Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 13, 2017

චමත් පලිහපිටියගේ චෝදනාවට ෆේස්බුක් ප්‍රතිචාර Featured

ෆේස්බුක් ඇතුළුව සමාජ මාධ්‍ය ජාල සමාජය කඩා බිඳ දැමීමට හේතුකාරක වන බවට තම සමාගමේ හිටපු විධායක නිලධාරියෙකු එල්ල කර ඇති චෝදනාවකට ෆේස්බුක් සමාගම ප්‍රතිචාර දක්වා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

චමත් පලිහපිටිය නම් වන එම නිලධාරියා ශ්‍රී ලංකාවේ උපත ලබා වයස අවුරුදු පහේදී කැනඩාවට සංක්‍රමණය වූ අයෙකු වේ.

ඔහු පසුගිය මාසයේදී එල්ල කළ අදාළ චෝදනාවට මේ සතියේදී අන්තර්ජාලය හරහා පුළුල් ප්‍රචාරයක් ලැබිණ.

නමුත්, වසර හයකට වැඩි කාලයකට ඉහතදී පලිහපිටිය තම සමාගමෙන් ඉවත් වූ බව ෆේස්බුක් ‍ප්‍රකාශකයෙකු කියා සිටී.

ෆේස්බුක් හි නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙසින් කටයුතු කළ ඔහු පමණක් නොව එහි පළමු සභාපතිවරයා වන ෂෝන් පාකර් ද සමාජ මාධ්‍ය ජාල දැඩි විවේචනයට ලක් කර ඇත්තේ ඉන් දරුවන්ට ඇති කරන බලපෑම පෙන්වා දෙමිනි.

කෙසේ වෙතත්, ෆේස්බුක් සමාගම කියා සිටින්නේ, තම කාර්යභාරය ඉතා බරපතල ලෙසින් සලකන බවත්, එය වැඩිදියුණු කිරීම සඳහා දැඩිව කටයුතු කරන බවත් ය.

ෆේස්බුක් මගින් සමාජයට ඇති කරන බලපෑම සම්බන්ධයෙන් පිටස්තර ‍ප්‍රවීනයින් සමග එක්ව පර්යේෂණ සිදු කරන බව කියා සිටින එහි ප්‍රකාශකයා, නියමාකාර ඉලක්කගත ලෙසින් ආයෝජන සිදු කිරීමේ පරමාර්ථයෙන් තම ලාභාංශ අඩු කිරීමට පවා පියවර ගෙන ඇති බව පවසා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top