nsb

Feb 13, 2017

වැලන්ටයින් වලත්තයින්ගේ දිනය ?

(බ්‍රසීලයෙහි) ආදරවන්තයන්ගේ දිනය හෙවත් ශුද්ධවූ වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන දිනයේදීය. එදින සාම්ප්‍රදායිකව ආදරවන්තයන් විසින් සමරනු ලබයි. මෙම දිනදී සුපපැතුම් යැවීම, මල් පොකුරු යැවීම මගින් තම ලබැඳියාව ප්‍රකාශ කරයි. ක්‍රිස්තියානි පූජකතුමෙක් වන වැලන්ටයින් තුමාගේ නම අනුසාරයෙන් මෙදිනට එම නම ලැඛී ඇත.

loveආදරවන්තයන් සමරන “වැලන්ටයින් දිනය” පෙබරවාරි 14 වෙනිදා ලෝකයේ තරුණ වැඩිහිටි සැමට අමතක නොවන දිනයකි. මන්ද එදින “වැලන්ටයින් දිනය” උත්සවාකාරයෙන් සමරන බැවිනි. බොහෝ දෙනෙකුට මෙදින අර්ථ විරහිත වූ ආලය ‍තේමා කරගත් හුදු දිනයක්ම පමණි. බෙහෝ දෙනෙකු මෙහි අර්ථය පවා නොදනිති. ඇතමුන්ට තම අශීලාචාරවත් සිතැඟි තෘප්තිමත් කර ගැනීමේ දවසකි.  ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර “වැලන්ටයින් දිනය” පැවැත්වීමේ රැල්ල සීඝ්‍රයෙන් පැතිර ගියේ 1998 න් පසුවය. මෑතක බිහි වූ ඇතැම් මාධ්‍ය ආයතන මෙම දිනය පැවැත්වීම සඳහා විවිධ තරග හා කුසපත් ඇදීම් යනාදිය මගින් තරුණ තරුණියන්ට නොයෙක් අයුතු අවස්ථා ලබා දෙමින් විනෝද චාරිකා සංවිධානය කර ඊට මහත් ප්‍රසිද්ධියක් හා පෙළඹවීමක් ඇති කළහ.  එනිසා බෙහෝ අය මෙම දිනය දෙස බැලුවේ අශීලාචාරවත් පුද්ගලයන්ගේ දිනයක් ලෙසිනි. එබැවින් ඇතමුන් ඊට “වලත්යන්ගේ දිනය” යනුවෙන් අපහාසාත්මක නාමයක් පටබැන්දහ.

එහෙත් මෙදින කතෝලික සභා කැලැණ්ඩරයේ ප්‍රාණ පරිත්‍යාගී සාන්තුවරයන් තෙනමක් ගෞරවාදරයෙන් සිහිපත් කරන දිනයක් බව දන්නෝ ස්වල්ප දෙනෙකි. ඉන් පළමුවැන්නා ක්‍රිස්තු වර්ෂ 269 දී පමණ ‍දෙවන ක්ලෝඩියස් රෝමානු අධිරාජ්‍යයාගේ නියමයෙන් ප්‍රාණ පරිත්‍යාගී වූ රෝමානු පූජක වැලන්ටයින්තුමා ය. දෙවැන්නා එම සියවසේ දීම පණ පිදූ ටර්නි හි රදගුරුතුමෙක් වූ වැලන්ටයින්තුමා ය. තෙවැන්නා අප්‍රිකාවේ ජීවත් වූයේ සැලකෙන එතුමාගේ බැතිමතුන් පිරිසක් සමග බොහෝ දුක් විඳ දිවි පිදූ එහෙත් වැඩි තොරතුරු නොදන්නා වැලන්ටයින්තුමා ය. 

 රහසේම ප්‍රේමයට මහා මන්දිර තැනූවෙක්


සාන්ත වැලන්ටයින් රෝමානු පූජකතුමා දෙවන ක්ලෝඩියස් රෝමානු අධිරාජ්‍යයාගේ පාලන කාලයේ ජීවත් වූ රෝමයේ කතෝලික දෙව්මැදුරක ජීවත් වූ අයෙකි. ඉතා දැහැමි ශුද්ධවන්ත දිවියක් ගත කළ St. Valentine 1නිතරම දේව ප්‍රේමය ගැන කතා කළ මෙතුමා ක්‍රිස්තුස් වහන්සේගේ දිවි පිදීමට හේතුව අමිල නිර්මල ප්‍රේමය බව කිතුනු සැදැහැවතුන්ට ඉගැන්වූයේ ය. එහෙත් මෙකල රෝම අධිරාජ්‍ය පුරා මිථ්‍යා දෘෂ්ඨික දේව වන්දනාවන් පැතිර ගොස් තිබූ නිසා ක්‍රිස්තියානි ධර්මය ඇදහීම තහනම් කොට තිබුණි. කිතු දහම ඇදහීම සිරගත කිරීම, පිටුවහල් කිරීම, වහල් මෙහෙවරට පත් කිරීම, දේපල රාජසන්තක කිරීම හා වධ බන්ධන වලට ලක් කර මරණයට පත් කිරීම යන දඬුවම් වලට හේතු සාධකයක් විය. එබැවින් ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරයෙහි යෙදී සිටි ධර්මදූතයන්ව අත් අඩංගුවට ගැණිනි.  ධර්මප්‍රචාරය නතර කිරීමට ද කිතු දහම අත්හැර දමා මිථ්‍යා දෘෂ්ථික දේව වන්දනාවන්ට යොමු වීමට ද බලපෑම් එල්ල විය.

