Category: පුවත්

2011 උ/පෙළ ඉසෙඩ් අගය දෝෂ සහිතයි

2011 උ/පෙළ ඉසෙඩ් අගය දෝෂ සහිතයි

(Srilankamirror) – 2011 උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය දෝෂ සහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීන්දු කළේය. ඒ අනුව ඉසෙඩ් අගය අත්හිටුවා  නැවත ගනණය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කළේය. අධිකරණ නියෝගයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉසෙඩ් අගය ගනණය කිරීමේදී පැරණි හා නව විෂය නිර්දේශ වශයෙන් වෙන වෙනම ගනණය කරන ලෙසය. පසුගිය උසස් පෙළ විභාගයේ [...]

ලාංකික ධීවරයෝ 15ක් නිදහස් කරයි

ලාංකික ධීවරයෝ 15ක් නිදහස් කරයි

Srilankamirror - ඉන්දිය බලධාරීන්ගේ අත් අඩංගුවේ සිටි ශ‍්‍රී ලාංකික ධිවරයින් 15 දෙනකු හා යාත‍්‍රා තුනක් නිදහස් කර ඇතැයි වාර්තා වේ.

පාසල් වැසීයාම සංවර්ධනයේ ලක්‍ෂණයක් -එස්. බී.

පාසල් වැසීයාම සංවර්ධනයේ ලක්‍ෂණයක් -එස්. බී.

Srilankamirror – ග‍්‍රාමීය ප‍්‍රදේශවල පාසල් වැසී යාම සංවර්ධනයේ ලක්ෂණයක් බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

පාකිස්තානය ලංකාවට පරදියි

පාකිස්තානය ලංකාවට පරදියි

  Srilankamirror – – සංචාරක පකිස්තානු පිල ලකුණු 209 කින් පරාජයට පත්කරමින් දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට ශී‍්‍ර ලංකා පිල අද (25) ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩංගනයේදී සමත් විය.

ඩෙංගු මර්දනයට අමාත්‍යාංශ හිගයක්

ඩෙංගු මර්දනයට අමාත්‍යාංශ හිගයක්

Srilankamirror - ඩෙංගු මර්දනයට සක‍්‍රියව දායක විය යුතු අමාත්‍යාංශ දොළහෙන් අමාත්‍යාංශ දෙකක් හැර සෙසු අමාත්‍යාංශ දහයම එම වගකීම පැහැර හැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් විසින් ශ‍්‍ර‍්‍රී ලංකා මිරර් වෙත පැවසීය.

සේනක විජේසිංහට එරෙහි නඩුව ජනවාරි 25ට කල්යයි

සේනක විජේසිංහට එරෙහි නඩුව ජනවාරි 25ට කල්යයි

Srilankamirror – ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීමේ පොරොන්දුව මත රුපියල් දහතුන් ලක්ෂ හතළිස් දහසක මුදලක් ලබාගෙන විශ්වාසය කඩ කරමින් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චිත‍්‍රපටි හා ටෙලි නාට්‍ය නළු සේනක විජේසිංහ මහතාට එරෙහි නඩුව ලබන ජනවාරි 25 වැනිදා යළි විභාගයට ගැනීමට නුගේගොඩ මහෙස්ත‍්‍රාත්වරයා අද (25) නියෝග කළේය.

උත්තේජක දෙන වෙද්දුන්ටත් හිරේට පාරකැපෙයි

උත්තේජක දෙන වෙද්දුන්ටත් හිරේට පාරකැපෙයි

Srilankamirror – තහනම් උත්තේජක පාවිච්චි කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වන මෙරට කී‍‍්‍රඩක ක‍්‍රීඩිකාවන් හා ඔවුන්ගේ පුහුණුකරුවන්හට දැඩි දඬුවම් පැමිණවීමට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇතැයි ක‍්‍රීඩා අමා්‍යංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන් මහතා පවසයි.

උතුරෙන් තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

උතුරෙන් තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

Srilankamiror – වෙල්ලමුල්ලි වයික්කාල් ප‍්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අධි බලැති සී 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 30 ක් සහ සී 4 වර්ගයේ පවුඩර් බවට සැකකරන තවත් කිලෝ 329 ක් සොයාගෙන තිබේ.

තිස්සේ හාල් සමඟ ට‍්‍රක්රථයක් ගිනිගෙන

තිස්සේ හාල් සමඟ ට‍්‍රක්රථයක් ගිනිගෙන

Srilankamirror – තිස්සමහාරාමය සේනානායක මාවතේ නිවසක නවතා තිබූ ට‍්‍රක් රථයක් සහ ට‍්‍රැක්ටරක් ගිනි ගෙන මුළු මනින්ම විනාශ වී තිබේ.

නාඳුනන මළ සිරුරක් කලවංචිකුඩියෙන් හමුවෙයි

නාඳුනන මළ සිරුරක් කලවංචිකුඩියෙන් හමුවෙයි

Srilankamirror – කලවංචිකුඩි පොලිස් වසමේ පෙරියල්ලාර් පුස්තකාලය අසල ප‍්‍රධාන මාර්ගයේ තිබී නාඳුනන පිරිමි අයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.

දඹුලූ විහාරේ රිලවු වනගත කරන්න යයි

දඹුලූ විහාරේ රිලවු වනගත කරන්න යයි

Srilankamirror – දඹුල්ල ප‍්‍රදේශයේ හා දඹුල්ල විහාරස්ථානය අවට සැරිසරන රිලවුන් වනාන්තර තුලට මුදාහැරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට නියමිත බව දඹුල්ල වනජීවී ඒකකය විසින්ිශ‍්‍රී ලංකා මිරර්’ වෙත පැවසීය. 

