nsb

Mar 26, 2017

දෙමුහුන් කතා අවසන් මෛත්‍රීගේ ස්ථාවරය ජයගනී

ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ මෙවර සැසිවාරය අපට තීරණාත්මක වනු ඇතැයි සමහරු මත පළ කළා. එසේ ම ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන ඊළාම්වාදී සංවිධාන රජයට එරෙහිව ජිනීවා හරහා බලපෑමක් කිරීමට සැදී පැහැදි සිටියා.

ඔවුන්ගේ අපේක්ෂාව වූයේ ඇමරිකාව සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ යෝජනාව නොපමාව ක්‍රියාත්මක කිරීමට මානව හිමිකම් කොමිසම හරහා රජයට බලපෑමක් කිරීමටයි. නැතිනම් ශ්‍රී ලංකා රජය යම් තෙරපීමකට ලක් කිරීමටයි.

මංගලගේ විශිෂ්ඨ දායකත්වය :

mangala 9එහෙත් අප මෙතෙක් ඉටු කළ ඇති කාර්යයන් පිළිබඳව නිරවුල් ව පැහැදිලි කිරීමක යෙදුණු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කතාවට සමුළුවෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබුණා.

මංගල විවිධ දුෂ්කරතා මධ්‍යයේ අප විසින් මෙතෙක් ඉටු කරණු ලැබු කාර්යයන් විස්තර කළා. මානව හිමිකම් කවුන්සිලයේ බහුතර සාමාජිකත්යෙන් ඊට පිළිගැනීමක් ලැබී තිබුණ බවයි ජිනීවා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ ඇමරිකාව හරහා වුවද ඊළාම්වාදීන්ට අපට කිසිදු බලපෑමක් කිරීමට හැකි වී නැහැ. ශ්‍රී ලංකාවේ දකුණේ අන්තවාදීන් හා මේ පිරිස් එකම කාසියේ දෙපැත්තක් මෙවර ද සිදු වූයේ එම දෙපිරිසේ ම අන්තවාදයේ පරාජයක්.

මෙහි දී ශ්‍රී ලංකාව ලද විශේෂ ජයග්‍රහනය ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට රටක් වශයෙන් අපට වසර දෙකක කාලයක් ලබා දීමට ජිනීවා ජාත්‍යන්තර කැමැත්ත ප්‍රකාශ කිරීමයි.


බ්‍රිතාන්‍ය පෙරමුණ ගැනීම:

මේ යෝජනාව සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍ය පෙරමුණ ගැනීම ද විශේෂත්වයක්. 2015ට පෙර ඇමරිකාව මෙන් ම මහා බ්‍රිනාත්‍යය ද අපට එරෙහිව සිටි ප්‍රබල රාජ්‍ය දෙකක්. අද ඔවුන් සුබවාදී පැත්තෙන් අංශක 90ත් නොව 180ක් පමණ ආපස්සට කැරකී අවසන්.

එම වෙනස වත්මන් මෛත්‍රී පාලනයේ ජාත්‍යන්තර දේශපාලනය බව අමුතුවෙන් කිව යුතු නැහැ.මweb

රාජපක්ෂලාගේ කාලය අමතක වෙලා !

දැන් බොහෝ අයට 2015ට පෙර යුගය අමතක වෙලා වගෙයි. 2014 වන විට පැවැතියේ අපට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිල තුල සටනක්. එම සටනින් ශ්‍රී ලංකාවට අත් වී තිබුණේ පරාජයක්.

2015 මෙරට රාජ්‍ය පෙරළිය සිදු නොවන්නට ආර්ථීක සම්බාධක සමඟින් ජාත්‍යන්තර යුධ අපරාධ පරීක්ෂණය අපේ විරුද්ධත්වය මධ්‍යයේ වුව ද ඇරඹීමට ඛෙහෙවින්ම ඉඩ තිබුණා.

අපේ හමුදා නායකයින් ජාත්‍යන්තර යුද අධිකරණ වෙත බලහත්කාරයෙක් වුව ද ගෙනයාමට තිබු ඉඩකඩ ඇහිරුනේ මෛත්‍රී පාලන සමඟින්. නැතිනම් ජනාධිපති මෛත්‍රීගේ ජයග්‍රහණය සමඟින්.

එවන් තත්ත්වයක් උÞවූයේ නම් හිටපු ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සියල්ලම වගේ මේ වන විට නතර වීමටත්, අපේ හමුදාවන්ට ලැඛෙන ජාත්‍යන්තර ශිෂ්‍යත්ව හා පුහුණු කිරීම් අඩපන වීමටත් ඉඩ තිබුණා.

ජාත්‍යන්තර උගුලක සිරකලා :

මේ සියල්ලටම වඩා ආර්ථීක සම්බාධක නිසා සමස්තයක් වශයෙන් රටේ ජනතාවට ම අත් වීමට ඉඩ තිබු ඉරණම ඛේදජනකයි. එහි වගකීම හිටපු පාලනයට බැර වුව ද විදවීම සමස්ත ජනතාවට ම බැරවීමට ඉඩ තිබුණා.

මේ සියල්ල වැලකුණේ 'මෛත්‍රී පාලනය' සමඟින්. හිටපු ජනාධිපතිවරයා එදා සිටි එක්සත් ජාතීන්ගේ මහාලේකම් බැංකිං මුං සමඟ අත්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශනයේ පොරොන්දු වූ කාරණා, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් යෝජනා හා මැක්ස්වල් පරණගම කමිටු යෝජනා ආදී සියල්ල අතහැර දැමීම මෙවනි ජීනීවා වට කිරීමකට හේතු වූ බව පැහැදිලි සත්‍යයක්.