කෲර පාලකයෙකු වූ දෙවන ක්ලෝඩියස් රෝමානු අධිරාජ්‍යයා අසල්වාසී රටවල් දිනා ගැනීමේ හා වරින් වර පැමිණි සතුරු කැරලි මර්දනය කිරීමේ නියැලී සිටියේ ය. එනිසා ඔහුට විශාල යුධ හමුදාවක් ඇති කර ගැනීමට අවශ්‍ය විය. එහෙත් සාධාරණයක් නොදුටු යුධ වැදීම් හමුවේ තම ජීවිත පිදීමට අකමැති වූ රෝමානු තරුණ පිරිස් හමුදාවට එකතු වීමෙන් වැළකී සිටියහ. රෝමානු උත්සවයක දී තරුණ යුවල් හා විවාහකයන් එකිනෙකා ආදරයෙන් හා සතුටින් කාලය ගෙවන අයුරු දුටු දෙවන ක්ලෝඩියස්, තම යුධ හමුදාවට බැඳීමට ඔවුන් ඉදිරිපත් නොවීමට හේතුව ප්‍රේම සම්බන්ධතා හා තම පවුල් අත්හැර ඒමට තිබෙන අකමැත්ත බව තේරුම් ගත්තේ ය. එනිසා එවකට රෝමයේ සිටි සියලු තරුණයන් යුධ හමුදාවට බැඳිය යුතු බවත්, විවාහය ඔවුනට තහනම් බවත් ආඥාවකින් නියම කළේ ය. ඊට විරුද්ධව නැගී සිටීමට කිසිවෙකු නොවී ය. මෙම ආඥාවේ දුෂ්ඨකම අවබෝධ කර ගත් සාන්ත වැලන්ටයින්තුමා යුධ හුමදාවට බැඳී සිටි තරුණ සෙබළුන්ව හා වෙනත් පුද්ගලයන්ව ඉතා රහසිගතව විවාහ කරවීය.  මේ සඳහා දෙව්මැදුරු භාවිත කිරීමට, නෑ හිතවතුන්ට සහභාගි වීමට හෝ විවාහ මංගල උත්සව පැවැත්වීමට අවස්ථාවක් නොවීය.

පොළොව යට තනා තිබූ කිතුනු ජනවන්දනා රැස්වීම් පැවැත්වූ බිම් ගෙවල් හා ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ මෘත ශරීර මිහිදන් කර තිබූ උමං සොහොන් ගෙවල් කිතුනු විවාහ මංගල චාරිත්‍ර පැවැත්වීමට යොදා ගැණිනි. මෙම කරුණ සැමදා රහසක්ව තබා ගැනීමට නොහැකි විය. යුධ සේවයේ යෙදී සිටි තරුණ සෙබළුන් තම භාර්යාවන්ගේ දුක සැප බැලීමට රහසින් යාමත්, රෝම පුරවරය තුළ විවාහය තහනම් වුව ද ගැබිනි මව්වරුන් දක්නට ලැබීමත් හේතුවෙන් සුපරීක්ෂාකාරී වූ ක්ලෝඩියස් රජු චරපුරුෂයන් මගින් මේ පිළිබඳව සොයා බැලීය. මේ අනුව දිනක් උමං සොහොනක විවාහයක් සිදු කරමින් සිටිය දී වැලන්ටයින්තුමාව අත්අඩංගුවට පත් විය. දැඩි වධ හිංසාවන්ට හා නින්දා අපහාසයන්ට ලක් වූ එතුමාව දම්වැල් ලා සිර ගෙයක තැබිණි. මේ ගැන ශෝකයට පත් කිතුනු බැතිමතුන් හා විවාහකයෝ තම ප්‍රේමය හා ගෞරවය පළ කරමින් විවිධ පණිවුඩ හා රෝස මල් කිතුනු සෙබළුන් අත එතුමා වෙත එවූහ. මේ අතරතුර තම සිරගෙදර සිටි ප්‍රධානියා සමග මිත්‍රත්වයක් ඇති කර ගැනීමට වැලන්ටයින්තුමා සමත් විය. ඔහුගේ තරුණ දියණියව හමුදා සෙබළෙකුට සිරගෙදර සිටිය දීම විවාහ කරවීමට එතුමා සමත් විය.

