nsb

Dec 02, 2016

LOLC - ක්‌ලබ් මෙඩ් ඓතිහාසික ගිවිසුමකට

LOLC සමූහය සහ ප්‍රංශයේ ක්‌ලබ් මෙඩ් අතර පසුගියදා ඓතිහාසික ගිවිසුමකට එළැඹෙමින් බේරුවල පිහිටි රිවරිනා නිකේතනය ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‌ලබ් මෙඩ් නිකේතනය ලෙස සන්නාමගත කෙරිණි.

මෙම මං සලකුණු ගිවිසුමට LOLC සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ / ප්‍රධාන විධායක නිලධාරි කපිල ජයවර්ධන මහතා සහ ක්‌ලබ් මෙඩිටෙරනි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි හෙන්රි ගිස්‌කාඩි එස්‌තොං මහතා අදාළ සමාගම් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරනු ලැබීය.

ගෝලීය වශයෙන් කීර්තිමත් ක්‌ලබ් මෙඩ් සන්නාමය ශ්‍රී ලංකාවේ තහවුරු කිරීමෙන් මෙරට ඉහළ වටිනාකම් සහිත සංචාරක කර්මාන්තයේ අනාගතය උදෙසා නව පරිච්ඡේදයක්‌ උදා වේ.

ගිවිසුමට අනුව ක්‌ලබ් මෙඩ් මගින් රිවරිනා, සිය විදේශීය සංචාරක ගමනාන්තයක්‌ ලෙස සන්නාමගත කොට අලෙවිය සහ කළමනාකරණය සිදු කරන අතර, යුරෝපයේ සහ ආසියාවේ සමෘද්ධිමත් සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරලනු ඇත. මෙම වර්ධනය තුළින් ශ්‍රී ලංකාව ඉහළ වටිනාකමක්‌ සහිත සංචාරකයන්ගේ ආකර්ෂණයක්‌ බවට පත්කරලීමේ අපේක්‍ෂාවන්ට ලංවන අතරම, සෘජු සහ වක්‍ර රැකියා අවස්‌ථා සැලකිය යුතු සංඛ්‍යාවක්‌ බිහි කරයි. ක්‌ලබ් මෙඩිටෙරනි එස්‌ඒ හෙවත් කල්බ් මෙඩ් ලෙස පොදුවේ හඳුන්වන මෙම ප්‍රංශ සාමගම ලොව පුරා විදේශීය සංචාරක ගමනාන්තයන් රැසක 'සමාජ නිකේතන' රැසක්‌ පවත්වාගෙන යයි.

ප්‍රමුඛ පෙළේ විවිධාංගික සමාගම් පවුරක්‌ වන LOLC සමූහය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික අංශයන්හි ක්‍රියාත්මක වන අතර පසුගිය මාස කිහිපය තුළ අසල්වැසි මාලදිවයිනේ සිය සංචාරක ආයෝජන කළඹ කැපී පෙනෙන ලෙස පුළුල් කළේය. මාලේ නුවර සහ අනෙකුත් අටෝලුවල වටිනා සංචාරක දේපොළ අත්පත් කර ගනිමින් LOLC මාලදිවයිනේ සැලකිය යුතු ආයෝජනයක්‌ සිදු කොට තිබේ. සංචාරක ක්‍ෂේත්‍රයේ සිය අභිලාශයන් විවිධාංගීකරනය කරමින් LOLC සමූහය ගමනාන්ත කළමනාකරන සමාගමක්‌, පර්යන්ත හස්‌තයක්‌ සහ ජනප්‍රිය විනෝදාස්‌වාද සංකීර්ණයක්‌ බිහි කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top