nsb

Jan 04, 2017

‘‘දේශපාලන කුල්මත්වීම්’’ සහිත නඩු සඳහා ජූරි සභාවක් නොදීමේ තේරීම

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා නීතිඥයෙකු වූ නඩරාජා රවිරාජ් 2006 කොළඹ දී ඝාතනය කිරීම සම්බන්ධ (නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් තිදෙනෙකුද ඇතුළුව චූදිතයින් නිදොස්කොට නිදහස් කිරීම ගැන දෙමළ ජාතික සන්ධානයේ කණස්සල්ල හා දුක්ඛ දෝමනස්නයන් දේශපාලන ක්‍රීඩාවන්හි අගතීන් සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක පාඩමකි.

ඒ වසරේදීම ත්‍රීකුණාමලයේ දෙමළ සිසුන් 05 කු ඝාතනය කිරීම හා මුත්තුර්හි ආධාර සංවිධානයක සේවකයින් 17 කු ඝාතනය කිරීම සම්බන්ධ නෛතික පරීක්ෂණ නොදැනුවත්ව හෝ ප්‍රමාදවීම සම්බන්ධයෙන් මෙවැනි විරෝධයක් නොතිබීම කැපී පෙණනු කි. එවගේම 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති පරාජය කළ පසු ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය යළි තහවුරු කළේ යැයි මහා ගෝසාවක් නැගි වේලේද ඒ ගැන කිසිදු මිමුණමු ක් නොතිබිණ. ඒ වෙනුවට දෙමළ ජාතික සන්ධානය මේ හිතුවක්කාර ප්‍රකාශයට ඔවුන්ගේ මුළු සහායම දැක්වීය.

ප්‍රමාණාත්මක මැන බැලීමක් නොවීම

ඒ සමඟ අග විනිසුරුවරයෙකු (ඔහු විසින් සිදු කෙරුණු සියළු) අකටයුතු හමුවේ වූවත්, විධායක බලය මත ගෙදර යැවීම සහ ඔහු වෙනුවට දෙමළ ජාතික අග විනිසුරුවරයෙකු පත් කිරීම, සුළුතර ජනතාවගේ ප්‍රශ්න සඳහා වැදගත් යැයි හඬ නැගිණ. ඒ ස්ථාවර දෙස අප අතර දෑස් නිලංකාර නොකරගත්තවුන් විසින් බලනු ලැබූයේ අපුලක් සමගිනි. එහෙත් රාජපක්ෂ යුගයේ අවසානය සැහැල්ළුවක් සමගින් විඳි ජාත්‍යන්තර ප්‍රජාවට එහි වූ අසාධාරණත්වය ප්‍රශ්න කිරීමට අවශ්‍ය නොවින. මේ නොවුමනා ප්‍රචාරාත්මක විකෘතියට ආණ්ඩුවේ දේශපාලන පාර්ශවකරුවන්ගේ සහාය ලැබුණු අතර, ඔවුන්ගේ සිවිල් සමාජීය සහායකයින් එය කර තියා ගත් බව කීම ප්‍රමාණවත්ය. විශේෂයෙන් වඩා තැන්පත් ලෙසින් ඒ දෙස බැලිය යුතු වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයද එයට හවුල් වූවකි.

දෙවසරකට පසු මේ බරපතල අදූරදර්ශී බව හෝ එහි වූ දේශපාලන වංචනිකත්වය අපව පෙළන්නේය. අධි ප්‍රචාරයක් සහිත දූෂණ විරෝධී මැදිහත්වීම් සතු අසාර්ථකත්වයේ සිට රාජපක්ෂවරුන් විසින් අයථා ලෙස එකතු කරගත් වත්කම් පවරා ගැනීමට ඇති නොහැකියාව සමග අධිකරණයේ අසාර්ථකත්වය ප්‍රදර්ශනය වන්නේ ඝාතන, අතුරුදහන්වීම් හා වධ හිංසන සම්බන්ධව සාධාරණත්වය ඉටු කිරීමේදී දක්වන පුදුමාකාර අසාර්ථකත්වයෙහි ය. මීට මාස කිහිපයකට පෙර එක්සත් ජාතීන්ගේ වධහිංසනයට එරෙහි කමිටුව හමුවේ රජයේ වත්මන් පාර්ශවය ඉදිරිපතත් කළ වාර්තාවෙහි, කලින් යුගයේ ඉදිරිපත් කළ වාර්තාවේ වැනිම අඳෝනාත්මක නිදහසට කරුණු දැක්වීම් හා සාධාරණීකරනයක් අප දකින්නේ එබැවින් ය. පසුගිය රාජපක්ෂ යුගයේ අතිශය බරපතල අපරාධ වලට හවුල් වූ රාජ්‍ය නියෝජිතයින් වත්මන් ‘‘යහපාලන’’ ආණ්ඩුවේ ධජ පතාක ඔසවන්නවුන් බවට පරිවර්තනය වී ඇත්තේද ඒ හේතුවෙන්මය.

