Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 29, 2018

ඇපලෝ සමග ක්‍රීඩන්ස් ජෙනෝමික්ස් නව ගමනක් අරඹයි

බියෝන්ඩ් බයෝටෙක් 2018 වෛද්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී අදියරක් සනිටුහන් කරමින් ජීව විද්‍යා වෛද්‍ය සේවා සඳහා නව මංපෙත් විවර කරන අතර මෙහි සුවිශේෂී අවස්ථාවක් පසුගිය 25දා කොළඹ ශ්‍රී ලංකා පදනම පරිශ්‍රයේ පැවැත්වුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ගරු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, ඇපලෝ රෝහල් සමූහයේ උප සභාපතිනිය වන දොස්තර ප්‍රීතා රෙඞ්ඩි ඇතුළු දෙස් විදෙස් ප්‍රභූවරුන්, විද්‍යාඥයින් හා වෛද්‍ය විශේෂඥයින් රැසකගේ සහභාගිත්වනේ මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහය සතු එම උප මහද්වීපය තුළ ව්‍යාප්තව ඇති රෝහල් විශාල සංඛ්‍යාවක රෝග කාරක විනිශ්චය පිළිබඳ විශේෂිත ඞී.එන්.ඒ. (DNA) සේවා සැපයීම සඳහා ක්‍රීඩන්ස් ජෙනෝමික්ස් පෞද්ගලික සමාගම පත් කිරීම ශ්‍රී ලාංකික වෛද්‍ය සේවා ක්ෂේත්‍රයේ ජයග්‍රාහී අවස්ථාවකි. ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටා ඇති අති නවීන විද්‍යාගාර සංකීර්ණයක් මගින් මෙම සුවිශේෂී ඞී.එන්.ඒ. රෝග නිර්ණය සේවා සියලූ ඇපලෝ රෝහල් වෙත ලබා දීමට කටයුතු සලසා ඇත. ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට මෙවැනි සුවිසල් සේවා යටිතල පහසුකම් දියත් වන අතර මෙමගින් ලබන නිපුණතාවය ඔස්සේ වෛද්‍ය සේවා පදනම් වූ සංචාරක ක්‍ෂේත්‍රය වඩා වර්ධනය කර ගැනීමට හැකියාව උරුම වනු ඇත. ක්‍රීඩන්ස් ජෙනෝමික්ස් ආයතනය ගොඩනගා ගෙන ඇති සුවිශේෂී වූ විද්‍යාත්මක නිපුණතාවයන්, අති නවින තාක්‍ෂණය හා යටිතල පහසුකම් එම ආයතනයේ ඉදිරි ක්‍රියාදාමයන් හා නව නිපැයුම් එළි දැක්වීම බියෝන්ඞ් බයෝටෙක් 2018 සම්මන්ත්‍රණයේ එක් අරමුණකි. එමගින් දේශයක් ලෙස ශ්‍රී ලංකාව වෙත අත්වන පිළිගැනීමත්, හැකියාවත් ඔස්සේ රාජ්‍ය අනුග්‍රහය, සැලසුම් සම්පාදනය, විද්‍යා හා පර්යේෂණ ක්‍ෂේත්‍ර සියලූ වැදගත් කොටස් එක් අරමුණක් ඔස්සේ ඒකරාශී කිරීම තවත් අරමුණකි.

මෙම සම්මන්ත්‍රණයේ සාර්ථකත්වය පිටුපස ක්‍රීඩන්ස් ජෙනෝමික්ස් පෞද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන මයික්‍රෝ ජෙනෝමික්ස් ආයතනයත් ලොව විශාලතම ජීව විද්‍යා තාක්‍ෂණ සේවා සැපයුම් ආයතනය වන තර්මෝ ෆිෂර් සයන්ටිෆික් සමාගමත් ලබාදුන් නොමසුරු දායකත්වය සඳහන් කළ යුතුය.

