Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 18, 2017

ද බොඩී ෂොප් සරණාගත දරුවන්ට සරණ වෙයි

මෙවර උත්සව සමයේදී ලොව සරණාගත දරුවන්ගේ යහපත සැලසීම සඳහා International Alert සංවිධානය සමග එක්වී විශේෂ ප්‍රජා සත්කාරයක් දියත් කිරීමට ‘ද බොඩී ෂොප්’ සමාගම සැරසේ.

මෙම වැඩසටහන යටතේ ‘ද බොඩී ෂොප්’ හි විශේෂ නත්තල් තෑගි එකතුවට අයත් භාණ්ඩ මිලදීගැනීමේදී සෑම මිලදීගැනීමක් වෙනුවෙන්ම කිසියම් මුදලක් සිරියාවේ යුද්ධය නිසා සරණාගත වූ දරුවන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ‘Play for Peace’ වැඩසටහනට බැරවෙනු ඇත.

International Alert සංවිධානය විසින් ජාත්‍යන්තර Basmeh and Zeitooneh සංවිධානය සමග එක්ව ක්‍රියාවට නංවා ඇති ‘Play for Peace’ ව්‍යාපෘතිය, යුද්ධයේ බලපෑමට ලක්වූ දරුවන් එහි මානසික බලපෑමෙන් මුදවා ගැනීම සඳහා විනෝදාත්මක හා නිර්මාණශීලී ක්‍රියාකාරකම් භාවිතා කිරීම ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වේ.

bodyshop

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top