Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 31, 2018

ජනපතිට තේ මණ්ඩලේ සභාපතිගෙන් බකට් එකක් Featured

තේ ප්‍රතිඅපනයනය ලබන පෙබරවාරි 10 වැනිදා සිට මුළුමනින්ම නවත්වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතාගෙන් විරෝධය එල්ලවී තිබේ.

මේ ප්‍රකාශය හේතුවෙන් තේ කර්මාන්ත කේෂත්‍රයේ බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇතැයි ද ඔහු කියා සිටී.

ජනාධිපතිවරයා මීට දින දෙකකට පෙර වතුකරයේ දේශපාලන රැලියකදී කියා සිටියේ ලබන පෙබරවාරි 10 වැනිදා සිට මෙරට තේ ප්‍රතිඅපනයනය මුළුමනින්ම තහනම් කිරීමට කටයුතු කර දේශීය තේ වගාකරුවන්ට තව තවත් සහන ලබාදෙන බවයි.

පෙතියාගොඩ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“ ජනාධිපතිවරයා මෙහෙම ප්‍රකාශයක් කලාද කියල ඇත්තටම හිතන්න අමාරුයි. එහෙම කිව්වනම් වැරදියි. මේවගේ ප්‍රතිපත්ති තිරණ ගන්න නම් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කළ යුතුයි. හැබැයි එහෙම සාකච්ඡා නැතිව පසුගිය අවුරුදු කීපයේම තීරණ කීපයක් ගත්තා. ග්ලයිෆොසේට් තහනම් කිරීම එකක්. ඒ නිසා දැන් වතුකරේ ගොවියෝ වෙනත් නීති විරෝධී විෂ රසායන තේ සඳහා යොදනවා”

ජනාධිපතිවරයාගේ මේ තිරණයත් සමඟ දැනට ප්‍රති අපනායනය සඳහා සූදානම් කරලා තියෙන මෙහේ බෙලෙන්ඩ් කරපු තේවලට මොකද කරන්නේ යන ගැටලුවත්, එල්.සී. වලට මොකද කරන්නෙ කියන ගැටලුවත් තේ අපනයන කරුවෝ අපෙන් අහනවා යනුවෙන්ද පෙතියාගොඩ මහතා පැවසීය.

කැබිනට් පත්‍රිකාවක් දාන්න ඕන

එසේම මෙවැනි ප්‍රතිපත්තිමය තිරණයක් ගැනීමට පෙර කැබිනට් පත්‍රිකාවක් යොමුකර අනුමැතිය ගතයුතු බවද ඔහු කියා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙන් තේ ගෙන්වා මිශ්‍රකර තේ අපනයනය කරන අපනයනකරුවන් රැසක් මෙරට සිටින බවයි.

මේ තීන්දුව ගැන නැවත සලකා බැලීමක් සිදු කරන ලෙස විෂයභාර අමාත්‍යවරයා හරහා ඉල්ලීමක් කරන බව ද පෙතියාගොඩ මහතා කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top