Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 05, 2018

කොහොඹ ස්වර්ණාභිෂේක වාසනා සමග තෑගි

ශ්‍රී ලංකාවේ ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගම වන කඳානේ සීමාසහිත ස්වදේශි කර්මාන්තායතනය, ශ්‍රී ලංකාවේ අංක එකේ ශාකසාර කොහොඹ සබන් නිෂ්පාදනයවන කොහොඹ සබන් ‘ස්වදේශි කොහොඹ ස්වර්ණාභිෂේක වාසනා’ ප්‍රවර්ධන වැඩසටහන මේ වන විට දියත් කර තිබේ.

මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ දිනපතා කැරට් 22 අලංකාර රන් පෙන්ඩනයක් තිළිණ කරන අතර මාසිකව පරිසර හිතකාමී විදුලි ස්කූටරයක් දිනාගැනීමට අවස්ථාව හිමිවේ.

‘ස්වදේශි කොහොඹ ශාකසාර සබන් නිෂ්පාදනයට වසර 75ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන මෙම ‘ස්වදේශි කොහොඹ ස්වර්ණාභිෂේක වාසනා’ ප්‍රවර්ධන වැඩසටහනට එක්වීමට පාරිභෝගිකයන් කළ යුත්තේ ‘ස්වදේශී කොහොඹ ශාකසාර සබන්’/‘කොහොඹ ඩියෝ ෆ්රෙෂ්’ සබන් දවටන 2ක් හෝ ‘ස්වදේශී කොහොඹ 4 in 1 Herbal Soap Econony pack ඇසුරුමක්’ සමග නම හා ලිපිනය සදහන් කර ‘ස්වදේශි කොහොඹ ස්වර්ණාභිෂේක වාසනා’, තැපැල් පෙට්ටිය 04, කදාන යන ලිපිනයට එවීම පමණී.

දිනපතා දිණුම් අදින මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් දිනය 2018 පෙබරවාරී 28වනදාය. ජයග්‍රාහකයන් පුවත්පත් මගින් නිවේදනය කෙරේ.

මෙම ‘ස්වදේශි කොහොඹ ස්වර්ණාභිෂේක වාසනා’ ප්‍රවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ ස්වදේශී සමාගමේ ප්රකාශිකාවක පැවසුවේ, ‘ශ්‍රී ලංකවේ ප්‍රථම ශාකසාර සබන් නිෂ්පාදනය ලෙසින් ස්වදේශී කොහොඹ ශාඛසාර සබන් මෙරටට හඳුන්වාදුන්නේ 1943දීයි. සෙසු ශාකසාර සබන් නිෂ්පාදනවලට ළගා විය නොහැකි තරමින් ‘ස්වදේශි කොහොඹ’ වෙළෙඳනාමය දශක 7ක් පුරා මෙරට ශාකසාර සබන් ක්ෂේත්‍රයේ වැඩිම අලෙවිය හිමිවීම අනභිබවනීය විජග්‍රහණයක්. එයට විශේෂිතම හේතුව වූයේ මෙරට යුවතියන් පරම්පරා ගණනක් ආයූර්වේද ශාකසාර සත්කාරයක් ලෙස භාවිතා කරන ස්වභාවික කොහොඹ සාරය එහි තිබීමයි’ යන්නය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top