නොමසුරු අවසානයක් ලෙස වුවත් කිව යුතු වන්නේ ශ්‍රී ලංකාවේ නීති කොමිසම විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ආදේශකයක් ලෙස කෙටුම්පත් කළ මුල් පිටපත ඉතා අකාරුණිකව ඉවත දමා ඒ වෙනුවට ඉතා රහසිගතව ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් කෙටුම්පත් කෙරුණු ඉතාම භයානක ත්‍රස්ත විරෝධී නීති කෙටුම්පත් කරනු ලැබූයේද ඒ හේතුව නිසාවෙනි. අවාසනාවකට නීති කොමිසම (ඔවුන්ගේ සම්මතවාදය සමගින් වූවත්) කෙටුම්පත් කළ පනතෙහි ඇති හිඩැස් සහ අත් අඩංගුවට ගත් වහා සැකකරුවෙකුට නීති අධාර ලබා ගැනීම පිළිබඳව ඇති දෙගිඩියාව නොතකා, එය රහසේ කෙටුම්පත් කළ ත්‍රස්ත විරෝධී කෙටුම්පතට වඩා යහපත්ය.

නීතිය ක්‍රියාත්මකවීම අකර්මන්‍යව තැබීම

සමස්ථයක් ලෙස ගත්විට ආණ්ඩු මාරුව බලය වටා ඇති මුහුණු මාරු කළමුත්, විශේෂයෙන් නඩු පැවරීම් හා නීති ක්‍රියාවලියේ බොහෝ දේ වෙත අත නොතැබුණකි. නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ බරපතල කාරණා පැත්තකින් තබුණු ලැබිණ. රටේ අකර්මන්‍ය අධිකරණ ආයතන සම්බන්ධයෙන් වන බරපතල කණස්ස ̈වීම්, දේශපාලන විකෘතීන්ගෙන් වෙන් කර තබා ගැනීමේ කිසිදු උත්සාහයක් නොවුනි. රවිරාජ් ඝාතනයේ නිදොස්කොට නිදහස් කිරීම එහි ආසන්නම ප්‍රකාශනය වේ. සාක්ෂිකරුවන් කිහප දෙනෙකු හඳුනාගත් නිසාවෙන් පමණක් චූදිතයින් වරදකරුවන් කළ නොහැකියැයි පූර්ණ සිංහල ජූරියක් විසින් නිගමනයකට පැමිණීම (වාර්තාවූ අයුරු) මත කෙරුණු නිදොස්කොට නිදහස් කිරීම සම්බන්ධයෙන් නැගෙන විරෝධයේ මූලික කාරණාව ගෙන බලමු. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් (සිංහල) චූදිතයින් සිංහල ජූරියකින් නිදොස්කොට නිදහස් කළ පළමු නඩුව මෙය නොවේ.

මෙවැනි දිගු නඩු වැලක් ඇත. මයිලන්තනායි නඩුව ඉන් එකකි. එහි චූදිතයින් වූ සිංහල සොල්දාදුවන් නඩු විභාගය සඳහා තෝරා ගත්තේ සිංහල ජූරියකි. කොළඹ නඩු විභාගය වෙනුවෙන් ත්‍රිකුණාමලයේ සිට සාක්ෂිකරුවන් කැඳවනු ලැබිණ. 2002 නොවැම්බර 25 වන දින චූදිතයින් නිදොස්කොට නිදහස් කරනු ලැබිණ.

නිදොස්කොට නිදහස් කිරීම සිදුවූයේ ඊට එරෙහිව ඇති තරම් සාක්ෂිද තිබූ අතරය. අධිකරණය හමුවේ තැබුණු සාක්ෂි සතුවූ විශෙෂ් කාරණා සැළකීමෙන් පසු මහ අධිකරණ විනිසුරු එස්. ශ්‍රී ස්කන්ධරාජා තම තීන්දුව නැවත සළකා බලන ලෙස ජූරියෙන් ඉල්ලීමක් කළේය. ඉන් අනතුරුවද තීන්දුවෙහි වෙනසක් නොවින.

‘‘කුල්මත්වන’’ නඩු විභාග සඳහා ගැලපෙන අධිකරණ ක්‍රියාවලිය

මෑතකදී එළෙසින්ම චූදිතයින් නිදොස්කොට නිදහස් කෙරුනු ත්‍රීකුණාමලයේ කුමාරපුරම් ග්‍රාමයේ ළමුන් හා කාන්තාවන් ඇතුළු 24 ගේ සමූහ ඝාතනය පිළිබඳ නඩුව විය. එබැවින් මේවායේ පොදු රටාවක් ඇත. එහෙත් එම නිදොස්කොට නිදහස් කිරීම් අධිකරණ ක්‍රියාවලියක් ඔස්සේ පැමිණි තීන්දු යැයි යන නිගමනය හේතුවෙන් පහසුවෙන් මකා දැමිය නොහැකිය.

