Apr 06, 2017

දුම්රියේ නොදුටු අසිරිය...!!

ගමන් යන බොහෝ දෙනා කැමති ගමන් ගන්නා කාලය අඩුකරගෙන ගමනාන්තයේ ගත කරන කාලය වැඩි කරගන්න. ඒ නිසාම දුර බැහැර යන ඔබ දුම්රිය තෝරාගන්නේ නිරායාසයෙන්. තවත් සමහර දෙනෙක් ගමනට යන අඩු වියදම, මාර්ගයේ සුන්දරත්වය දැකබලා ගැනීමට ඇති ඉඩකඩ නිසාත් දුම්රිය තෝරා ගැනීමට පෙළඹිලා ඉන්නවා. මේ හේතු නිසාම ලංකාවට දුම්රිය සේවාව දැන් නැතුවම බැරි අංගයක් වෙලා. දවසකට මගීන් 360,000 ක් පමණ එහා මෙහා ගෙනියන දුම්රිය සේවාව දියුණු කිරීමට දැන් කාගෙත් අවධානය යොමුවෙලා. කොහොම වෙතත්, ප්‍රවාහනයේදී අපේ හොඳ මිතුරෙකු වන දුම්රිය සේවාව ගැන මීට වඩා සැලකිල්ලෙන් බැලීම වැදගත් නොවේද?

downloadකි.මී 1567 ක් පමණ දිගකින් යුත් ලංකා දුම්රිය මාර්ගය, ප්‍රධාන නැවතුම් පොළවල් 177 ක් ගෙන් පමණ සමන්විතයි. මීට අමතරව තවත් දුම්රිය පොළවල් 162 ක් පමණ දැනට පවතිනවා. කොළඹ - කන්කසන්තුරෙයි දිගම දුම්රිය ගමන වශයෙන්ද, කොළඹ - බදුල්ල,කොළඹ - මඩකලපුව දිගින් දෙවැනි හා තෙවැනි වශයෙන් ද සලකනවා.

නමුත් අපි බොහෝ දෙනා ගමන් කරන මුහුදු තීරයේ දුම්රිය මාර්ගය හතරවෙනි ස්ථානයේයි පවතින්නේ. බ්‍රිතාන්‍ය ජාතිකයන් ගෙන් ලංකාවට ලැබුණු වටිනා මේ තාක්ෂණයට , උඩරට මැණිකේ , රුහුණු කුමාරි, යාල්දේවි වැනි අලංකාර නම් තැබීමත් පැසසුම් ලැබිය යුතු කාරණයක්. හැබැයි මේ හැමදේම දැනටමත් ඉතිහාස පොතට එකතු වෙලා ඉවරයි. නූතනයේදී දුම්රිය සේවයේ වැඩි දියුණු කිරීමක් නොමැති වීමද, දුම්රිය සේවාවට කුඩම්මාගේ සැළකිලි ලැබීම ද ඉතා දුක්ඛිත තත්ත්වයක්.....!


ලංකාවේ දුම්රියක් වෙලාවට අවොත් ඒක හරිම පුදුමයක්. නමුත් වෙන බොහෝමයක් රටවල, විශේෂයෙන් ජපානයේ, දුම්රියක් විනාඩියක් ප්‍රමාද වුණොත් එය අපරාධයක් නැතහොත් බියවිය යුතු කරුණක් හැටියටයි සළකන්නේ. පසුගිය දවසක මොරටුව දුම්රිය පොළේ දී චීන ජාතිකයෙකු ප්‍රකාශ කළේ, “හරිම කැමතියි ලංකාවේ කෝච්චිවලට, නමුත් 12.30 ට පැමිණිය යුතු දුම්රිය 12.32 ට පැමිණෙන නිසා ඉන්නේ බොහෝම කලකිරීමෙන්.”chapel hill passenger information


ලංකාවේ බොහෝමයක් දුම්රිය පොළවල් ළඟින් බස් සේවාවක් ක්‍රියාත්මක වීම සැබැවින්ම හොඳ දෙයක්. මේ නිසා, නිතර ගමන් කරන අපිට මාරු වීමට මඟ නාස්ති කරන කාලය අඩු කරගන්න හැකිවෙලා තියෙනවා. නමුත් දුම්රිය හා බස්රිය අතර ඇති අන්තර් සබඳතාවය සළකන විට ලෝකයේ රටවල් අතර ලංකාව ඉන්නේ ඉතා පහත් මට්ටමක. මෙයට හොඳම උදාහරණය නම් නාවලපිටිය දුම්රියපොළ. ඉතා විශාල ඉඩකඩක සාදා ඇති දුම්රිය පොළට පසෙකින් ප්‍රධාන බස් නැවතුම්පොළ දැක ගන්න පුළුවන්. බස් නැවතුම්පොළේ සිට දුම්රිය පොළට alley එහෙමත් නැතිනම් පටු ගමන් පථයක් තිබුණත් එහි අවසානයේ නිසි සම්බන්ධ කිරීමක් කර නැහැ. මේ නිසා මගින්ට සිදුවෙනවා මහපාරට ගොස් තවත් දුරක් ඇවිදීමට. බස්පොළේ ,දුම්රියපොළේ ඉඩ ප්‍රමාණය නිදහස ගෙනදෙන සේ සැළසුම් කර තිබුණත්, මෙවැනි සම්බන්ධතා අවකාශ මගහැර තිබීම මඟීන්ට කරන අසාධාරණයක්. Multimodal Hub යන සංකල්පය දැන් ලංකාවෙත් හරි හරියට කතා වෙන නිසාම, අපිත් කැමතියි මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමු කරන්න. නාවලපිටියේ විතරක් නෙවෙයි, කොටුව,මරදාන, මොරටුව, ගාල්ල මේ හැම තැනකම මෙවැනි වටිනා අවස්ථා උදාකර ගන්න පුළුවන්....!!