හොර යූරෝ නොට්ටුවක් සමග 2ක් දැලේ

හොර යූරෝ නොට්ටුවක් සමග 2ක් දැලේ

Srilankamirror – නාරම්මල රන් ලංකා ජුවලර්ස් වෙලඳ සැලෙන් ව්‍යාජ යූරෝ 100 මුදල් නොට්ටුවක් ලබා දී රන් භාණ්ඩ ලබා ගැනීමට තැත් කල පුද්ගලයින් දෙදෙනෙකු නාරම්මල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉසෙඩ් අගය අහෝසි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය ඉසෙඩ් අගය අහෝසි කරයි

Srilankamirror – පසුගිය උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයේ ක‍්‍රමවේදය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද  (25) නියෝග කළේය.

දැරියකට බරපතල වැඩක් කළ මහල්ලෙක් අත්අඩංගුවට

දැරියකට බරපතල වැඩක් කළ මහල්ලෙක් අත්අඩංගුවට

Srilankamirror – මාවතගම, පුස්සැලිතැන්න ප‍්‍රදේශයේදී දැරියකට බරපතල ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ 13 හැවිරිදි දැරියකි. සැකකරු වයස අවුරුදු 68 ක අයෙකු බව පොලිසිය ප‍්‍රකාශ කළේය. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මාවතගම පොලිසිය සිදුකරන අතර සැකකරු අද (25) පිලැස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

‘සාමයට උණ්ඩයෙන් උත්තරදීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියයි’

‘සාමයට උණ්ඩයෙන් උත්තරදීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියයි’

Srilankamirror – සාමකාමීව උද්ඝෝෂණ පවත්වා තම අයිතීන් වෙනුවෙන් හඬක් නගන ජනතාවට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු දීම වත්මන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය බව එජාප ජාතික සංවිධායක, නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂ නායක හා දයා සමූහ ව්‍යාපාරයේ සභාපති දයා ගමගේ පවසයි. ඔහු මේ බව කියා සිටියේ හලාවත ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී පැවති ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව හලාවත පැවති සාමකාමී ධීවර [...]

‘බුද්ධත්වය අවබෝධ කරගත්’ සිරිවර්ධනට ප්‍රහාරයක්

‘බුද්ධත්වය අවබෝධ කරගත්’ සිරිවර්ධනට ප්‍රහාරයක්

Srilankamirror – ගාල්ල වදුරඹ ප‍්‍රදේශයේ සිරිවර්ධන නමැත්තාගේ නිවසට ඊයේ(24) සවස එල්ල කෙරුණු ප‍්‍රහාරයෙන් එම නිවසට බරපතල හානි සිදුව තිබෙන අතර ප‍්‍රහාරයට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, ගැටුමෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවත් වැඩ බලන පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා සඳහන් කරයි. මෙම සිරිවර්ධන නැමැත්තා, බුද්ධත්වය අවබෝධ කළ [...]

යුද හමුදාවේ ප්‍රතිසංවිධානයක්

යුද හමුදාවේ ප්‍රතිසංවිධානයක්

Srilankamirror – ආරක්‍ෂක සහ සංවර්ධන යන ප්‍රධාන අංශ දෙක යටතේ යුද හමුදාව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා පවසයි. යුද හමුදා නිලධාරීන්ගේ හා සෙබළුන්ගේ වෘත්තීය ගරුත්වය හා අභිමානය අවතක්‌සේරුවට ලක්‌ නොවන අයුරින් එම නව ප්‍රතිසංවිධාන කටයුතු ක්‍රියාත්මක කරන බව ද යුධ හමුදාපතිවරයා අවධාරණය කර සිටියි. ඒ අනුව, යුදමය වාතාවරණයක්‌ නැති [...]

ඇමති ජනක බණ්ඩාර දැඩි කළකිරීමක !

ඇමති ජනක බණ්ඩාර දැඩි කළකිරීමක !

Srilankamirror – තම අමාත්‍යාංශයේ වැඩකටයුතු සිදුකිරීමේදී ජිවිතය පිළිබඳව බරපතල කලකිරීමක් ඇතිවන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. රජය මගින් කි‍්‍රයාත්මක කරන’ බිම් සවිය’ ජාතික වැඩපිළිවෙල යටතේ ඉඩම්වල නිරවුල් ඉඩම් හිමිකම් පත් ජනතාවට ප‍්‍රදානය කිරීමේ පළමු අදියර ඊයේ (24) දඹුල්ල ජාතික පාසලේදී ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වූ ඇමතිවරයා එසේ පැවසිය. ඉඩම් [...]

ජයසූරිය, ඇමැති පදවි එපා කියයි !

ජයසූරිය, ඇමැති පදවි එපා කියයි !

Srilankamirror – රජයේ කිසිම නියෝජ්‍ය ඇමැතිකමක්‌ තමන් බලාපොරොත්තු නොවන බවත්, ඒ සඳහා කර තිබූ ලි ත ඉල්ලීම ඉල්ලා අස්‌කර ගන්නා බවත් හිටපු ක්‍රිකට්‌ නායක මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පෙරේදා (23 දා) දැනුම්දී ඇත. නියෝජ්‍ය ඇමැතිකමක්‌ හෝ කිසිදු නිලතලයක්‌ බලාපොරොත්තු නොවන බව කියමින් ජයසූරිය මහතා විසින් පෙරේදා (23 [...]

දම්බොක්ක බස් – ත්‍රීවිල් ගැටුමකින් 05ක් මරුට

දම්බොක්ක බස් – ත්‍රීවිල් ගැටුමකින් 05ක් මරුට

Srilankamirror – පොතුහැර, දම්බොක්ක ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. සිද්ධියෙන් මිය‍ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් පිරිසක් වන අතර, මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයන් තිදෙනෙකු සිටින බව කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.