දොස්තර වාස් ඥානම් මහතාගේ පුරෝගාමී දැක්මක ප්‍රථිපලය ලෙස 2011 වසරෙදි ආරම්භ වූ ක්‍රීඩන්ස් ජෙනෝමික්ස් පෞද්ගලික සමාගම අද වන විට ඞී.එන්.ඒ. රෝග නිර්ණය කිරීමේ ක්‍රමවේද, තාක්‍ෂණ හා සම්බන්ධ වෛද්‍ය සේවා සැපයීම් මගින් ඉදිරියෙන්ම සිටියි. දොස්තර ඥානම් මහතා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා ආයතනයේදී (NHS) ජාන විද්‍යාව හා සුවිශේෂ පරිගණක තාක්‍ෂණ පිළිබඳ රැස් කර ගත් අත්දැකීම් සම්භාරය ශ්‍රී ලාංකීය ජනතාවටත් පොදුවේ මනුෂ්‍ය සමූහයටත් සුවසෙත සැළසීමට යොමුකොට ඇත. එම අභිප්‍රාය මුදුන්පත් කර ගැනීම පිණිස ඔහු වර්ෂ 2015 සිට විවිධ සේවා හඳුන්වා දී ඇත. ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ එන්.ජී.එස් (NGS) තාක්‍ෂණය භාවිතා කර රෝග කාරක නිර්ණය කිරීමේ ගෞරවය ඔහු හිමි කරගෙන සිටියි. අද වන විට මෙම ආයතනයට හිමි වී ඇති අන්තර්ජාතික පිළිගැනීම දොස්තර ඥානම් මහතාගේ කැපවීමේ ප්‍රතිඵලයකි.

තර්මෝ ෆිෂර් සයන්ටිෆික් ආයතනය, ක්‍රීඩන්ස් ජෙනෝමික්ස් පෞද්ගලික සමාගම මෙම ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය පූර්ණ ඇගයිමකට ලක් කොට එහි ඉදිරි ගමන සඳහා තම පූර්ණ සහයෝගය පළ කිරීම අනාගත බලාපොරොත්තු පිළිබඳ සඵල ඉඟියක් හා මහඟු අනුග්‍රහයක් වන බව නොඅනුමානයි. අතිගරු ජනාධිපතිතුමාගේ දැක්මත්, ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පූර්ණ දායකත්වයත් මූලිකව බොහෝ විද්වතුන් විසින් විවිධ මාතෘකා ඔස්සේ ක්‍ෂේත්‍ර කරුණු ඉදිරිපත් කරන ලදි. ඔවුන් අතර දොස්තර ප්‍රීතා රෙඞ්ඩි, මහාචාර්ය ජෙනිෆර් පෙරේරා, ආචාර්ය වී.එන්. චන්ද්‍රශේකරන්, මහාචාර්ය දීප්ති සී. ද සිල්වා, දොස්තර ගයාත්‍රි එන්. සිල්වා හා දොස්තර වාස් ඥානම් විසින් ඉදිරිපත් කරන ලද දේශන සඳහා සභාවේ ප්‍රශංසාව හිමිවිය.

”ක්‍රීඩන්ස් ජෙනෝමික්ස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාව සතු සුවිශේෂ විද්‍යාත්මක වෛද්‍ය තාක්‍ෂණ හා තොරතුරු තාක්‍ෂණ හැකියාවන් ලොවට දායාද කර ඇත. මෙය මාගේත් පොදුවේ අප සමාගමේ සියලූ දෙනාගේ හැකියාවන් තුළින් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් කොට සළකමි. ඇපලෝ සමාගම අප වෙත තබා ඇති විශ්වාසය ඔස්සේ අනාගතයේදී අපේ රටටත් පොදුවේ මනුෂ්‍ය සමූහයටත් වඩා ගුණාත්මක සේවා ලබා දීම අපගේ අභිප්‍රායයි. මෙම සම්මන්ත්‍රණයේදී එළි දක්වන ලද සේවා ක්‍රමවේද හා තාක්‍ෂණය එම අභිප්‍රාය සඵල කරන බව අපගේ විශ්වාසයයි,” යැයි දොස්තර ඥානම් මහතා වැඩි දුරටත් කියා සිටී.

IMG 6708

IMG 6734

Apollo3

Apolo1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top