Apr 20, 2017

චම්පික මීතොටමුල්ලට දුන් සහනය මුසාමිල් විසිකරලා

කොලඹ මහනගර සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස සේවය කර දැනට බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කරන චම්පික නිරෝෂ් මහතා විසින් මීතොටමුල්ල කුණු ප්‍රශ්නයට දුන් සරල යෝජනාවක් එකට කොළඹ නගරාධිපතිව සිටි ඒ.ජේ. මුසාම්මිල් ඉවත දමා ඇතැයි යන කාරණාව මේවන විට ෆේස්බුක් සමාජ ජාලයේ ආන්දෝලනයක් ඇති කර තිබේ.

මේ චම්පික සිය ෆේස්බුක් පිටුවට එක් කර ඇති සටහනයි.


Champikasolutionමම 2012 දී කොළඹ නගර සභාව වෙනුවෙන් මීතොටමුල්ල කුණු කන්ද තරණය කල අවස්ථාවක්.. කුණු කන්දේ පීඩනය නිසා එදත් ගෙවල් විසිපහක් විතර ඉහලට එසවිලා තිබුණා. අපි තාවකාලික පැලැස්තර විසඳුම් සුපුරුදු විදිහට දුන්නා.. මම කොරියාවෙ Seoul Metropolitan Government එකේ අවුරුද්දක් Urban Management ඉගෙනගෙන ඇම්ම එක්ක කොළඹ හදන්න ආව නිසා එවකට හිටිය නගරාධිපති මුසම්මිල්ට පෞද්ගලික යෝජනාවක් හදල දුන්නා.. එයා ඒක ගැන කතාකරන ගමන් කුණුකන්ද භාර ඉංජිනේරු තංගමයිල්ගෙ පැත්ත අරගෙන මගෙත් එක්ක බහින්බස් වෙලා මාව නගරසභාවෙන් අනුප්‍රාප්තිකයෙකුත් නොගෙන නිදහස් කලා යන අතක යන්න කියල..

අදටත් මගෙ විසඳුම වලංගු නිසා සරලව ඒ ගැන කියන්න හිතුවා.. මේක සරල සහ පහසු ක්‍රමයක්.. ලෝකයේ බොහෝ රටවල් මේ ක්‍රමය අනුගමනය කරනවා..
ඝන අපද්‍රව්‍ය වලින් දල වශයෙන් පරිමාවෙන් සියයට හැටත් හැත්තෑවත් අතර ප්‍රමාණයක් ආහාර හෝ ඒ හා සම්භන්ධ Organic ද්‍රව්‍ය.. තවත් සියයට විස්සක් විතර 7'R මගින් ඉවත්කල හැකි දේවල්..(තේරුම්ගන්න පහසුවෙන්න ප්‍රස්ථාර එකතු කලා ඔන්න..) ඉතිරි ප්‍රමාණය තමයි ඇත්තම අපද්‍රව්‍ය වෙන්නෙ..

මම මුසම්මිල්ට යෝජනා කලා අපේ ගාබේජ් කලෙක්ෂන් කෲ එක දෙකට බෙදන්න.. ඕනෑම කලෙක්ෂන් රෑට් එකක කාලසටහනට අනුව වාහන දෙකක් යන්න ඕනෙ.. ආහාර හෝ වෙනත් perishables පමණක් සෑම මාර්ගයකම සතියට දින පහක් එකතු කරන්න ඕනෙ.. එතකොට මිනිස්සු දින දෙකක් ආහාර අපද්‍රව්‍ය තියාගන්න වෙන නිසා ඒ වෙනුවෙන් මොනවහරි ක්‍රමයක් හොයන්න පටන් ගන්නවා.. (බලංගොඩ නගර සභාවෙ PHI නිමල් ප්‍රේමතිලක (⁣ක්ෂේත්‍රයෙ හැමෝම දන්න කෙනෙක්..) හඳුන්වා දුන් ක්‍රමයක් බලංගොඩදි අපි අත්හදා බැලුවා.. මමත් Microbiologist නිසා සහතික කරල කියන්න පුලුවන් මේ ක්‍රමය එකම කාමරයක් තියෙන මුඩුක්කුවක වුනත් කිසිම ගඳක් නොඑන්න භාවිතා කල හැකියි.. එකතු කරන ආහාරමය අපද්‍රව‍්‍ය කවර Garbage Bag හෝ වෙනත් භාජන සමග නොව කෙලින්ම වාහනයේ ටැංකියටඑකතු කල යුතුමයි.. මේ සියල්ල ගැටලුවකින් තොරව වේගයෙන් වියෝජනය වන නිසා කිසිදු ගැටලුවකින් තොරව අපද්‍රව්‍ය වෙන්කිරීමකින් තොරව දිනකට අපද්‍රව්‍ය ටොන් දහසක් සඳහා නිපදවූ උපකරණයකින් කාබනික පොහොර බවට පත් කල හැකියි.. https://mobile.nytimes.com/…/the-compost-king-of-new-york.h… මෙවැනි ක්‍රමවේද වලට උදාහරණ සපයනවා.. ඔබ තර්ක කරාවි වෙළඳ ආයතන හා කුඩා ⁣අවන්හල් කාබනික අපද්‍රව්‍ය දින දෙකක් තබාගන්නේ කොහොමද කියා.. කොළඹ නගරසභාවේ දිස්ත්‍රික් ඉන්ජිනේරු ඒකක හයක් තියෙන නිසා එසේ තබාගත නොහැකි ස්ථාන කිසියම් ක්‍රමවේදයක් මගින් හඳුනාගෙන විශේෂ වැඩපිලිවෙලක් යෙදිය හැකියි.. කොම්පෝස්ට් සකසන උපකරණ සවිකරන්න තැනක් කොළඹින් හොයාගන්න අමාරු වුනත් ආසන්න ස්ථානයක් හොයාගන්න බැරි නෑ.. නිපදවෙන කොම්පෝස්ට්  ආදායමක් උපයා දේවි..