e43ffe754f9f77c89f20d6d97bbab93dලංකාවේ trip යන youth එකට වගේම පිටරට ඉඳන් එන සංචාරකයන්ටත් තියෙන ගැටළුවක් තමයි තමන් රැගෙන යන ලොකු ගමන්මළුවල ආරක්ෂාව. දුම්රිය පොළවල්වල මෙම මළු සුරැකිව තැබීමට නිසි තැනක් නැති නිසාම, බහින හැම තැනකටම ගමන්මළු රැගෙන යන්න වෙලා තියෙනවා. නමුත් මේ දේවල්වලටත්, ලෝකයේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි Coin lockers සේවාව. තමන්ගේ ගමන්මළු ඉතාමත් අඩු මුදලකට නැවතුම්පොළේ lockers වල ගබඩා කර හිතේ හැටියට ඇවිදලා එන්න පුළුවන්. ඉතින් මෙවැනි සේවා අමතර ආදායමක් වගේම, සංචාරක කර්මාන්තයටද ආකර්ෂණයක්. අපි හිතුවෙ නැති වුණාට, සමීක්ෂණවලට අනුව ලංකාවේ මිනිස්සු බොහෝමයක් දෙනා කැමතියි තමන්ගේ පෞද්ගලික රථ වාහනවලින් ඈත් වෙලා, ඉතා ගුණාත්මක, සැපපහසු ආරක්ෂාකාරී පොදු ප්‍රවාහන සේවාවක් භාවිත කිරීමට. මෙයින් ද දුම්රියට හිමිව තියෙන්නේ ප්‍රධාන ස්ථානයක්, ඒ නිසාම ලංකාවේ දුම්රිය සේවාව නවීකරණයකට ලක්වෙනවා නම් එය ආර්ථිකයට වගේම පරිසර දූෂණය අවම කිරීමටද රුකුලක් වෙනවා. Diesel engine වලින් එහාට ගොස් electric trains සංකල්පය දැන් බොහෝමයක් රටවල ජනප්‍රියයි. ඒ වගේම monorail, station hub වැනි සංකල්ප ලංකාවට තවදුරටත් අලුත් වචන නෙවෙයි. ඒවා වචනවලට සීමා නොවී ලංකාවාසී සැමට අත්දකින්නත් ළඟදීම හැකිවෙයි කියලා, තරුණ - තරුණියෝ නම් හිතනවා ඇති!

ඉතින් මේ සියල්ල සළකා බලා දුම්රිය පොළක් සැළසුම් කිරීම පහසු කාර්යයක් නොවේ. පාවිච්චිය, ක්‍රියාන්විතය වගේම ප්‍රමිතියක් යන කාරණා 3 ගැනම ඉතා හොඳින් සිතන්න වෙනවා. ලංකාවේ online ticket booking තිබුණට එය ඉතාමත් ප්‍රාථමිකයි. Swipe & go වැනි තාක්ෂණ නොමැති නිසා online booking කරන මඟීන්ටද සාමාන්‍ය මගීන් සේ අපහසුතාවලට මූහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම පෞද්ගලික වාහනවලින් පැමිණෙන අයට, park &go වැනි පහසුකම් ලබා දීම දුම්රිය සේවාවට ඇති ඉල්ලුම තවත් වැඩි කරගන්න පුළුවන්. දුම්රිය විස්තර දැන ගැනීමට digital real time පුවරු වගේම සේවා පුද්ගලයින් අනුයුක්ත කිරීම ද ඉතා වටිනවා. ඇතුළත කඩ සාප්පු වගේම, පිරිසිදුව රැඳී සිටිමට ඉඩකඩ ද ලබා දීමෙන් මෙම සේවාවේ ගුණාත්මක භාවය වැඩිදියුණු කරගන්න පුළුවන්. මෙවැනි සුළු සුළු දේවල් ලංකාවේ දුම්රිය සේවාවට එකතු වෙනවා නම් විදේශිකයන්ටත් ලාංකිකයන්ටත් මුණදීමට තිබෙන ගැටළු, අත්වැරදීම් අවම කරගන්න හැකියාව තියෙනවා. එවිට මඟීන් පමණක් නෙවේ, හමුවීමට - සමුදෙන්නට එන අයත් සේවාව ගැන තෘප්තිමත් වේවි.WPB PRESS RELEASE AERIAL SOM

ලංකාවේ මේ උරුමය මෙතෙක් කල් ආරක්ෂා වීමට ස්තූති විය යුතුයි. ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල මෙන්ම පිලිපීනයේ වගේ අවනීතීය හා අනාරක්ෂාව තවම ලංකාවේ දුම්රිය සේවාවේ නැති එක ගැන අපි සතුටු විය යුතුවෙමු. නමුත් ලංකා දුම්රිය සේවාවට පෙරළිකාර හොඳ වෙනසක් කිරීමට කාලය හරි කියලා බලධාරීන්ට කියන්න කැමතියි !!

එසේම youth අපි travel කරනවා වගේම මෙවැනි අවස්ථා ගැන සිත් දිය යුතු වෙනවා. ලෝකයේ නූතන සංකල්ප ගැන තව හොයා බලන්න...! Google කරන්න…! ලංකාවට ගැළපෙන, සැමටම ලබාගත හැකි සේවාවක් ගොඩ නගන්න අපි වෙහෙස විය යුතුමයි. මොකද ලංකාවේ ගමනාගමනය දියුණු කිරීමෙන් රටට සිදුවන වාසි අතිමහත් !

ඉන්දීවරී චන්ද්‍රසේකර

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top