සත්‍ය වශයෙන් ම හිටපු පාලකයින් කලේ මුළු රටම ජාත්‍යන්තර උගුලක සිරකර තැබීමක්. ජනාධිපති මෛත්‍රී කළේ එම උගුලෙන් රට ගලවා ගැනීමක් මේ නිසා අපට එරෙහිව යෝජනා ඉදිරිපත් කළ ඇමෙරිකාව සමඟ සම මට්ටමෙ ඉදිමින් යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වීම රට ලැබු ජයග්‍රහණයක්.

 දේශීය අධිකරණයක් :

supreem courtවර්තමානයේ තවදුරටත් සිදු වී තිඛෙන්නේ අප පෙරොන්නුදව යෝජනාවේ සඳහන් කාරණා පවා ඉටු කිරීමට අපට කාලයක් ලබා දීමට ජිනීවා ජාත්‍යන්තර තුළ එකඟතාවයක් ඇති වීමක්.

සිදු වූවා යැයි කියන අපරාධමය චෝදනා සම්බන්ධයෙන් 'දෙමුහුන් අධිකරණයක්' මගින් නඩු විභාගයක් පැවැත්වීම අප එකඟ වූ ජිනීවා යෝජනාවේ ම අඩංගු වූ ප්‍රධාන එකඟතාවයක්. ඒ මොහොතේ එවැන්නක එකඟ වූ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිසේතම එදත් එවැන්නකට තම එකඟතාවය පළ කළේ නැහැ.

ජනාධිපතිවරයාගේ අදහස වුයේ දේශීය අධිකරණයක් මඟින් ම එම කාර්යය සිදු විය යුතු බවයි.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද එවැන්නකට ඉඩක් නැහැ. පසුගියදා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළේ දැන් මේ ගැන එතරම් කලබල විය යුතු නැති බවයි. නැතිනම් එය නිර්දේශයක් හා යෝජනාවක් පමණක් බවයි.

අපේ ස්වධීනත්වයට හානි වන කිසිවක් ඉටු කිරීමට අÞළ යෝජනාවෙන් ශ්‍රී ලංකාව එකඟ වී නොමැති බව ද මෙහිදී මංගල සඳහන් කළා.

එය රාජපක්ෂ යුගයේ අධිකරණ පැවැති ස්වරූපයට සාපේක්ෂව ඉදිරිපත් වූ බවයි මංගලයේ පැහැදිලි කිරීමේ අන්තර් ගත වුණේ. ඒ අනුව වර්තමානයේ එවැන්නක් අවශ්‍ය නොවන බවයි විදේශ අමාත්‍යවරයාගේ ද වත්මන් ස්ථවාරයයි.

අගමැති රජයේ ස්ථාවරය කියයි

Ranil Wickremesinghe 1200 RTX29645මේ අතර දෙමුහුන් අධිකරණය පිළිබඳ නිශ්චිත කතාබහක් හා සංවාදයක් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ඇති වුණා. එහි දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කළා. ''හයිබ්‍රිඩ් උසාවි නැහැ චෝදනා විමර්ශනයට දේශීය අධිකරණයක්'' යනුවෙන් අගමැතිවරයා රජයේ ස්‌ථාවරය රටට හෙළිකළා.

''ජාත්‍යන්ර යුද අපරාධ අධිකරණකට අප එකඟ වන්නේ නැහැ. ශ්‍රී ලංකා අධිකරණ යන්ත්‍රණයක් තමයි අපේ ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කරන්නේ''

අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ රජයේ ස්ථවරයයි.

ඒ නිසා තවදුරටත් මේ රටේ ජාතිවාදීන්ට හයිබ්‍රිඩ් අධිකරණ කතාව තොරම්බොල් කිරීමට ඉඩක් ලැඛෙන්නේ නැහැ. මෙය ජනාධිපති මෛත්‍රී දිගින් දිගටම දැරූ ස්ථාවරයි. පසුගිය දා රජය එය පාර්ලිමේන්තුවේ සභාගත කළා. ජිනීවා යෝජනාවේ අඩංගු ආන්දෝලනාත්මක යෝජනාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැන් පැහැදිලියි.

එහෙත් පිළිගත් ජාත්‍යන්තර ක්‍රම වේදයන්ට අනුව යුද අපරාධ විමර්ශනයට බෑන් කීං මූං හා එදා එකඟ වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා එම රජය බව අද බොහෝ අයට අමතකයි.


අපේ අකමත්තෙන්ම කරන්න තිබුනා :

වත්මන් රජය බලයට පත් නොවන්නට ජිනීවා ජාත්‍යන්තරය මගින් යුධ අපරාධ චෝදනා විමර්ශනය කිරීමට තීන්දු කරන්නේ අපේ අකමැතිතෙන් එදා සම්පූර්ණයෙන් ම නඩු විභාගයන් පැවැත්වෙන්නේ ජාත්‍යන්තර අධිකරණයකින්.

දෙමුහුන් කතාවකටවත් ඉඩක් නොලැබීමට ඉඩ තිබුණා. එය වැළකුණේ මෛත්‍රීගේ ජයග්‍රහණයෙන් පසුවයි. මේ වන වට එම ජයග්‍රහණය දෙමුහුන් අධිකරණ කතා පවා වෙනස් කිරීමට හේතු වී තිඛෙනවා.

(සත්හඬ -සුරනිමල ලිපිය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top