nsb

Apr 18, 2017

කුණු නිසා කුණු වන පරිසරය හා ජීවිත පසෙකලා කප්පම් කරුවන් රකිනවාද ? Featured

වසර අටක් තිස්සේ  මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව සටන් කල දයාබර සටන් සගයන් මියගොස්ය . තවකෙකුගේ කිසිදු ඥාතියෙකු හෝ නොමැත ඔහුන් කුණුකන්දට යටවී ගොස්ය . දැනට මියගිය සංඛ්‍යාව තිහකට ආසන්නය. අතුරුදහන් වූවන් සමග මියගිය ප්‍රමාණය පනස්හතකට ආසන්නය . සියල්ල අහිමි කල පසු මිනී ගණන් කිරීමෙන් පලක් නැත.  මළ මිනියකට ලක්ෂයක් ලංසුව තබා ආණ්ඩුව මෙම මනුෂ්‍ය ඝාතනයෙන් ගැලවීමට උත්සහ කරමින් ඇත. මෙය ස්වාභාවික ව්‍යවසනයක් නොව මනුෂ්‍ය ඝාතනයකි. එහි වගකීම සමස්ත කොළඔ ජනතාවත් මෙරට ආණ්ඩු හා මෙයින් කප්පම් ගත් දේශපාලකයන් භාරගත යුතුය .

මෙවන් කුණු කඳු පුපුරා යාමට හැකියාවක් ඇත්තේ වර්ෂා කාලයේ ජලය කුණු කදුමතට අධික ලෙස එක් වීමෙන් ඇතිවන නාය යෑමේ ස්භාවයන් නිසා හෝ මීතේන් වායුව (CH4)එක් වී කුණු කදු ඇතුලත සිදුවනMeethotamulla 670px 17 04 17 (2) කුඩා පිපිරීම් නිසා ඇතිවන නාය යාමේ තත්වයන් විය හැකිය . දෙදහස් පහ වර්ෂයේ ජාවා හි එකසිය හතලිස් තුනකට ජීවිත අහිමි කරමින් එහි වීශාල කුණු කන්ද නාය ගියේ මීතෙන් වායුව සමග ඇති වූ පුපුරා යාම් නිසාය. එමෙන්ම 2017.03.12 වන දින ඉතියෝපියාවේ අද්දීස් අබාබි හී  (ADDHIS ABBAB) කුණු කන්ද පුපුරා ගොස් 120 වැඩි පිරිසක් මිය ගියේ මිතොටමුල්ලේ කුණු කන්ද පුපුර නාය ගිය විලසින්මය . නමුත් මේවා උදාහරණ ලෙසවත් ගෙන ජන ජීවිත ආරක්ෂා කිරීමට මෙරට පාලකයන්ට වුවමනාවක් නැත.

එක්දහස් නවසිය අසූනවය කාලයේ සිට මීතොට මුල්ලට කුණු ගෙනවිත් දැමීමට එවකට මුල්ලේරියාව , කොළොන්නාව, කොටිකාවත්ත පළාත් පාලන ආයතන පටන් ගත් අතර එසේ කුණු දැමීම ආරම්භ කළේ කැළණි ගංගා නිම්නයේ ජල ගැලීම පාලනය  කිරීමට තිබූ තෙත් බිමක් හා වෙල්යායකටයි.

මෙලෙස ආරම්භ වූ කුණු දැමීම  දෙදහස් නවය වසරේ මහා පරිමාණ ලෙස සිදුකරන්නට පටන්ගත්තේ බ්ලුමැන්ඩන් හි කුණු දැමිම තහනමි  වූ පසුවය . ඒ  එවකට අග විනිසුරු සරත් එන් සිල්වා විසින් කරන  ලද නියෝගයකට නතු වෙමිනි. මුලින් මීතොටමුල්ල ප්‍රදේශයේ අක්කර  දෙකකින් ආරම්භ වූ කුණු දැමීම වසරින් වසර ගෙවී ගොස් දෙදහස් පහළව වන විට අක්කර  දහනවයක් පුර  පැතිර ගිය මීටර් තුන්සියයකට වඩා උස දැවැන්ත කුණු කන්දක් බවට පත් විය.

මෙම ප්‍රදේශයේ කුණු දැමිමට අවසර තිබුනේ කොළඔ නගර සභාවට පමණි . නමුත් සෑම දිනකම රණාල, බියගම, කඩුවෙල ප්‍රදේශවල පුද්ගලික ආයතනවල වීෂ සහිත අපද්‍රව්‍ය මෙම කුණු ගෙඩට බැහැර කරණ ලදී . ඒ රවින්ද්‍ර උදයශාන්ත ඇතුළු  කප්පමකරුවන්ට එක් ලොරියකින් දිනකට රුපියල් හාරදහසක පමණ මුදලක් කප්පම් වශයෙන් ලාබාදීමෙනි.

