Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 11, 2018

වැලිපැන්නට ඖෂධ නිෂ්පාදන කර්මාන්ත කලාපයක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත කලාපය ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ (SMPC) සභාපති - වෛද්‍ය සයුරු සමරසුන්දර, මැලේසියානු ව්‍යවසායකයෙකු වන පැට්‍රික් ලිම් සූ කිට්, ලංකාවේ ඖෂධ නිෂ්පාදකයන්ගේ වෙළඳ මණ්ඩලයේ සභාපති - වෛද්‍ය ලෝහිත සමරවික්‍රම, B.P.C. හෙල්ත් කෙයා ආයතනයේ වෛද්‍ය ජේ, හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ එම්. සුන්දරලිංගම් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙයට සහභාගී විය.

මේ අනුව එම කර්මාන්ත කලාපය කළුතර වැලිපැන්න ප්‍රදේශයේ ඉදි කෙරෙන අතර, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ඖෂධ මිලදී ගැනීමට නියමිතය.

මෙම කලාපය ඉදිකරන ෆාමා සෝන් (පෞද්ගලික) සමාගම (Pharma Zone (Pvt) Ltd), මැලේසියාවේ ජොහොර් හි සුල්තාන්වරයා ගේ ආයෝජක සමාගමක් වන Inti Kemuncak Sdn Bhd විසින් ඇමරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවන ආයෝජනයක් යොදමින් ආරම්භ කර තිබේ. මෙම කලාපයේ පරිපාලන ලිම් සූ කිට් මහතාගේ ප්‍රමුඛස්ථානයෙන් සිදුවීමට නියමිත අතර, මෙම කලාපයේ තත්ත්වයන් නිර්ණය කිරීමේ හා පරීක්ෂාවට ලක්කීරීමේ කාර්යය සෞඛ්‍ය අමාත්‍යංශය සතුව පවතියි.

මෙම කලාපයේ කර්මාන්ත ඉදිකිරීමට මේ වන විට ලංකාවේ ඖෂධ නිෂ්පාදකයන්ගේ වෙළඳ මණ්ඩලයේ සමාජිකයන් 17ක් ඉදිරිපත්වී ඇතැයි ද වෛද්‍ය සමරවික්‍රම මහතා මෙහිදී පැවසීය.

එම සමාගම් වලට විදුලිය, ජලය, ආරක්ෂාව, මාර්ග පහසුකම්, ඉවතලන ජල කළමනාකරණය වැනි යටිතල පහසුකම් සියල්ලම සපයනු ලැබේ.

ප්ලාස්මා වලින් ඖෂධ

මේ අතර, මෙම අවස්ථාවේදී මැලේසියානු සමාගමක් සහ B.P.C. හෙල්ත් කෙයා ආයතනය මෙම කර්මාන්ත කලාපය තුළ ඖෂධ නිෂ්පාදන කිරීමට ගිවිසුම් අත්සන් කරන ලදී.

B.P.C. හෙල්ත් කෙයා ආයතනය ඉවත ලන රුධිර ප්ලාස්මා භාවිතා කරමින් ඖෂධ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ සායනික අපද්‍රව්‍ය ලෙස සෑම වසරකදී ම රුධිර ප්ලාස්මා ගැලුම් 1000 ක් පමණ විනාශ කරන බවත් එය එක් අතකින් පරිසර විනාශයක් බවයි. ෆාමා සෝන් කලාපය ඇරඹීම සඳහා දැක්වූ සහය සඳහා ජොහොර් හි සුල්තාන්වරයා වෙත ඉතාමත් කෘතඳ වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති - වෛද්‍ය සයුරැ සමරසුන්දර මහතා පවසා සිටියේ වසරකින් පමණ ආරම්භ කිරීමට අපේක්ෂිත මෙම කලාපය හේතුවෙන් ඉදිරියේදී ආනයනික ඖෂධ මත යැපීමට ලංකාවට සිදුනොවන බවයි.

ඉහත ඉදිරිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හා ගිවිසුම්ගත වීම පිළිබඳව සිය සතුට පළ කළ සූ කිට් මහතා සඳහන් කර සිටියේ මෙම කලාපය සඳහා විදෙස් ආයෝජකයන් එක්කර ගැනීමටද අපේක්ෂා කරන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top