Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 08, 2018

හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් වෙතින් නව ව්‍යාපෘති දෙකක්

Asia Property Awards හිදී සිය සාර්ථකත්වය සමරමින් හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් සිය නවතම නිවාස ව්‍යාපෘති දෙක දියත් කරයි.

අතුරුගිරියේ ඉදිවන ආරියානා රෙසෝර්ට් එපාර්ට්මන්ට් සහ මාලඹේ ඉදිවන ස්පාර්ක්ලස් ස්කයිලයින් රෙසිඩෙන්සීස් මෙලෙස ඉදිවන නවතම ව්‍යාපෘති දෙක වන අතර මේ යටතේ නව නිවාස ඒකක 423 ක් ඉදිකිරීමට නියමිතය. මෙම නිවාස ව්‍යාපෘති දෙක දියත් කිරීම සම්භාව්‍නීය අමුත්තන් පිරිසක් ඉදිරියේදී ව්‍යාපෘති කණ්ඩායම් සහ සමාගමේ සාර්කත්වයට කැප වූ සියලුම දෙනාගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණ.

වර්තමානය වන විට කොළඹ හා ආශ්‍රිත ප්‍රදේශ වල අඩු වියදම් නවීන නිවාස සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතී. නමුත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින ඉහල ඉඩම් මිල නිසා බොහෝ දෙනෙකුට සිය නිවාස සිහිනය සැබෑ කරගැනීම දුෂ්කර කාර්යයක් වී තිබේ. මේ නිසා ඉඩමක් මිලදී ගෙන නිවාසයක් ඉදිකිරීමට යන වියදම අවම කරමින් නිවාස සිහිනය සැබෑ කර ගැනීම සඳහා කදිම අවස්ථාවක් ලෙස මෙම නිවාස ව්‍යාපෘති හදුන්වා දිය හැකිය.

අතුරුගිරියේ පිහිටා ඇති ආරියානා රෙසෝර්ට් එපාර්ට්මන්ට්ස් අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම ඇතුළු සියලු නාගරික පහසුකම් වලට සමීපව පිහිටා ඇති අතර ජීවත් වීමට සුදුසු නිසංසල වටපිටාවක පිහිටා තිබේ. අති සාර්ථකව හෝටලයක් පවත්වාගෙන ගිය පරිශ්‍රයක ඉදිවන මෙම නිවාස සංකීර්ණය සියලු සුපිරි පහසුකම් වලින් පරීපූර්ණව ඉදිකෙරෙන්නකි. කාය වර්ධන මධ්‍යස්ථානයක්, ව්‍යායාම් පථයක්, පිහිනුම් තටාකයක්, භාවනා කිරීම සඳහා ස්ථානයක්, ටෙනිස් පිටියක්, බාස්කට් බෝල් පිටියක්, පුස්තකාලයක්, පොත් කියවීම සඳහා ස්ථාන,හදිසි ගිලන් රථ සේවා, ළමා ක්‍රීඩා පහසුකම්, අවන්හල්, පබ්, සුපර්මාකට් ආදී වශයෙන් 50කට අධික අතිරේක පහසුකම් රැසකින් සමන්විත මෙම නිවාස සංකීර්ණය සියලු පරම්පරාවල අවශ්‍යතා වලට සරිලන ආකාරයෙන් ඉදිකර ඇත. නිවාඩු නිකේතනයක සහ හෝටලයක ඇති පහසුකම් වලින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ ගතකරන සෑම දිනයක්ම පවුලේ අය සමඟ විවේකී දිනයක හෝ නිවාඩුවක සතුට අත්විදිය හැකි වෙයි.

මාලඹේ නිසංසල පරිසරයක ඉදිවන ස්පාක්ලස් හෝම්ලෑන්ඩ්ස් ස්කයිලයින් නිවාස සංකීර්ණය පාසැල්, බැංකු, රෝහල්, සුපර්මාකට්, සහ අවන්හල් ආදී එදිනෙදා අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍ය සාධක සියල්ලටම සමීපයෙන් පිහිටා තිබෙන නිසා දෛනික ජීවිතය පහසු කරවන අනිත් නිවාස ව්‍යෘපෘතියයි. මෙම නිවාස ව්‍යාපෘතිය Glint,Shimmer, Sapphire සහ Ruby යනුවෙන් ආකාර 4කින් යුත් නිවාස වලින් සමන්විත වෙයි. මේ අතුරින් පුද්ගල අවශ්‍යතාවට ගැලපෙන ආකාරයේ නිවාසයක් තෝරාගැනීමේ නිදහස පාරිභෝගිකයින් වෙත මෙහිදී හිමිවෙයි. පෞද්ගලිකත්වය ඉහළින්ම ආරක්ෂාකෙරෙන වටපිටාවකින් යුතු වැදගත් අසල්වැසියන් පිරිසක් සමඟ ජීවිතය ගතකරන්න මෙම නිවාස සංකීර්ණය කදිම ස්ථානයකි.පිටත වටරවුම් පාර,අධ්‍යාපන ආයතන, රෝහල්, රජයේ කාර්යාල හා ළඟදී ඉදිවන මොනෝ රේල් ආදී සියලු පහසුකම් වලට සමීපව ඉදිවන මෙම නිවාස සංකීර්ණය ජීවිතයේ සතුට නොඅඩුව අත්විඳිය හැකි තෝතැන්නකි.

ළඟදීම මෙම නිවාස ව්‍යාපෘති දෙක ඉදිවීමට නියමිත අතර ජීවිතයේ මඟ නොහැරිය යුතු අවස්ථාවන් ලෙස මෙම නිවාස සංකීර්ණ හඳුන්වා දිය හැකිය.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top