ඔබගේ වැලන්ටයින් ගෙනි

එබැවින් එම මුළාදෑනියා හා සෙබළාගේ සහයෙන් මෙම කාර්යය තව දුරටත් කිරීමට එතුමාට හැකි විය. සිරගෙදර ප්‍රධානි‍යාගේ දියණිය ‍මෙම කාර්යයෙහි ප්‍රධාන මැදහත්කාරිය වූවා ය. ඇය නිතර සිරගෙට පැමිණ වැලන්ටයින්තුමාගේ දුක සැප සොයා බැලීය. එහෙත් මෙය තව දුරටත් රහසක් ලෙසින් පැවතුනේ නැත. ක්ලෝඩියස් අගරජුගේ චරපුරුෂයන් මේ බව දැනගෙන ඔහුට දැන්වීය. මේ ගැන මහත් සේ උරණ වූ රජු ක්‍රිස්තු වර්ෂ 269 පෙබරවාරි 14 දා මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ විනෝද උත්සවයක් වූ “ලුපර්කාලියා” පවත්වන දින ගෙළ සිඳ මරා දැමීමට නියම විය. තම මරණයට පෙර කුඩා පැපිරස් පතක සිරගෙදර ප්‍රධානියාගේ දියණියට කුඩා ලිපියක් ලියා තබා, ප්‍රීතියෙන් දේව පැසසුම් ගී ගයමින් මරණයට මුහුණ දුන්නේ ය. එම හසුන එතුමා අවසන් කර ඇත්තේ, “ඔබගේ වැලන්ටයින් ගෙනි” ("From Your Valentine")  යනුවෙනි. වැලන්ටයින් දිනයේ දී ආදරවන්තයන් අතර සුභ පැතුම් හා ලිපි හුවමාරුව ඇති වූයේ මෙනිසා යැයි පිළිගැනීමක් ඇත.  එතුමාගේ උදාර ජීවිත පූජාව උත්තරීතර විවාහය හා නිර්මල ‍වෛවාහික ප්‍රේමය ආරක්ෂා කිරීම සඳහා ය. එබැවින් ක්‍රිස්තු වර්ෂ 496 දී ග්ලාසියුස් පාප්තුමා (Pope Gelasius) වලැන්ටයින්තුමාව සාන්තුවරයට ඔසවා පෙබරවාරි 14 දිනය සාන්ත වැලන්ටයින් මංගල්‍ය දිනය ලෙස නම් කළේ ය.

ප්‍රේමයේ නාමයෙන් කළ ආයාචනයට ඉඩක්

ටර්නි හි සාන්ත වැලන්ටයින්තුමා එම නුවර රදගුරුවරයෙකු ලෙස සේවය කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේ දී පමණය. එතුමා සම්බන්ධ පැහැදිළි ජීවන තොරතුරු සපයා ගැනීමට නොමැත. එහෙත් එතුමා සම්බන්ධ ජනප්‍රවාදයක් තිබේ. එනම්, සෙරපියා නමැති කිතුනු තරුණියක් අකිතුනු රෝමානු හමුදා සෙබළෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගත්තා ය. දිනක් මෙම තරුණිය භයානක බෝවන රෝගයකට ගොදුරු වී මරණාසන්න වූවා ය. රෝගී තරුණියව සමාජයෙන් වෙන් කර බිම් ගෙයක තැබුවා ය. මෙම අකිතුනු සෙබළා වැලන්ටයින් රදගුරුතුමා හමුවී තම පෙම්වතියගෙන් තමන්ව කිසිදා වෙන් නොකරන ලෙසට ආයාචනය කර ඇත. එම නිසා ඇයට සාත්තු කිරීමටත්, ඇය අසළ නිරතුරු රැඳී සිටීමටත් අවසර ලැබුණි. පසුව තරුණ සෙබළාට ද එම රෝගයට ගොදුරු වීමට සිදු විය.  දෙදෙනාව විවාහ කරවීමෙන් අනතුරුව දෙදෙනා එකිනෙකා වැළඳ ගනිමින් මරණයට පත් වූ බව කියවේ.  

