Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 08, 2017

ඩෙනිම් ඇඟලුම් මෙරට නිපදවීමේ සුදානමක් !

තුර්කියේ ඩෙනිම් ඇඟලුම් නිෂ්පාදන සඳහා සම්භාණ්ඩ සහ ලේබල නිපදවන ප්‍රධාන සමාගමක් වන 'ඩෙරි ඩෙසන්' මෙරට තම නිෂ්පාදන ආරම්භ කිරීම සඳහා සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පසුගියදා තුර්කියේ කළ නිල සංචාරයේදී එරට ආයෝජකයන් හමුවී කළ ඉල්ලීමකට අනුව මෙම සමාගම මෙරට ආයෝජන සඳහා අවධානය යොමු කර ඇත.

මේ සාකච්ඡාව සඳහා එම සමාගමේ ගෝලීය සන්නාම සංවර්ධන කළමනාකරු සාර් මිසන්හි ෂදි, සාමාන්‍යාධිකාරි සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික එලීෆ් සෙර්ට්කායා, අපනයන මණ්ඩලයේ සභාපති ඉන්දිරා මල්වත්ත යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top