Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 19, 2017

මදුරුවන් පලවන Safeplus Citro එයි

ශ්‍රී ලංකාවේ අංක එකේ ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගම වන කඳානේ සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනය ඩෙංගු උවදුරෙන් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණෙන් මඳුරුවන් පලවාහරින හා දෂ්ඨකිරීමෙන් වලකන ‘ස්වදේශී Safeplus Citro’ පසුගියදා මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබිණි.

එම සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශය මගින් වසර ගණනාවක් පුරා ශාකසාර හා ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරෙන් මදුරුවන් දෂ්ඨ නොකරන හා පළවාහරින නිෂ්පාදනයක් සඳහා කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම නව නිෂ්පාදනය වෙළෙඳපොලට නිකුත් කෙරුණි.

වර්තමාන ශ්‍රී ලාංකේය ප්රජාවට මාරන්තික තර්ජනයක් බවට පත්ව තිබෙන ඩෙංගු වසංගතයට පිළියමක් ලෙසින් හඳුන්වාදුන් මෙම නව ‘ස්වදේශී Safeplus Citro’ සඳහා අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන ඇත්තේ දිගුකාලීනව මදුරුවන් දෂ්ඨ නොකිරීම හා පළවාහැරීමට ශ්‍රී ලාංකිකයන් විශ්වාස තැබූ ශාකසාරවන ස්වභාවික පැගිරි තෙල්, සේර, කරාබුනැටි තෙල් හා යුකැලිප්ටස්ය.

විශේෂයෙන්ම පැගිරි තෙල් හා සේර සංයෝගය මදුරුවන් දෂ්ඨ නොකිරීම සඳහා වඩාත් විශ්වාසනීය ස්වභාවික අමුද්‍රව්‍ය එකමුතුව සේ පැරණි ශ්‍රී ලාංකිකයෝ පිළිගත්හ.

‘ස්වදේශී Safeplus Citro’ නිපදවන්නේ ශාකසාර සනිපාරක්ෂක නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ පුරෝගාමී හා වඩාත් විශ්වාසනීය වෙළෙඳ සමාගම ලෙස 75 වසරකට වඩා කීර්තියක් හිමි කදානේ ස්වදේශී කර්මාන්තායතනය වන අතර, ‘කොහොඹ’, ‘රාණී’, ‘කොහොඹ බේබි’ හා ‘සේෆ්ප්ලස්’ එම සමාගමේ ප්‍රකට හා කීර්තිමත් නිෂ්පාදන වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top