වැලන්ටයින් හොයා ගන්න හැටි

unnamedඅතීතයේ දී රෝමයේ සිටි මිථ්‍යා දෘෂ්ඨික ජනයා ජූනෝ නමැති රෝම දෙවඟනට පැවැත්වූ පුද පූජා උත්සවය අනාගත සහකරු / සහකාරිය සොයා ගැනීමේ හා තම ප්‍රේමය ඔවුනොවුන් වෙත ප්‍රකාශ කිරීමේ දිනයක් විය. “ලුපර්කාලියා” නම් වූ මෙම උත්සවයට එවකට සිටි කිතුනුවන් ද පුරුද්දකට මෙන් සහභාගි වූහ. එය පළමු දේව පණතට විරුද්ධ වූවක් බැවින් කතෝලික සභාව විසින් එයට සහභාගිවීම තහනම් කරන ලදි. එහෙත් එයින් ප්‍රතිඵලයක් නොවූයෙන් එම උත්සවය වෙනුවට සාන්ත වැලන්ටයින් දිනය හඳුන්වා දුණි. එදින දෙව්මැදුරු වලට රැස්වන කිතුනු බැතිමතුන් කිතුනු ලීලාවෙන් එය සැමරීමට යොමු විය.

අතීතයේ පටන් තම පෙම්වතා හෝ පෙම්වතියව ස්වකීය “වැලන්ටයින්” යන නමින් හඳුන්වා ඇත. අතීතයේ එංගලන්තයේ වේල්ස් හි කිතුනු ජනයා ලීයෙන් සකස් කළ හෘදයක හැඩතළ කැපූ හැඳි තම සිත් ගත් අය අතර හුවමාරුවක් කර ඇත. එහි අදහස වී ඇත්තේ “ඔබ මගේ හදවතේ දොරගුළු විවර කරන්න” යනු යි. මධ්‍යතන යුගයේ දී තම ඇඳුම් වල හදවතක රූපයක් සිතුවම් කර සතියක් පුරා ඇඳ පැළඳ සිටීම මගින් තමන්ගේ “වැලන්ටයින්” වන්නේ කවරෙක් දැ යි විමසිල්ලෙන් සිටීමේ සිරිතක් පැවතී ඇත. එමගින් තම සිතැඟි අන් අයට ප්‍රකාශ කර ඇත.

යුරෝපයේ ඇතැම් රටවල තරුණයන් තම සිත් ගත් තරුණියන්ට වැලන්ටයින් දිනයේ දී ත්‍යගයක් වශයෙන් ඇඳුමක් දී ඇත. එය ඊළඟ වසරේ පෙබරවාරි 14 තෙක් සුරක්ෂිතව තබා ගන්නා තැනැත්තිය තමන් හා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින්නියක් ලෙසින් සළකා ඇත.

 උපදින ළමයි ගැන ඇපල් ඇටෙන් අනාවැකි

එසේම තරුණියන් තුළ මෙම දිනය සම්බන්ධ මිථ්‍යා විශ්වාස ද තිබී ඇත. වැලන්ටයින් දින දී කිසියම් තරුණියකගේ හිස උඩින් “රොබින්” කුරුල්ලෙකු පියඹා ගියේ නම් ඇයට නාවිකයෙකු සමග විවාහ වීමට සිදුවන බවත්,  ගේ කුරුල්ලෙකු පියඹා ගියහොත් දිළිඳු මිනිසෙකු හා විවාහ වී එහෙත් සතුටින් දිවි ගෙවිය හැකි බවත්, “ගෝල්ඩ් ෆින්ච්” වර්ගයේ කුරුල්ලෙකු නම් ධනවතෙකු සමග විවාහ වන බවත් විශ්වාස කර ඇත.

වැලන්ටයින් දින උත්සව වල දී ඉංග්‍රීසි ඒස් (S)  අකුරේ හැඩයට තැනූ “ආදර අසුන” (Love Seat) මත අසුන් ගන්නා තරුණ තරුණියන් පසුකලෙක විවාහ ගිවිස ගන්නා බවට මතයක් යුරෝපය තුළ විය.

තවද, වැලන්ටයින් දින ඇපල් ගෙඩියක් ගෙන එහි නටුව අඹරා එය දිග හැරී ඇපල් ගෙඩිය බිම පතිත වනතුරු තමන් විවාහ වීමට කැමති සිත් ගත් තරුණ / තරුණියන් හය දෙනෙකුගේ නම් කියති. ඇපල් ගෙඩිය නටුවෙන් ගිළිහෙන විට තමන් තම උච්චාරණය කරමින් සිටි තරුණියව / තරුණයාව තමන්ට විවාහ කර ගැනීමට හැකි බවත් විශ්වාස කර ඇත.

