Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
IWW Steel සමාගමේ සභාපති, වෛද්‍ය, ෂිවලිංගම් රමේෂ් මහතා විසින් නව වසර සමරමින් කාර්ය මණ්ඩල සාමාජික දරුවෙකුට පාසල් උපකරණ පිරිනැමූ අවස්ථාව IWW Steel සමාගමේ සභාපති, වෛද්‍ය, ෂිවලිංගම් රමේෂ් මහතා විසින් නව වසර සමරමින් කාර්ය මණ්ඩල සාමාජික දරුවෙකුට පාසල් උපකරණ පිරිනැමූ අවස්ථාව
Jan 09, 2018

IWW Steel සමාගම සමාජ සේවයෙන්ම වසර අරඹයි

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම වානේ කම්බි වෙළෙඳනාමයක වන RS QST වානේ කම්බිය නිපදවන IWW Steel සමාගමේ 2018 වසර සැමරීමේ උත්සවය එම සමාගමේ සභාපති, වෛද්‍ය, ශිවලිංගම් රමේෂ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් උස්වැටකෙයියාවේ පිහිටි සමාගම් කර්මාන්තශාලා පරිශ‍්‍රයේදී පසුගියදා පැවැත්වුණි.

මෙම අලූත් අවුරුදු සැමරීමේ උත්සවයෙහි විශේෂත්වය වූයේ IWW Steel සමාගමේ සභාපති වෛද්‍ය, ශිවලිංගම් රමේෂ් මහතාගේ පෞද්ගලික ධනයෙන් තම සමාගම් සේවක දරුවන් හා කර්මාන්තශාලා පරිශ‍්‍රය අවට පාසල් යන දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ පිරිනැමීමය. මෙම පාසල් උපකරණ පරිත්‍යාගය සිදු වූයේ අඛණ්ඩව පස්වනවරටය.

මේ පිළිබඳව අදහස් දැක්වූ සමාගමේ සභාපති, වෛද්‍ය, ශිවලිංගම් රමේෂ් මහතා,

"අප සමාගම සෑම නව වසරක්ම අරඹන්නේ අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් සිදු කරන සමාජ සත්කාරක වැඩසටහනකින්. ඒ අනුව අප මෙම 2018 වසර ඇරඹුවේ සමාගමේ සේවකයන්ගේ දරුවන්ට මෙන්ම සමාගම අවට පදිංචි පාසල් යන දරුවන්ටත් පාසල් උපකරණ බෙදා දීමෙන්. අප සමාගමේ අපේක්ෂාව වන්නේ එම දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථකවීම තුළින් අනාගත ශී‍්‍ර ලංකාවට උගත් බුද්ධිමත් පිරිසක් බිහිවීමයි. එමෙන්ම ඉතා කෙටි කළක් තුළ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම වානේ කම්බි නිපදවීමේ සමාගමක බවට අප පත්වූයේ අපේ කාර්ය මණ්ඩලයේ කැපවීම හා උනන්දුව හේතුවෙනුයි. එහෙයින් වසර ආරම්භයේදීම අපේ කාර්ය මණ්ඩලය ඇගයීම හා ඔවුන් දිරිමත්කිරීම අපේ වගකීමක්. කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ පිරිනැමුවේත් ඔවුන්ට යම් සහනයක් ලබාදීම හා ඔවුන්ව දිරිමත්කිරීමේ අරමුණෙන්" යැයි පැවසීය.

චීනය හා ඉන්දියාවෙන් ආනයනය කරන උසස්තම වානේ බිලට්, වානේ කම්බි නිපදවීමට ලොව පිළිගත් සවිබලගැන්වීමේ රසායනිකයන් හා තාක්ෂණික ක‍්‍රමවේද යටතේ මෙරට ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට අවශ්‍ය ප‍්‍රමිතියෙන් උසස් වානේ කම්බි නිපදවන IWW Steel සමාගම වසර 2010දී ඇරඹූවකි. එම සමාගම නිපදවන RS QST RB 500 වානේ කම්බිය ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය පිරිනමන SLS 375:2009 ප‍්‍රමිති සහතිකයෙන් පිදුම් ලැබූවකි.



Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top