථය සඳහා කඩිනම් සේවා පහසුකම් ලබාගැනීමට අවස්ථාව සැලසෙයි. මේ අනුව විනාඩි 45කට වඩා අඩු කාලයකින් සිය වාහනය සඳහා සේවා පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබෙයි. වාහන සේවා පහසුකම් ලබාගැනීම සඳහා අධික වේලාවක් වැය කිරීමට සිදුවීම බොහෝ වාහන හිමියන්ට බලපාන පොදු ගැටළුවක් බැවින් , කාර්ය බහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට එලෙස කාලය වැය කළ නොහැකි වීම යන කරුණු පදනම් කරගනිමින් මෙම නව කඩිනම් සේවා පහසුකම් ක්‍රියාත්මක කර තිබේ. මෙම නව සේවාව සඳහා කඩිනමින් සැපයීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් බත්තරමුල්ල පිහිටි ෆෝර්ඩ් මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබේ. වාහන අළුත්වැඩියාව සහ සේවා කටයුතු සඳහා අවශ්‍ය උසස් තාක්ෂණික පහසුකම් වලින් මෙම සේවා මධ්‍යස්ථානය සමන්විත වෙයි.

මෙම නවතම Ford Quick-Lane Service හදුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් ෆියුචර් ඔටෝමොබයිල්ස් හි ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේ ෆෝර්ඩ් සන්නාමය ශ්‍රී ලාංකේය වෙළඳ පළ තුල සීඝ්‍රෙයන් වර්ධනය වීමත් සමඟ ඉතා විශාල වාහන ප්‍රමාණයක් මේ වනවිට භාවිතයේ පවතින බවයි. එම වාහන සඳහා කඩිනමින් සේවා පහසුකම් සැපයීමේ අවශ්‍යතාව ද ඒ සමඟ වර්ධනය වීම නිසා සිය පාරිභෝගිකයින් වෙත ඉතා උසස් තත්වයේ සේවාවක් කඩිනමින් ලබාදීමේ අරමුණ ඇතිව මෙම නව සේවාව ස්ථාපිත කළ බවයි. මෙම නව Ford Quick-Lane Service මඟින් පාරිභෝගිකයාගේ පහසුව මෙන්ම තත්වයෙන් විශිෂ්ට සේවා පහසුකම් ලබාගැනීමටද හැකිවන බව තෙන්නකෝන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙරට රථවාහන ඉතිහාසය තුළ ෆෝර්ඩ් සන්නාමය විශ්වාසය දිනූ සන්නාමයක් බවට පත්ව තිබේ. වසර 2010 දී ෆෝර්ඩ් මෙරට වෙළඳ පළට පිවිසීමත් සමඟ ඉන්ධන පිරිමැස්ම, ආරක්ෂාව, තත්වයෙන් උසස් නිමාව සහ නවීනත්වය යන කරුණු පිළිබඳව උනන්දු වූ ශ්‍රී ලංකේය පාරිභෝගිකයා ෆෝර්ඩ් රථාවහන කෙරහි වැඩි අවධානයක් දැක්වීය. Fiesta (Sedan Car), Kuga(SUV), EcoSport(SUV), Focus (Sedan Car) සහ Everest (7-Seat SUV) මෙන්ම Ranger Double Cab යන රථ වාහන මෙරට ප්‍රදර්ශනාගාර වලදී මිලට ගැනීමේ හැකියාව තිබේ.

lane2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top