Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 03, 2018

ජෝන් කීල්ස් ලොකු පුටු වෙනස්වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල වෙනස්කම් කිහිපයක් සිදුවී තිබේ.

වසර ගණනාවක් පුරාවට ජෝන් කීල්ස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටි නියෝජ්‍ය සභාපති - අජිත් ගුණවර්ධන හා එම සමූහයේ මූල්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස කටුයුතු කළ රොනී පීරිස් පසුගිය 31 දා සිට විශ්‍රාම ගෙන තිබුණි.

ගුණවර්ධන මහතා වසර 24ක් පුරාවට ජෝන් කීල්ස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු වූ අතර, පීරිස් මහතා ද 2002/03 දී අධ්‍යක්ෂක මණ්ඩලයට එක්විය.

ගුණවර්ධන මහතා හා පීරිස් මහතා වෙනුවට පිළිවෙළින් පත් කර ඇත්තේ මේ දක්වා විධායක අධ්‍යක්ෂකවරු ලෙස කටයුතු කළ ක්‍රිෂාන් බාලේන්ද්‍ර හා ගිහාන් කුරේ ය.

මේ අතර, ඊයේ (02) කොටස් වෙළඳපොල වෙත නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම දන්වා සිටියේ එහි සභාපති ලෙස කටයුතු කරන සුසන්ත රත්නායක මේ වසරේ දෙසැම්බර් 31දා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයට සමුදීමට නියමිතය. මේ අනුව 2019 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රිෂාන් බාලේන්ද්‍ර හා ගිහාන් කුරේ පිළිවෙළින් එහි සභාපති හා නියෝජ්‍ය සභාපති ධූර වලට පත්වනු ඇති බවද එහි වැඩිදුරටත් සඳහන් විය.

JKH1JKH2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top