Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 24, 2018

අක්ෂි දානයට DFCC සවිය

මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන DFCC බැංකුව පසුගියදා අක්ෂි දාන වැඩපිළිවෙළක් සඳහා ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව හා එක්විය.

මෙම වැඩපිළිවෙල සඳහා බැංකු කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු පුද්ගලයන් 300ක් පමණ එක්විය.

කොළඹ, මහනුවර හා කුරුණෑගල යන නගර වල එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන පවතින ජාතික අක්ෂි බැංකුවේ සේවකයන් පුහුණු කරනු ලබනුයේ සිංගප්පූරු ජාතික අක්ෂි මධ්‍යස්ථානය විසිනි.

මේ පිළිබඳව DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී - ලක්ෂ්මන් සිල්වා මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනි :

"සමාජ වගකීම් පිළිපැදීම සඳහා ගනුදෙනුකරුවන්, සේවකයින් සහ සේවා සපයන්නන් ඇතුළු අපගේ පාර්ශ්වකරුවන්ට අප නොකඩවා උනන්දු කරවන අතර මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව සමඟ එක් වීමෙන් සමාජයට බලපෑමක් ඇතිකළ හැකි සමාජ සත්කාර ව්‍යාපෘති හා එක්වීමට පූර්වාදර්ශයක් ලබාදීමට හැකි බවට අපට දැනුනි.”

Image 03

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top