15976 BM WEB BANNER 01
Dec 06, 2017

Huawei nova2i Aurora Blue Limited Edition මෙරටට

ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සිය නවතම හදුන්වාදීම ලෙස Huawei nova2i Aurora Blue Limited Edition මෙරට වෙළඳ පළට නිකුත් කරයි. උත්සව සමය ඉලක්ක කර ගනිමින් මෙම ස්මාර්ට්ෆෝනය හදුන්වා දී තිබේ.nova2i හි නිල් පැහැය සඳහා පාරිභෝගිකයින් වෙතින් ලද ඉල්ලුම අධික වීමත් සමඟ එහි ප්‍රතිඵලයක් ලෙස මෙම හදුන්වා දීම සිදුකර තිබේ. මෑතකදී හදුන්වා දුන් Huawei nova2i ස්මාර්ට්ෆෝනය මේ වනවිට අලෙවි වාර්තා පිහිටුවමින් අලෙවි වෙමින් පවතියි. දේශිය පාරිභෝගිකයා සහ තාක්ෂණික ප්‍රබලයින් ගේ ඉහළ ප්‍රතිචාර මැද මෙම ස්මාර්ට්ෆෝනය මෙරට ජනප්‍රිය වෙමින් පවතියි. Huawei nova2i Aurora Blue Limited Editionස්මාර්ට්ෆෝනය දෙසැම්බර් 12 වනදා සිට තෝරාගත් Huawei මධ්‍යස්ථාන වලදී සහ රුපියල් 44,900 ක මිලකට මිලදී ගත හැකිය.

Huawei හි සුපිරි කැමරා තාක්ෂණය මතකයන් සිහිවටන බවට පත්කරගැනීමේදී අතිශය වැදගත් වන අතර මෙම නවතම ස්මාර්ට්ෆෝනය කැමරා4කින් සමන්විත වෙයි. ඉදිරිපස කැමරා ද්විත්වය flash පහසුකම සහිත 13MP වන අතර පසුපස කැමරා ද්විත්වය ද flash පහසුකම සහිත16MP plus 2MP වෙයි. Huawei nova 2iහි ඉදිරිපස කැමරා ද්විත්වය ඡායාරූප ලබාගැනීමෙන් පසු ෆෝකස් කළ හැකි ජනප්‍රිය ඡායාරූප අලංකරණ මාදිලියක් වන bokeh තාක්ෂණයට අනුව නිපදවා තිබේ. මේ නිසා ඉතා සුපැහැදිලි මෙන්ම විචිත්‍රවත් ඡායාරූප ලබාගැනීම සඳහා මෙමඟින් හැකියාව ලැබේ.

පෙනුම සහ හැඩය අතින් සලකා බැලූ කළ Huawei nova 2i මනරම් පෙනුමකින් සහ නිමාවකින් ද යුක්ත වෙයි. කෙළවර හතර මදක් රවුම් හැඩයට නිමවා තිබීම නිසා භාවිතයේ පහසුව මෙන්ම මනා පෙනුමක් ද ලබා දෙයි. අඟල් 5.9 ක් වන වඩා පුළුල් වූ ස්පර්ශක තිරයකින් යුතු මෙම ස්මාර්ට්ෆෝනය අතින් අල්ලා ගැනීමේ පහසුව සැලසෙන ප්‍රමාණයෙන් යුක්ත වෙයි. ඉතා පුළුල් ස්පර්ශක තිරයකින් යුතු මෙම ස්මාර්ට්ෆෝනය උසස් තත්වයේ HD දර්ශන ලබාගැනිමේ හැකියාවෙන් යුක්ත වන අතර එමඟින් සමාජ මාධ්‍ය , වීඩියෝ නැරඹීම, කියවීම, ක්‍රීඩා කිරීම සහ අන්තර් ජාල පරිහරණය ආදිය සඳහා වැඩි පහසුකම් සපයයි.

2017 වසරේ දී BrandZ විසින් ලොව වටිනාතම සන්නාම 100 ශ්‍රේණිගත කෙරුනු අතර එහි 49 වන ස්ථානය හිමි කර ගැනීමට Huawei සමත් වී තිබේ. එමෙන්ම ලොව හොඳම සන්නාම සඳහා Forbes හි ශ්‍රේණිගත් කිරීමට අනුව 88 වන ස්ථානය හිමිකරගෙන සිටින Huawei, Brand Finance Global 500 හි 40 වන ස්ථානය හිමිකරගෙන සිටියි. මීට අමතරව 2017 වසරේ Interbrand’s හි ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලොව හොඳම සන්නාමය ලෙස 70 වන ස්ථානය හිමිකර ගැනීමට Huawei සමත්ව සිටියි. මෙම වසරට පෙර Fortune 500 සමාගම් ලැයිස්තුවේ 83 වන ස්ථාන හිමිවූයේ ද Huawei වෙත ය. ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් වෙලඳ පළින් 30% ක ප්‍රතිශතයක් අත්පත් කරගනිමින් Huawei මෙරට අංක එකේ ස්මාර්ට්ෆෝනය බවට පත්වීමට ආසන්නයේ සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top