වැලන්ටයින් දින දී කහ පැහැති මල් පිපෙන “dandelion” නමැති ග‍සක් වෙත ගොස් එහි පැළී ඇති කරලකට දීර්ඝ හුස්මක් ගෙන පිඹීම කරයි. එවිට එහි ඇට සුළ‍ඟේ පාවී යයි. කරල තුළ ඉතිරි වන ඇට සංඛ්‍යාව විවාහයෙන් තමන්ට හිමි වන දරුවන් සංඛ්‍යාව පෙන්වන බවට විශ්වාසයක් ද විය.

එසේම එදින දී ඇපල් ගෙඩියක් ගෙන එය හරි මැදින් කපා ඒ තුළ තිබෙන ඇට සංඛ්‍යාව නිවැරදිව ගණනය කළ හැකි නම් විවාහයෙන් හිමි වන දරුවන් සංඛ්‍යාව ද එයම වන බව ද විශ්වාස කර ඇත.

රෝස මලෙන් පිදෙන ආදරය

වැලන්ටයින් දින දී ආදරවන්තයන් හා විවාහකයන් අතර රෝස මල් හුවමාරුව ඉතා ප්‍රචලිත වූවකි. එයට බලපෑවේ සාන්ත වැලන්ටයින් පූජකතුමා රෝම සිර මැදිරියෙහි සිටින කාලයේ එතුමාගේ මරණ තීන්දුව ගැන ඇසූ බැතිමතුන් හා හිතවතුන් එතුමා‍ගේ සිර මැදිරිය තුළට රතු රෝස මල් එවීම ය.large

වැලන්ටයින් දින දී ආදරවන්තයන් අතර පෙම් හසුන් හුවමාරුවීම් බොහෝ විට සිදුවේ. මෙම සම්ප්‍රදාය පැමිණියේ සාන්ත වැලන්ටයින්තුමා මරණයට පත් වීමට පෙර දින තම හිතවත් සැදැහැවතියක් වූ සිරමැදියේ මුලාදෑනියාගේ දියණියට යැවූ සුභාශිංසන හසුන නිසා ය.

වැලන්ටයින් සින පෙම්වතුන් අතර සුභ පැතුම්පත් හුවමාරුව ඇරඹී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1800 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ එස්තර් හොව්ලන්ඩ් (Miss Esther Howland) නමැති තරුණිය තම පෙම්වතාට යැවූ සුභ පැතුම්පතක් මුල් කර ගෙන ය.පසුකාලීනව මෙම සියලු චාර්ත්‍ර වලට වාණිජමය මුහුණුවරක් හිමි විය.

වැලන්ටයින් අයිති කාටද?

නූතනයේ බොහෝ රටවල් වැලන්ටයින් දිනය සමරන්නේ හුදු වාණිජමය හෝ අශිෂ්ඨ තෘෂ්ණා ඉටු කර ගැනීමේ දිනයක් වශයෙනි. තරු පහේ හෝටල වල ධනවතුන්ට අනඟ රැඟුම් නැටීමට හා දැක බලා ගැනීමට අවස්ථා සැළසේ. එහෙත් සාන්ත වැලන්ටයින් දිනය යනු, උදාර කිතුනු මංගල්‍ය දිනයකි. රෝමයේ සාන්ත වැලන්ටයින් පූජකතුමා දිවි පිදුවේ අමිල නිර්මල වෛවාහික ප්‍රේමය හා බැඳුණු පවුල් සංස්ථාව සුරක්ෂිත කිරීමට හා ගොඩ නැංවීමට ක්‍රියා කිරීමට යාම හේතුවෙනි. එබැවින් එදින අශෝභන හා අශීලාචාර හැඟීම් සපුරා ගැනීමට හෝ හුදු වාණිජමය අරමුණු ඉටු කර ගැනීමට හෝ යොදා ගැනීම එදින පවිත්‍රත්වය කෙළසන සාපරාධී ක්‍රියාවකි. එදින කිතුනු ආකල්පය විකෘති කිරීමකි. බාල හා තරුණ පරපුරට අවාදර්ශ දීමක් හා සදාචාර විරෝධී ක්‍රියාවක් ද වේ. එබැවින් වැලන්ටයින් දිනය වඩාත් අර්ථවත් හා සදාචාරත්මක නියම ආගමික හැඟීමකින් යුතුව සැමරීමට යොමු වීම අවශ්‍ය ය. 