ඒ සමගම කිව යුත්තේ රවිරාජ් ඝාතනයේ නිදොස්කොට නිදහස් කිරීම් සුළු වාර්ගිකයින් සම්බන්ධයෙන් අධිකරණ විශ්වාසය සම්බන්ධ අර්බූදයකට හේතු වන්නේ යැයි යන හුදු අවධාරණය, ශ්‍රී ලංකාවේ අකර්මන්‍ය වූ අධිකරණ ක්‍රියාවලියේ ‘‘කැලෑව’’ අත හැරී ඒ වෙනුවට වාර්ගික ‘‘වෘක්ෂ’’ සමග නතර වීමේ අනතුරක් ඇත කියාය.

මේ ජූරි සභා සමගවන නඩු ඇසීම පිළිබඳ අනතුරු ඇ`ගවීම, වාර්ගික බෙදීම් නොතකා පවතින්නකි. ජූරියක් සමගින් අසන්නට වන නඩු සඳහාද ජූරියක් නැතිව නඩු ඇසීම හඳුන්වාදීම 1960 දසකය ආරම්භයේදී විනිසුරු ටී. එස්. ප්‍රනාන්දු පැහැදිලි කර තිබූයේ, ‘’හෙතු වූ කවරක් වූවත් ජන සමාජයේ හැගීම් දැඩි කම්පනයන්ට හසුව ඇති විටෙක ස්වාධීන ජූරියක් සහතික කර ගැනීම අතිශය අසීරු කාර්4යක්’’ යැයි වූ තර්කනය මතය.

ඒ සම්බන්ධ ඓතිහාසික සළකුණු කිරීම් ගණනාවකට අදාලව තියුණු පිරික්සීමක් කෙරෙන්නේ නම්, සිංහල පුද්ගලයින් ඝාතනය සම්බන්ධ සිංහල චූදිතයින් සිංහල ජූරි සභා විසින් නිදොසේ කාට නිදහස් කිරීම් මේ අනතුරු ඇඟවීම් සනාථ කරන්නේය. මෙහි මූලික (සහ සාමාන්‍ය ප්‍රායෝගික දැනුම මත) ප්‍රතිපත්තිය වනුයේ කලබලකාරී සමාජ මත ඇවිස්සීම් ඇති විය හැකි නඩු සඳහා ජූරියකින් තොර අධිකරණ ක්‍රියාවලිය වඩා යෝග්‍ය බවය.

මැදහත් සිතිවිලි තහවුරුවීම

2016 වසර අවසානයට පැමිණෙන විට මැදහත් සිතිවිලි තහවුරුව තිබිණ. පසුගිය කොලමෙහි පෙන්වා දුන් අයුරු ශ්‍රී ලංකාවේ අධිකරණය අවශ්‍යවන විට ක්‍රියාත්මක වන්නේය. වෙනත් තේරීම් කරළියෙහි ඇති විටෙක එය ක්‍රියාත්මක නොවන්නේය. ඉන් වඩාත් ප්‍රචලිත සාධකය වන්නේ දේශපාලන අධිශ්ඨානයක් නොමැති වීමය. එවගේම විනිසුරුවන්, පැමිණිලි මෙහෙයවන්නවුන් හා අනවශ්‍ය උනන්දුවකින් මැදිහත්වන වෙනත් පාර්ශවයන් විසින් නීති ක්‍රියාවලිය යටපත් කෙරෙන විටය. මේ අර්බූදයට ප්‍රතිචාර දැක්වීමේ සැබෑ අවංක වුවමනාවක් තිබේ නම්, මේ ගතිකයන් වෙනස් කිරීමට ජන සමාජයේ බලපෑම ඉතා වැදගත් ය.

මතුපිටින් අත ගෑමක් නොවන සහ සුළු ජන කොටස් වලට සීමා කෙරෙන ප්‍රශ්නයක් ලෙසින් නොගෙන, මූලික ජාතික ගැටළුවක් ලෙස අධිකරණයේ අර්බූදයට මැදිහත්වීමේ කාලය පැමිණ ඇත.

කිෂාලි පින්තො ජයවර්ධන
2017 ජනවාරි 01 දින ඉරිදා ටයිම්ස් පුවත් පතේ ‘‘Focus on Rights’’ කොලම සිංහලට නැගීම - කුසල් පෙරේරා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top