කෙසේවෙතත් දිනකට මීතොට මුලුල කුණු කන්දට කුණු ටොන් එක් දහස් දෙසිය පණහකට වඩා වැඩි ප්‍රමාණයක්  කොළඔ අවටින් ගෙන විත් දමන ලදි. මෙහි දීර්ඝ කාලීන ප්‍රතිලයක් ලෙස ජනතාව වීශාල වශයෙන් රෝගාතුරව සිටි අතර භූගත ජලය දූෂණය වීමෙි සිට නොයෙක් පාරිසරික ප්‍රශ්න මෙම ප්‍රදේශයේ පැන නගින්නට විය.

එය හොදින් දැනුන මීතොටමුල්ල ජනතාව විවිධ පාර්ශවයන්  දැනුවත් කිරීම් වලින් අනතුරුව  ව2013 වසරේත් 2015 වසරේත් උද්ඝෝෂණ වලට යොමු වූ අතර ඒවට සවන් දෙනවා වෙනුවට පැවති හා පවතින රජයන් කලේ තම ජීවිත බේරාගැනීම වෙනුවෙන් සටන් කල ජනතාවට කුණු වලින් කොමිස් ගන්නා මැරයන් ලවා පහර දීමයි.

 meethotamap
Meethotamulla Garbage Mountain

මීතොටමුල්ල,කුරුණියවත්ත, දහමිපුර, 101 වත්ත, වැල්ලමිපිටිය,පන්සල් හේන. නාගහවත්ත ඇත ජනතාවට පහර දී රෝහල් ගතකිරිමෙන් නොනැවතී ඔහුන්ව ඝාතනය කිරීමට අවශ්‍යය වට පිටාව  මේතාක් පැවතී රජයන් විසින් නිර්මාණය කරන ලදී .
 
 ජනතා විරෝධයන් මධ්‍යයේ කුණු කදු ගෙඩගසමින් ඔහුන්ට සවන් නොදී මීතොටමුල්ල ජනතාව මරණයට තල්ලු කල බලධාරීන් මීතොට මුල්ලෙන් නතර නොවී ඒකල ප්‍රදේශයේ මෙම කුණු නැවත ගෙඩ ගසන්නට උත්සහ දරමින සීටී.Garbagecry

කිරිදිවෙල, මුතුරාජවෙල, කරදියාන පමණක නොව රටපුරාම ජනතාව කුණු කදු වලට බිලි දෙන තුරු පරිසර අමාත්‍යාංශය හෝ වගකිවයුතු උදවිය කුණු ප්‍රතිනිෂ්පාදන සදහා හෝ පොහොර නිෂ්පාදනය සදහා භාවිතා කරන්නට අදහසක් නැත. වෙනත් රටක නම් කුණු යනු මහගු සමිපතකි. එය ආදයම් උත්පාදනය වෙනුවෙන් යොදාගන්නා මහගු සමිපතකි.

නමුත් අවාසනාවකට මෙරට බලධාරීන් කුණු කදු ගොඩ ගසමින් එය පාතාලයේ එක් ආදායම් මාර්ගයක් බවට පත්කර ඇත. මිනිසුන්ගේ ජීවිත බිලිදෙමින් කුණු වලින් කප්පම් ගන්නා කප්පම් කරුවන් ආරක්ෂා කිරීම වෙනුවට පිටරටවලින් ගෙනෙන විද්‍යුත් අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට දැන් තිත තැබිය යුතුය. මෙරට එක්වන අපද්‍රව්‍ය කළමණාකරණනය කර ප්‍රතිනිෂ්පාදනයන් සදහා යොදාගත හැකිය. එයට අවශ්‍යය තාක්ෂණික දැනුම පරිසර අමාත්‍යාංශයේ ආරම්භ වී වැළලා දැමූ පිළිසරු ව්‍යාපෘතියට පණදීමෙන් ලබාගත හැකිය .

එසේ නොකර ජනතාවගේ ජීවිතයට ලක්ෂයකින් වන්දී දී ඔහුන් විසින් සිදුකල මෙම ඝාතන යටගැසීමට බැරිය . නමුත් ඉදිරියට හෝ මෙවන් දේ සිදුවීමට ඇති ඉඩ කඩ අහුරා කුණු කළමනාකරණය වෙනුවෙන් අවශ්‍ය පියවරක් දැන්වත් ගතයුතුය.

රවීන්ද්‍ර කාරියවසම්     

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top