“ලුපර්කාලියා”(Lupercalia) යනු පැරණි රෝමානු මිථ්‍යා දෘෂ්ඨික උත්සවයකි. මෙය පවත්වා ඇත්තේ රෝමානු දෙවි දේවතාවරුන්ගේ ප්‍රධානියා ලෙසින් සැලකෙන ජූනෝ නමැති රෝමානු දේවතාවියගේ දිනය ලෙස සැලකූ පෙබරවාරි 14 වෙනි දා ය. එ‍සේම මෙම ජූනෝ වනිතාවන් හා විවාහයට අධිපති දෙවඟන ලෙසින් ද ඔවුන් සළකති. මෙම උත්සවයේ දී සිදු වන එක් විශේෂ ක්‍රියාවකට අනුව, එම උත්සවයට පැමිණෙන තරුණියන්ගේ නම් ලියූ කුඩා කොළ කැබලි බඳුනකට දමයි. එම බඳුනට අත දමා  ඉන් කොළ කැබැල්ලක් බැගින් ගැනීමට එහි සිටින තරුණයන්ට අවස්ථාව ලැබේ. තමන් ගන්නා කොළ කැබැල්ලේ නම දැක්වෙන තරුණිය සමග එම උත්සවයට සහභාගිවීමටත් නැටුම් දැක්වීමටත් අවස්ථාව සැළසේ. පසුව ඔවුනොවුන් අතර ප්‍රේම සබඳතා ඇති වී විවාහ වූ අවස්ථා ද විය. එහෙත්, ක්ලෝඩියස් අගරජු මෙම උත්සවය පැවැත්වීමේ දී කළ නියෝගය පරිදි ඔවුන්ගේ සබඳතා ඒ අවස්ථාවට පමණක් සීමා කෙරුණි.

එවකට ලිපි ලිවීමට යොදාගත් පැපිරස් නමැති ශාකයේ කඳින් නිපද වූ පුස්කොළපත් විශේෂයකි. මිසරය, ඉශ්රායෙලය වැනි රටවල මේවා ඉතා ජනප්‍රිය ලිපි ද්‍රව්‍යයක් විය. ශුද්ධ බයිබලයේ මුල් පිටපත් මෙම පැපිරස් පුස්කොළ වල ග්‍රන්ථාරූඪ කර ඇත.

වැලන්ටයින් දිනය ළංවෙන විට දෙපිරිසක් දෙපැත්තකින් සුදානම් වේ. එක පිරිසක් වැලන්ටයින් බිස්නස් කාරයින්ය. අනෙක් පැත්තෙන් වැලන්ටයින් දිනයට විරුද්ධ ආගමික පාර්ශවයයි. දැන් ජනතාවට කරන්න සිදුවී තිබෙන්නේ වැලන්ටයින් දිනයට දෙපිරිසගෙන් එක පාර්ශවයකට සම්බන්ධ වීමයි. ඇත්ත වශයෙන්ම මේ දෙපාර්ශවයම කරන්නේ වැලන්ටයින් දිනය සැමරුමක් නොවේද? වැලන්ටයින් දිනය යනු වැලන්ටයින් සාමිතුමාගේ දිනය හෙවත් ආදරවන්තයින්ගේ දිනය යැයි හඳුන්වති. නමුත් දැන් මේ දිනය සාමිතුමාටවත් ආදරවන්තයින්ටවත් අයිති නැත.

බෙහෙත් කළ යුත්තේ අමාරුවටයි

hannah sri lanka 360එංගලන්ත රාජකීය වෛද්‍ය සභාවේ ලියාපදිංචි ලංකාවේ වෛද්‍යතුමෙකු පවසන පරිදි වැලන්ටයින් දිනයේදී ලංකාවේ අවම වශයෙන් අවිවාහක තරුණියන් 10,000කටවත් කන්‍යා බව අහිමි වෙනවාලු. ඉදින් ආගමික පාර්ශවයේ උත්සාහය මෙය අවම වශයෙන් හෝ වලක්වා ගැනීමටයි. ඉතිං ඒක කොළා කියමු! ඊට පස්සෙ වෙන දවසක කඩා ගනියි නේ! ඉතිං වැලන්ටයින් දිනයේම කඩා ගත්තාම මතක තියෙනවනේ! ඔවුන්ට එහෙම නොසිතෙන්නේ මන්දැයි මට නොතේරේ. ඇත්ත වශයෙන්ම කළයුත්තේ වැලන්ටයින් දිනයේ කඩාගැනීම පමණක් වැලැක්වීම නොව අවිවාහක කතුන් විවාහයට පෙර ලිංගික සම්බන්ධතා වලට එළඹීමට ඇති සමාජ අවකාශය වැලැක්වීම නොවේද? ඒ සඳහා සමාජය ආධ්‍යාත්මයෙන් සහ දැනුමින් සන්නද්ධ කිරීම නොවේද?

