Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 12, 2018

හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික් කාර් වල අජීවි බැටරි ගන්න ග්‍රීන් ලින්ක්ස් ලංකා එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම හා ප්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ සමාගමවන ‘ග්‍රීන් ලින්ක්ස් ලංකා සමාගම’(Green Links Lanka Pvt Ltd) ප්‍රතිචක්‍රීකරණය සඳහා හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් මෝටර්රථවල පාවිච්චියෙන් ඉවත් කළ අජීවි බැටරි බලයලත් සපයන්නා ලෙස බෙල්ජියමේ ‘යුමිකෝර් බැටරි රීසයික්ලින් සමාගම’ (Umicore Battery Recycling Company) විසින් පත් කර තිබේ.

ඒ සඳහා වූ අවබෝධාත්මක ගිවිසුම ‘ග්‍රීන් ලින්ක්ස් ලංකා සමාගමේ’ කළමනාකාර අධ්‍යක්ෂ, නලීන් ගුණරත්න මහතා හා ‘යුමිකෝර් බැටරි රීසයික්ලින් සමාගමේ’ ගෝලීය වාණිජ හා සම්පත් අංශයේ කළමනාකරු, ගිස්ලෙයින් වෑන් ඩෑම් මහතා අතර බෙල්ජියමේ හොබෝකෙන් නගරයේදී පසුගියදා අත්සන් තැබිණ. එම අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලූම වර්ගයේ හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් මෝටර්රථවල අජීවි බැටරි සුරක්ෂිතව එක්රැස් හා ගබඩා කර බෙල්ජියමේ ‘යුමිකෝර් බැටරි රීසයික්ලින් සමාගම’ වෙත සැපයීමේ කාර්යය ‘ග්‍රීන් ලින්ක්ස් ලංකා’ සමාගමට පැවරේ.

අජීවි බැටරි ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ලොව විශිෂ්ටතම තාක්ෂණයවන UHT (Ultra High Temperature) ක්‍රමවේදය පිළිබඳව අට වසරක පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදුකිරීමෙන් පසු වසර 2012දී අරඹන ලද බෙල්ජියමේ ‘යුමිකෝර් බැටරි රීසයික්ලින් සමාගම’ 2012 වසරේ පරිසර හිතකාමී සමාගමක ලෙසින් European Business Award සම්මානයෙන් පිදුම් ලද සමාගමද වේ. 14000ක සේවක පිරිසක් හිමි ‘යුමිකෝර් සමාගම’ කර්මාන්ත වැඩබිම් 86ක් හා ලොව පුරා පර්යේෂණ සංවර්ධන අංශ හා තාක්ෂණික මධ්‍යස්ථාන 20ක් හිමි ලොව දැවැන්තම බැටරි ප්‍රතිචක්‍රීක‍රණ සමාගමකි.

මෙම නව ගිවිසුම යටතේ ‘ග්‍රීන් ලින්ක්ස් ලංකා සමාගම’ විසින් ප්‍රමුඛතම මෝටර්රථ සමාගම් විසින් අලෙවි කළ හයිබ්‍රිඩ් ප්ලග් ඉන් හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික්ක් මෝටර්රථවල වූ ඉවත් කරන ලද Nickel Metal Hydride හා Lithium-Iron බැටරි කට්ටල ප්‍රතිචක්‍රීකරණය සඳහා අපනයනය කෙරේ.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා මධ්‍යම පරිසර අධිකාරයේ (CEA) පූර්ණ අනුමැතිය ලත් සමාගමකවන ‘ග්‍රීන් ලින්ක්ස් ලංකා සමාගම’ පාවිච්චි කළ පරිගණක, ලැප්ටොප්, රූපවාහිනි, LED මොනිටර්ස්, පරිගණක මුද්‍රණ යන්ත්‍ර, ස්කෑනර්, ජායාපිටපත් යන්ත්‍ර, ශීතකරණ, වායුසමන යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර, දුරකතන, ජංගම දුරකතන, ඩිජිටල් කැමරා හා ඇල්කලයින් බැටරි ආදිය Basel බලපත්‍ර යටතේ හොංකොං, චීනය, දකුණු කොරියාව හා මැලේසියාව යන රටවලට අපනයනය කෙරේ. එයට අමතරව ජපානය, බ්‍රිතාන්යය, ජර්මනිය, බෙල්ජියම හා මැලේසියාව සමගද ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අපනයනයට ගිවිසුම්ගත සමාගමක වන ‘ග්‍රීන් ලින්ක්ස් ලංකා සමාගම’ මේ දක්වා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් 6000 ට වැඩි ප්‍රමාණයක් අපනයනය කර ශ්‍රී ලංකාවට විදේශ විනිමය විශාල වශයෙන් උපයාදුන් සමාගමකි. සිංගර් ශ්‍රී ලංකා, ජෝන් කිල්ස්, මෙට්‍රොපොලිටන් ඇතුළු මෙරට ප්‍රමුඛතම සමාගම්, බැංකු හා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් 400කට අධික ප්‍රමාණයක් ‘ග්‍රීන් ලින්ක්ස් ලංකා සමාගම’ට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සපයනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ‘ග්‍රීන් ලින්ක්ස් ලංකා සමාගමේ’ කළමනාකාර අධ්‍යක්ෂ, නලීන් ගුණරත්න මහතා පැවසුවේ, ‘පරිසර හිතකාමී සමාගමක් ලෙසින් අප සමාගම ඇරඹුවේ මගේ කාරයෙහි ඩිකියට පැරණි සයිලන්සර් එකතු කරමින්. එහෙයින් වර්තමානය වනවිට ලොව ප්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ සමාගම් අපව පිළිගැනීම හා එම සමාගම්වලට භාණ්ඩ යැවීමට අවස්ථාව උදාවීම අප ලද විශාල ජයග්‍රහණයක්. පසුගිය කාලයේදී කොළඹ ආසන්නයේ කුණු කන්දක් පුපුරා ගියා හා සමානව අනාගතයේදී අප මුහුණදෙන මීළග අනතුරවන්නේ මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස්වීමයි. එම නිසා පාවිච්චියෙන් ඉවත් කළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අප සමාගමට ලබාදී පරිසර හිතකාමී පුරවැසියන් ලෙස ජීවත්වීමට මෙම අගනා වැඩසටහනට එක්වන ලෙසින් සැමට මම ආරාධනා කරනවා. ඔබට පහසුවක් ලෙසින් අප සමාගම ජංගම රථයක් හඳුන්වා දී තිබෙන අතර දුරකතන අංක 011 566 0 300 ට ඇමතීමෙන් හෝ අංක 848/3A, මාබෝල, වත්තල. දරණ තැන පිහිටි අප සමාගමේ ගබඩා සංකීර්ණයට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අප වෙත ගෙනැවිත් භාරදිය හැකියි. දුරපලාතක වූවද එම අංකයට ඇමතුමක් ලබාදීමෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට අප සූදානමෙන් සිටිනවා. නමුත් විශේෂයෙන්ම කිව යුතු කරුණ වන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සැපයීමේදී යම් භාණ්ඩයක අභ්‍යන්තර කොටස් ඉවත් නො කර ලබාදිය යුතුබවයි. මන්ද අපට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අපනයනය කළ හැක්කේ එහි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කොටස් තිබීමෙන් පමණයි.’ යන්නය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top