Nov 03, 2016

රංකැටේ මං ආදරෙයි Featured

වැදුවෙ පුත්තුම තුන් දෙනෙක්
මතකද පුතාලැයි තාත්තේ
උබ ආඩම්බරෙන් හිනාඋන හැටි
උන් උස්මහත් වෙලා අපි දෙන්නව බලාගනී මැණිකේ
පුතාලැයි තාත්තා කිව්වා නිතරම
උන් උස්මහත් කොරන්ට අකුරු කොරන්ට
අපි සාගින්න නිවා ගත්තෙ කහට උගුරෙන් හකුරු කෑල්ලෙන් තමයි
ඒත් අද උන් අපි හිතුවටත් වඩා ඉහලකනෙ ඉන්නෙ
අපි නඩුකාර උන්නාන්සෙ කෙනෙක්ගෙ
දොස්තරමහත්තයෙක්ගෙ
ඒ විතරක්ද
දිසාපති හාමුදුරුවන්ගෙ අම්මයි අප්පයි වෙලා
ආඩම්බරයි නේද පුතාලැයි තාත්තේ
උබ ලෙඩ ඇදේ ඉදන්
පුතාලව බලන්ට ඕන කිව්වට
උන්ට වෙලාවක් නෑ පුතාලැයි තාත්තෙ
ලොකු මහත්තරුනෙ දැන්
අපිට වගෙ නෙමෙයි රාජකාරි එමටයිනෙ
අනික පොඩි දුරක් යෑ කිව්ව ගමන් එන්ට
උන් එක්ක අමනාප වෙන්ඩ කාරි නෑ
හෙමීට එයි උන්
උන් නාවත් මං එනවනෙ උබ බලන්ට
ගමේ ඈයොත් එයි විටෙක
ඒත් අද ටිකක් පරක්කු වෙයි පුතාලැයි තාත්තෙ
මට හිස් අතින් එන්ට බෑ
උබට නෙස්ටමෝල්ට් එකක්වත් ගන්ට ඕන
දොස්තර මහත්තය කිව්වා උබ ගොඩක්
දුර්වලයි කියල
මේ ටික විකින්න ගමං මං එන්නං
මං එනකං පරිස්සමෙන් ඉන්ට පුතාලැයි තාත්තෙ..
--රංකැටේ මං ආදරෙයි--

පුර්ණීමා තෙන්නකොන්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top