තරුණියන් විවාහයට පෙර ලිංගික සම්බන්ධතා වලට එලඹෙන්නේ ඇයි? සමාජය වැරදි නිසාද?වැලන්ටයින් බිස්නස්කාරයින් නිසාද? නැත හේතුව ඒ කිසිවක් නොවේ. තරුණියන්ටත් ලිංගික ආශාවක් හෙවත් තේරෙන බසින් කියනවා නම් අමාරුවක් ඇති නිසා නොවේද? ඉදින් බෙහෙත් කළ යුත්තේ අමාරුවට නොවේද? බෙහෙත නම් නිසි කලට විවාහයක් කරදීම නොවේද? විවාහයක් කරදීමට කල වයස එනතෙක් දරුවා සුරැකීම නොවේද? දරුවෙකු සමාජ පරිහානියට අසුනොවන පරිසරයක් නිර්මාණය කිරීම නොවේද? ඊනියා ආගමික නායකයන්ට ආදරවන්තයින්ට දම් දෙසන්නට වැලන්ටයින් දිනයම මතක් වෙන්නේ ඇයි? ඔවුන් විසින්ද නොදැනුවත්වම මේ කරන්නේ වැලන්ටයින් දිනය සැමරුමක් නොවේද?

පෙම්වතුන්ගේ නිදහස වෙනුවෙන් කැපවුණු ක්‍රිස්තියානු පුජකවරයෙකු වන ශාන්ත වැලන්ටයින් පුජකවරයා සිහිපත් කිරීම උදෙසා මෙම වැලන්ටයින් දිනය සමරනු ලැබේ. මෙහි ඉතිහාස කතාව මෙසේය.

රෝමයේ ජීවත්වූ වැලන්ටයින් පූජක තුමා වෛද්‍යවරයකු ලෙසද කටයුතුකළ අයෙකි. රෝමය පාලනය කරනු ලැබූ ක්ලොඩියස් නම් කෲර පාලකයාගේ පාලන සමයේ දී තරුණ තරුණියන්ගේ විවාහයට බාධා ඇති විය.

ඒ යුද්ධය නිසාවෙන් වන අතර සියලුම තරුණයන් යුද්ධයට යාම අනිවාර්ය අතර විවාහය තහනම් විය. ඒ හේතුවෙන් තරුණ තරුණියන්ට විවාහ වීමට නොහැකි විය. මේ අතර වැලන්ටයින් පූජකතුමා මැදිහත්ව පෙම්වතුන් හොර රහසේ විවාහ කර දුන් අතර මේ නිසාම පූජකතුමා ක්ලෝඩියස්ගේ උදහසට ලක්ව දඟගෙයි දුක් විඳ ක්‍රි.ව. 270 අද වැනි දිනක දී ලෝකයෙන් සමුත්තේ ය.

ඔහු පෙම්වතුන් වෙනුවෙන් කරනු ලද සේවය උදෙසා පෙබරවාරි 14 වන දින වැලන්ටයින් දිනය ලෙසින් නම්කොට ඔහුව සමරනු ලබයි. නමුත් අද දිනයේ පෙම්වතුන්ගේ දිනය සමරන ලංකාවේ පෙම්වතුන් කීදෙනෙකු වැලන්ටයින් පිටුපස ඇති මෙම ඉතිහාසය දන්නේද?

ආසියාවේ බොහෝ රටවලට මෙන්ම ලංකාවටද වැලන්ටයින් දිනය ආගන්තුකය. බටහිරින් පැමිණෙන වැලන්ටයින් දිනය ලංකාව ආක්‍රමණය කරන්නේ අනුව දශකයේය. ඒ සම්පුර්ණ වානිජකරණය වූ දිනයක් ලෙසය.

ලෝකයේ විවිධ වූ දේ සදහා දින වෙන් කර ඇත.. ආදරවන්තයින්ගේ දිනය එහෙමත් නැත්නම් වැලන්ටයින් දිනයත් ඒ වගේම අපේ සමාජය තුළ පිළිගත්ත දිනයක් බවට මේ වෙනකොට පත් ව ඇත.

හැමදාම ආදරෙන් ඉන්නforver

වැලන්ටයින් දිනය ගැන කතා කරද්දි මේ වැලන්ටයින් කියන්නෙ කවුද මේ දිනය හා බැඳුණු ඓතිහාසික කාරණා මතවාද රාශියක් තියෙනව මේ වැලන්ටයින් කියන පියතුමා ජීවත් වුනේ රෝමයේ එතුමා ඒකාලෙ හිටපු ආදරවන්තයින් ආදරවන්තියන් වෙනුවෙන් කටයුතු කරපු නිසා රෝම පාලකයන්ගේ උදහසට ලක්වෙලා ජීවිතය පූජා කරනව මේ මතයට අමතරව මත රාශියක් ආදර වන්තයින්ගේ දිනය එහෙමත් නැත්තම් වැලන්ටයින් දිනය පිළිබදව තියෙනවා

