Jan 20, 2017

ඇප්‍රෙන්ටිස් පන්තිය

අපි ඇප්‍රෙන්ටිස් කරපු කාලයේ සීනියර් ලෝයර්ස්ලා ටික දෙනෙක් ඇඟේ අමාරුවට අපිට ඉගැන්නුවේය.

රන්බණ්ඩා සර් එහෙම එක්කෙනෙක්ය. ඒ පංතිය තිබුනේ බාර් ඇසෝසියේශන් බිල්ඩිමේය. ඒ පංතියට සල්ලි ගන්නේ නැත. ඒ පංතිය ෆිනිෂිං ක්ලාස් එකක් වගේය. ප්‍රැක්ටිස් එකට හොඳ නමද සර් තීරණය කරන්නේය. හොඳම උදාහරණය පැට්‍රික්ය. පැට්‍රික් පැට්‍රික්ට කිව්වේ ඩී.එස්.අර් පැට්‍රික් කියාය. රන්බණ්ඩා සර් කිව්වේ ආර් අකුරෙන් එන රන්දෙනිය නම සමග පැට්‍රික් රන්දෙනිය කියා ප්‍රැක්ටිස් එකේදී පාවිච්චි කරන්න කියලාය. වෙලාවට පැට්‍රික් ප්‍රැක්ටිස් කලේ නැත. එහෙම උනානම් අමල් රන්දෙනිය සමග රන්දෙනියලා දෙන්නෙක් අලුත්කඩේ ඉන්නවාය. රන්බන්ඩා සර් ගොඩක් දේ කියා දුන්නේය. ඒ අතර ජීවිතය ගැනද කියා දුන්නේය.

මේ වගේ ඇප්‍රෙන්ටිස්ලාට උගන්වපු තව ගුරුවරයෙකු වූයේ දයාරත්න සර්ය. ඒ සිවිල්ය. දයාරත්න සර්ගේ පන්තිය තිබුනේ සෙනසුරාදාය. උදේ අටටය. අපි පන්තියට ගියේ දහයටය. ඒ කලින් දවසේ රෑ පස්වෙනි සිල් පදය කඩා නැගිට ගන්න අමාරු නිසාය. සර්ද ඒක දන්නවාය. හොස්ටලයන් වීම නිසා බැන්නේ නැතිය.පොඩි චාන්ස් එකක්ද දුන්නේය. ඒ සර්ද හොස්ටලයෙකු වීම නිසාය. දයාරත්න සර්ගේ පන්තියේ හිටි වැඩ බැරි ලමයි අපිය. සුම්මා, චමත් සේනක සහ මමය. දයාරත්න සර් අපිට කීවේ එනිතිං අදර් දෑන් ලෝ කියලාය. ඒක හරිය. ඒ කාලේ අපේ ලෝ බෆලෝ වගේය. සර්ගෙන් ලබාගත් ලොකුම ධනය වූයේරෙඩ් ලේබල් බෝතලයක්ය. ඒත් බොරුවක් කියාය.

ඊලඟ ඇඟේ අමාරු කාරයා උදය රොහාන් සර්ය. නැත්නම් යූ ආර්ය. ඒ පන්තිය තිබුනේ සර්ගේ ගෙදරය. ඒත් පෙර දෙන්නා සේ නිකම්මය. සර් ඉගැන්නුවේ ක්‍රිමිනල්ය. ක්‍රිමිනල් කොහොමත් ආතල්ය. ඒ පන්තියේ වැඩියෙන් බැනුම් අහන්නේ සෙක්ශන් මතක නැතුවය. ජජ්මන්ට්ස් මතක නැතුවය.රේප් එකට මර්ඩර් ජජ්මන්ට් කියලාය.

ඒ පන්තියටද එක එක හැඩේ ඈයෝ ආවේය. සමහර එවුන් අඳුරන්නේද නැතිය ඕයූ කියනවාය. ෆැකල්ටි කියනවාය. අපිත් අහනවාය.
සර්ගේ ගෙදර පේන්ටිං එකක් තිබුනාය. එය එල්ලලා තිබුනේ බිත්තියේය. ඒ පේන්ටිං එක ලඟ ලයිට් එකක් දමා තිබුනේය. ඒ පේන්ටිං එක පේන්නටය. දවසක් කවුද අහිංසකයෙක් පේන්ටිං එක දිහා බලාගෙන සිටියාය. ඒ පන්ති පටන් ගන්න කලින්ය. ඒකා පේනටිං එක අත ගෑවේය. එතකොටම ලයිට් එක පත්තු උනේය. අත ගත්තාය , ලයිට් නිවුනේය. ආයි අත ගෑවාය , ලයිට් පත්තු උනේය. ඒකාට පුදුමය. තව එවුන් දෙදෙනෙකුට පෙන්නුවේය. උනුත් ඇල්ලුවාය, පත්තු උනේය, අත ගත්තාය, නිවුනේය. උන්ට මේක මාරය. සේනකයා පස්සේ ඉඳං ටච් සිස්ටම් කිව්වාය. උන් ඇත්තදැයි ඇසුවේය. සේනකයා ඔලුවද වැනුවේය. උන් ආයෙත් ඇල්ලුවාය. පත්තු උනේය. අත ගත්තේය, නිවුනාය.

ඒ එක්කම සේනකයා අම්මෝ කියා කෑ ගැසුවේය . ඒ ඔලුව අල්ලා ගෙනය. සර් සේනකයා පස්සේය. සර් ටොක්කක් ඇනලාය. ඒ දීපු බයිට් එකටය. අල්ලද්දී ලයිට් එකේ ස්විච් එක දානවාය. . අත ගනිද්දී නිවනවාය. මෙහෙම කරන්නේ සේනකයාය. ඔලුවට ඇන්නේ මේක දැකලාය.

සර් දවසක් සොරකම ඉගැන්නුවේය. එදා සර්ගේ පොඩි මියුරලයක් අප සොරකම් කලේය. සර්ට හොරකම ඔප්පු කරගන්න බැරි උනේය. ඒ අපි එහෙම කරා කියා දන්නේ නැති නිසාය.

අද එහෙම පන්ති තියෙනවාද දන්නේ නැතිය. අපේ කාලේ තිබුනේය. නොමිලේය. ගොඩක් එවුන් ඒවායින් වැඩක් ගත්තේය. අපිද මියුරලයක් බෝතලයක් ලබා ගත්තේය. ඒවා ඒකාලේ කර කොලුකම්ය. සර්ලාද ඒවා කොලුකම් ලෙස දැක්කේය. වෙනස ඒකය.

උපුටා ගැනීම -උපුල් කුමාරප්පෙරුම ෆේස්බුක් පිටුවෙනි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top