සතියට දින තුනක රෑටින් එකකින් සියයට විස්සක් හෝ තිහක් වුනු 7'R කසල එකතු කර කෙලින්ම අදාල ආයතන වෙත යැවිය හැකියි.. පොලිමර් සඳහා දැනටමත් ආයතන ගොඩක් තියෙනවනෙ.. e-Waste වලට සහ ⁣Reuseable, Repairable උපකරණ වෙනුවෙන් Seoul Beautiful Stores වගේ ආයතනයක් නගර සභාවෙන්ම බිහිකලහැකියි.. http://eng.beautifulstore.org/what-we-do එමගින් කෙනෙකුට අනවශ්‍ය දෙයක් වෙනත් අවශ්‍ය අයෙකුට සහන ක්‍රමයකට ලබාගත හැකියි.. බංගලිදේශයෙ ඩකා නගරයෙ ලංකාව තරම් ජනගහනයක් ඉන්නවා වුනත් පොලිතීන් භාවිතයට යම් යම් සීමා පනවා තියෙනවා වගේ කොළඹටත් සීමා පැනවීම කල හැකියි..

අනිවාර්යයෙන් බැහැර කලයුතු කසල සියයට දහය මීතොටමුල්ල වගේ නොවන නියමිත තාක්ෂණයක් යොදාගෙන ලෑන්ඩ් ෆිල් කිරීමේ හැකියාව තියෙනවා.. මේ සියලු දේ අතර Clinical Waste සඳහා යොදාගත හැනි ඉන්සිනරේටරයක් කොළඹ තුලම සවි කලයුතු වෙනවා.. බලංගොඩ රෝහලේ වෛද්‍ය අධිකාරී තුමාට සාර්ථක ඉන්සිනරේටරයක් හදාදුන්Moris Kumara Lankaa මේ වෙද්දි කොළඹ ඉන්න නිසා නාගරික කොමසාරිස් තුමා (බය නැතිනම්???) එයා ලවාම අදාල ඉන්සිනරේටරය හදාගන්න..

මම හදපු යෝජනාවට ලෝකයේ මේ ක්‍රමවේද යොදාගන්නා තැන් සහ අධ්‍යයනයන්ගේ සයිටේෂන් ඇතුලත් කලා.. අන්තිමට මම නගර සභාවට සේවයට ඇවිල්ලා කවදාවත් වෙන කොහෙටවත් නොගිහින් තමතමන්ගෙ අධිරාජ්‍ය ගොඩනගාගෙන ඉන්න ඉංජිනේරැ මුදලාලිලා දෙතුන්දෙනා නිසි කාලයකින් නගර සභාවෙන් යවන්න කියලත් ලිව්වා.. හැබැයි විඝණකාධිපති තුමා මේ කතාව පහුගියදා ආයෙත් කියල තිබුනා..

මේ යෝජනාව මේයර් මුසම්මිල් කොහෙ ගහගත්තද දන්නෙ නෑ.. ටික දවසකින් මාව අනුප්‍රාප්තිකයෙක්නැතිව නිදහස් කරන්න කැමතියි හැබැයි මම ඉල්ලන්න ඕනෙ කියල පණිවිඩයක් ආවා.. එක වරක් ඔබට මා එපානම් සියදහස් වාරයක් එපා ඔබ මට එපා කියල මම එන්න ආව..

organicwaste

Reciaim

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top