කොහෙම වෙතත් සෞදි අරාබිය” පකිස්තානය” ඉරානය වගේ රටල ආදරවන්තයින්ගේ දිනය සැමරීම තහනම් කරල තියෙනව’ ඒකට ප්‍රධාන තර්කය හැටියට පේන්න තියෙන්නෙ වැලන්ටයින්  දිනය නිසා සංස්කෘතියට හානියක් සිදු වෙනවයි කියන එක’ මේ මතය අද වෙන කොට ලංකාව ඇතුළෙත් පේන්න තියෙනව’ අපිට බොහෝ විට පේන්න තියෙන දෙයක් තමයි මේ ආදරවන්තයින්ගේ දිනය තාමත් නගරයට පමණක් සිමා වුණ දෙයක් කියල’ ලංකාවෙ තියෙන සංස්කෘතියෙන් එහාට ගිය පිරිසක් පමණක් මේ ආදරවන්තයින්ගේ දිනය සැමරීම නිසා සහ ඔවුන්ගේ විවිධවූ ක්‍රියාකාරකම් සමාජය තුළ විශේෂයෙන්ම වැඩිහිටි පරම්පරාව වැලන්ටයින්  දිනය දැඩි ලෙස විවේචනය කරන බවක් පේන්න තියෙනව’ වැඩිහිටි අය කියන දෙයක්  තමයි වැලන්ටයින් දිනය කියල කරන දේවල් මහ බොළඳ වැඩ කියල කිසිම ප්‍රයෝජනයක් නැති දෙයක් කියල’

ඒ වගේම තවත් කාරණයක් තමයි ආදරවන්තයින්ගේ දිනය අද වෙනකොට වාණිජකරණයට ලක්වීම’ උසස් යැයි සැලකෙන සමාජ පන්ති වල තරුණ තරුණියන් ඉලක්ක කරගෙන තමන්ගේ වාණිජ පරමාර්ථ ඉෂ්ට කර ගැන්න විවිධ වැඩසටහන් සමාජය තුළ දියත්වන ආකාරයක් පෙනෙන්නට තිඛෙනවා’ විශාල වශයෙන් රාත්‍රී සමාජශාලා නාගරික පරිසරය තුළ ව්‍යාප්ත වීමත්” ඒ වටා උසස් යයි සැලකෙන සමාජ පන්ති වල තරුණ තරුණියන් ඒකරාශී වීමත්” සමාජශාලා අයිතිකරුවන්ට වැලන්ටයින් දිනය තම වාණිජ කටයුතු සඳහා යොදා ගැනීමට රුකුලක් වී තිඛෙනවා’

තරුණ පරම්පරාව ආදරවන්තයින්ගේ දිනය පිළිගන්න බවක් පේන්න තියෙනව’ ආදරවන්තයින්ගේ දිනය හා බැඳුණු ක්‍රියාකාරකම් නිසා තරුණ තරුණියන් අතර සුහදත්වයක් ගොඩනැගෙනව කියන එක වැලන්ටයින් දිනය ගැන සමාජයේ තියෙන සුබවාදී ආකල්පයක්’ ඒවගේම විශාල පිරිසකට රුකියා ජනිතවීමක් වැලන්ටයින් දිනය නිසා සිද්ධ වෙනවා’ ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව සංසරණය වන සුබ පැතුම්පත්” රොස මල් වැනි නිර්මාණ නිසා සුලූ කර්මාන්ත කරුවන්ට මේ සමය බෙහෙවින් අතමිට සරු සමයක්’

මේ ආදීවූ විවේචන ප්‍රශංසා රාශියක් ආදරවන්තයිනගේ දිනය පිළිබදව සමාජගතව තිබෙනවා. විටෙක පිරිසකට රසවත් වන දෙය තවත් පිරිසකට නීරස විය හැකිය එය සමාජ යථාර්ථයයි.

මේ නිසාවෙන් ආදර වත්තයන්ගේ දිනයේ දී තම පෙම්වතාට හෝ පෙම්වතියට ආදරය කිරිමට සුභ පැතුම් ලබාදිම සිදුකරනවාට වැරදි නොමැත. මේ ආදරවන්තයන්ගේ දිනයේ දී අහිංසක අසරණයන්ට සැලකිමට තම ආදරය සෙනෙහස දක්විමට යමක් සිදුකරන්නේ නම් එය සත්තිකින්ම ආදරවත්ත යන්ගේ සැමරිම යතාර්ථයක්වනු ඇත. සත්තකින්ම අපි අපට සමාජයට, රටට ලෝකයට, පරිසයට ආදරය කරන්නේ නම් සැමදාමත් නත්තල් වාගේම කියනා කාතන්දරය සේ වසර පුරාම මේ ආකාරයේ වැදගත් දේ සිදුකරන්නේ නම් හැමදාමත් ආදර වන්තයන්ගේ දිනයක් වනු ඇත.

සටහන-හබරාදුවේ නිමල් අල්ගෙවත්ත

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top